20 සංශෝධනය එයි : ව්‍යවස්ථා සභාව අහෝසියි : ඇමති මණ්ඩලයට සීමාවක් නෑ : සියලු බලය ජනපතිට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන 20 වැනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට ඇති අතර එමගින් ව්‍යවස්ථා සභාව අහෝසි කිරීමට යෝජනා කොට ඇත. ඒ වෙනුවට පාර්ලිමේන්තු කමිටුවක් පත් කරනු ලබන අතර එයට පැවරෙන්නේ ජනාධිපතිගේ පත් කිරීම් වලට අදාළව නිරීක්ෂණ ලබාදීමේ බලය පමණකි. සියලු පත්කිරීම්වල බලධාරියා වන්නේ ජනාධිපතිවරයා ය.
ඇමති මණ්ඩලය සඳහා 19 වන සංශෝධනය මගින් පනවා තිබු 30 ක සීමාව ඉවත්කොට ඇති අතර ඇමති මණ්ඩලයේ ප්‍රමාණය සහ විෂයයන් මෙන් ම අනෙක් සියලු බලතල ද ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ.
වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට 19 ට පෙර තිබු බලය යලි ලබා දී තිබේ.
රාජ්‍ය අංශයේ දුෂණ මැඩලීම සඳහා පිහිටුවා තිබු විගණන කොමිසන් සභාව සහ ප්‍රසම්පාදන කොමිසන් සභාව 20 වන සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමග අහෝසි වෙයි.
එමෙන් ම මැතිවරණ කොමිසම සහ වෙනත් කොමිසන් සභාවලට දී තිබු ඇතැම් බලතල ඉවත්කොට එම බලතල කැබිනට් මණ්ඩලයට ලබාදීම ද නව සංශෝදනය මගින් සිදුකිරීමට යෝජිත ය.
ජනාධිපතිවරයාට 19 වන සංශෝධනයට පෙර තිබු බලය මෙමගින් වඩා සුරක්ෂිතව යලි ලබා දී තිබේ.
