සුහද ගම්ලත් නීතිපති දෙපාර්තුමේන්තුවෙන් ඉවතට !
නීතිපති තනතුරේ වැඩ බැලුවද තනතුර ස්ථිර නොකළ සුහද ගම්ලත් මහතාට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පිටත වෙනත් තනතුරක් ලබාදීමට රජය තීරණය කොට ඇති බව දැනගන්නට ඇත . ඔහුට ශ්‍රේෂ්ටාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් හෝ එවන් උසස් තනතුරක් හිමිවනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි .
සුහද ගම්ලත් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ජෙෂ්ටතම නිලධාරියා වුවද ඔහුට නීතිපති තනතුර හිමි නොවුයේ පසුගිය කාලයේ ඔහුගේ ක්‍රියාකාරිත්වය පිලිබදව පැවතී විවේචන හේතුවෙනි. අලුතින් පත්වූ නීතිපති ජයන්ත ජයසුරිය මහතාට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අභියෝගයකින් තොරව කරගෙන යාමට අවස්ථාව සැලසීම සදහා ගම්ලත් මහතා ඉන් ඉවත වෙනත් තනතුරකට පත්කර යැවීම අවශ්‍ය බව රජයට පෙනීගොස් ඇති බව කියති .
