රනිල්ගෙන් පසු එජාප නායකයා මා නොවී වෙන අයෙකු විය හැකියි – නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

තමා එජාප නියෝජ්‍ය නායක වුව ද අනාගත නායකයා තමන් බව එයින් අදහස් නොවන බවත් , අනාගත නායකයා තමන් නොවී වෙනත් අයකු වියහැකි බවත් , එජාප නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අනාගත නායකයා තමන් බවට කිසිදු සහතිකයක් හෝ පොරොන්දුවක් නැති බවත් දැනට සිදුවුයේ පුරප්පාඩු වී තිබු නියෝජ්‍ය නායක ධුරය පත්කිරීම පමණක් බවත් විජය වර්ධන මහතා කියයි.

නියෝජ්‍ය නායක ධුරයට පත් වූ විජයවර්ධන මහතා කැලණිය විහාරය වන්දනාමාන කර ගැනීමෙන් පසුව මාධ්‍යකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන් භාර නොගන්නා  බව ද ඒ මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *