මැතිවරණ කොමිසමේ ඉල්ලීම අනුව රට විවෘතකිරීම කල් දමයි !

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීම කලින් ප්‍රකාශ කොට තිබු පරිදි අගෝස්තු 1 දා හෝ ඊට පෙර සිදු නොවනු ඇතැයි වාර්තා වෙයි
මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මැතිවරණය අවසන් වන තෙක් ගුවන් තොටුපල විවෘත නොකරන ලෙස මැතිවරණ කොමිසන් සභාව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් බව ද දැනගන්නට ඇත.
පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී මැතිවරණ කොමිසන් සභාව ඉල්ලා ඇත්තේ තවත් කොවිඩ් 19 රැල්ලක් ඇති වුවහොත් මැතිවරණය පැවැත්වීම දුෂ්කර වන නිසා රට විවෘත කිරීම මැතිවරණය පසු වනතෙක් කල් දමන ලෙසයි.
කෙසේ වෙතත් සංචරක කර්මන්තයේ නියුතු වුවන් කියන්නේ කොවිඩ් වසංගතයට අපට වඩා දරුණු ලෙස ගොදුරු වූ යුරෝපය හා වෙනත් රටවල් ඉක්මනින් ගුවන් තොට විවෘත කරන ආකාරයට ම අපේ ගුවන් තොටුපල ද විවෘත නොකළ හොත් ආර්ථික විනාශය තවත් දරුණු වන බවයි.
