සියලු අමාත්‍යංශ ව්‍යාපෘති කාර්යාල ජනාධිපති නියමයෙන් තහනම් ; සේවකයින් ඉවතට !

සියලු අමාත්‍යාංශවල ඇති ව්‍යාපෘති කාර්යාල වසා දමන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නියෝග කොට ඇත . ව්‍යාපෘති වැඩ සඳහා අමතර සේවකයින් යොදා නොගත යුතු බවත් එම කටයුතු අමාත්‍යංශ කාර්ය මණ්ඩල මගින් ඉටුකළ යුතු බවත් සියලු අමාත්‍යංශ වෙත දැන්වා යවා ඇත්තේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු නියෝගයක් මගිනි.
ව්‍යාපෘති කාර්යාල හා කාර්ය මණ්ඩල සඳහා මුදල් වෙන් නොකරන ලෙස ද එමගින් වැඩි දුරටත් දන්වා තිබේ.
රජයේ සංවර්ධන ව්‍යාපෘති සියල්ල ම පාහේ ක්‍රියාත්මක වන්නේ විශේෂ ව්‍යාපෘති ලෙස හා ව්‍යාපෘති කාර්යාල මගිනි. විදේශ ආධාර ලබන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති කාර්යාල පවත්වාගෙන යන්නේ ආධාරදෙන රටවල හා ආයතනවල අධීක්ෂණය යටතේ ය. ඒ සියල්ල වසා දැමීම මෙම නියෝගය අනුව සිදුවනු ඇත.
මෙයින් වෘත්තිකයන් සහ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි වන බව වෘත්තීයවේදීහු කියති.
