කංසා තහනම ඉවත් කළයුතු බව ඇමති බන්දුලත් කියයි

කංසා වගාකිරීමට සුද්දන් පැන වූ තහනම ඉවත් කොට අපනයන වගාවක් ලෙස කන්සා වගා කළ යුතු බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. කංසා වගාව සඳහා විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වල සහය ලබාගත හැකි බවත් , ආරක්ෂිත ක්‍රමවේද යටතේ මෙම වගාව සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා පෙන්වාදී තිබේ. සුද්දන් විසින් අපරටේ කන්සා වගාව තහනම් කරනු ලැබුව ද වෙනත් රටවල එම වගාව කළ බව ද බන්දුල ගුණවර්ධන මහතා කීය.
හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා මෙන්ම හිටපු දේශීය වෛද්‍ය ඇමති තිස්ස කරල්ලියද්ද මහතා ද කංසා වගාව නීතිගත් කළ යුතු බව ප්‍රකාශ කොට තිබිණි.
