MCC මුදල් ලැබුනාද ? නැද්ද ? දන්නේ නැහැ – මහාචාර්ය ගුණරුවන්

ඇමෙරිකානු MCC ගිවිසුම යටතේ මුදල් ලැබුනාද? නැද්ද කියා  තමන් නොදන්නා බව එම ගිවිසුම ගැන අධ්‍යයනය කොට වාර්තා කළ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රකාශ කොට ඇත.

ඒ මහතා තම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙමින් ප්‍රකාශ කළේ මෙම ගිවිසුමට අවස්ථා දෙකක දී ආණ්ඩුව අත්සන් තබා ඇති බව හා එම අවස්ථා දෙකේ දී ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාගෙන ඇති බවයි . එම ලබාගත් මුදල් ගැන ගිණුම් වාර්තා නැති බව ද ඒ මහතා පැවසී ය.

එයට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ එබඳු කිසිදු මුදලක් ලබා දී නැති බවයි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රුවන් විජේවර්ධන මහතා අභියෝග කළේ කිසිවකු එලෙස මුදල් ලබාගෙන ඇත්නම් රජය ඒ බව රටට හෙළිදරවු කළයුතු බවයි.

මේ පිළිබඳව SUNDAY TIMES පුවත්පත කළ විමසීමක දී එකී  මුදල් ලබාගත්තා ද යන්න තම නොදත් බව මහාචාර්ය ගුණරුවන් මහතා කියා  ඇත.

එම පුවත්පත් වාර්තාවේ මෙසේ සඳහන් ය.

Reacting to these remarks, Experts Committee Chairman Prof. Lalithsiri Gunaruwan told the Sunday Times, “We have not mentioned in our report whether the grant money came or not.” Pointing out “we do not know either way,” he said in the process of examining the compact, “we came across two preparatory agreements which were signed in 2017 and 2018.” Insisting that he was not pointing fingers at anyone, Prof. Gunaruwan added that “this development is curious.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *