රාජ්‍ය ආයතන පෝලිමක් වසාදැමීමට යයි…

රජයට අයත් විවිධ ක්ෂේත්‍රවල ආයතන 10කට ආසන්න සංඛ්‍යාවක රැකියා අහිමිකරමින් වසාදැමීමට ලේඛන ගත කර තිබේ.

මේ අතරින් 04ක් පිළිබඳව තොරතුරු හෙළිවන්නේ පසුගිය අගෝස්තුමස 09වන දින නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය. අමාත්‍යාංශවලට රාජ්‍ය ආයතන වෙන් කරන ලද මෙම ගැසට් පත්‍රයට අනුව මුදල් අමාත්‍යාංශය යටතට එම ආයතන පත්කර ඇත. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, වනජීවී භාරය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව එම ආයතන වේ.

ඊට අමතරව ඈවර කර වසාදැමීමට නියමිත රජ්‍ය ආයතන 06ක් පිළිබඳව පසුගිය 2019 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත්කර තිබෙන මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ දක්වා ඇත. එම ආයතනනම් CWG හම්බන්තොට, මිහින්ලංකා සමාගම, ලංකා සැබ්‍රික් ලිමිටඩ්, රජරට ෆුඩ් ග්‍රේණ් ලිමිටඩ්, රාජ්‍ය සම්පත් කලමණාකරන සමාගම සහ ලංකා පිඟන් සංස්ථාව එම ආයතන වශයෙන් නම් කර තිබේ.

මෙම ආයතන අතරින් CWG හම්බන්තොට යනු 2011දී පිහිටුවන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලංකාවට ලබාගැනීමේ අපේක්ෂාවෙන් කටයුතුකරන ලද ආයතනයක් ය. එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ සඳහා රුපියල් මිලියන 100කට අධික මුදලක් වැය කර තිබූ අතර එම ආයතනයේ ප්‍රධානීන් වශයෙන් එවකට මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් පත්ව සිට ඇත.

මේ වනවිට රජයට අයත්ව තිබූ ජාතික යන්ත්‍රෝපකරන ආයතනය වසා දමා ඇති අතර විදේශරැකියා නියුක්ති කාර්යාංශයේ සේවකයන් ඔක්තෝබර් 01 සිට නිවාඩු යවා වැටුපෙන් අඩක් ලබාදීමට මේ වනවිටත් කටයුතු සැලසුම් කර තිබේ. එහෙත් වසාදැමීමට යන ඉහත රාජ්‍ය ආයතන 10 කෝවිඩ් වසංගතය පැමිණිමට පෙර සිටම සූදානම්කර තිබූ බව එම මූලාශ අනුව තහවුරු වේ.

LANKATRUTH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *