20ගැන අධ්‍යයනය කිරීමට නීතිඥ සංගමයෙනුත් විශේෂඥ කමිටුවක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.
නීතිඥ සංගමයේ නායකත්වය වෙත සාමාගිකත්වයෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම පත්කිරීම සිදුකොට තිබේ .
ඒ ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතාගේ සභාපතිත්වයෙනි. එම කමිටුවේ ජනාධිපති නීතිඥවරුන් 13 දෙනෙකු සහ තවත් නීතිඥවරුන් දෙදෙනෙකු සාමාජිකත්වය දරයි.
අදාළ කමිටුව විසින් විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් සැළකිල්ලට ගැනීමට නියමිතය.
20 වන සංශෝධනය පිළිබඳව නීතිඥ සංගමයේ ස්ථාවරය මෙම කමිටු වාර්තාව ලැබුණු පසු තීරණය කරනු ඇත.
