එජාප නායකත්ව ගැටුම උග්‍රයි ; කෘත්‍යාධිකාරිය කල් දමයි

එජාප මීළඟ නායකත්වය සඳහා නම් ගණනාවක් ඉදිරිපත්වීම නිසා ඇතිවී තිබෙන ගැටුම උග්‍ර අතට හැරී ඇති බවත් එමනිසා මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සතිය දක්වා කල් දමා ඇති බවත් වාර්තා වෙයි.

පක්ෂයේ මීළඟ නායකත්වයට අට දෙනෙකු හිමිකම් ප්‍රකාශ කොට ඇති බව කියති . ඒ අතරින් කරු ජයසුරිය , රුවන් විජේවර්ධන සහ වජිර අබේවර්ධන මහත්වරුන් අතර සටන බලවත් බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මෙම පාර්ශව අතර සම්මුතියක් සඳහා දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බව ද දැනගන්නට ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල්දමා ඇත්තේ පාර්ශව අතර කිසියම් එකඟත්වයක් සඳහා උත්සාහ දැරීමට බව ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *