එජාපයෙන් කැපුණු කරුට දුරකතනයෙන් ඇමැතුමක්

තම පක්ෂය සමඟ එකතු වී ඉදිරි දේශපාලන කටයුතු කරන්නැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතාට සමඟි ජන බලවේගයෙන් ආරාධනා කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කරු ජයසූරිය මහතා පත් කිරීමට නොහැකි බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා (25) කෘත්‍යාධිකාරී මණ්ඩලයට කළ දැනුම්දීමෙන් පසු සමඟි ජන බලවේගය මෙම ආරාධනාව කර තිබේ.

නව නායකත්වය සඳහා කරු ජයසූරිය මහතා පත් කර ගත යුතු බව පක්ෂයේ උපනායක රවී කරුණානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් යෝජනා කර තිබුණ ද පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හෝ ජාතික විධායක සභාවේ නැති අයකු පක්ෂයේ තනතුරක් සඳහා තෝරා පත්කර ගත නොහැකි වීමෙන් ඔහුගේ නම ප්‍රතික්ෂේප වී තිබිණි.

නදී මාණික්කගේ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *