අරන්තලාව භික්ෂු ඝාතනයට, පොලිසියේ 600ක් ඝාතනයට කරුණා අම්මාන්ට චෝදනා !

අලිමංකඩ දී හමුදා භටයන් 2000ක් 3000ක් ඝාතනයට පමණක් නොව අරන්තලාවේ දී සිදු වූ භික්ෂු ඝාතනයට සහ නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600 කට වැඩි පිරිසක් ඝාතනය කිරීමට ද කරුණා අම්මාන් වගකිව යුතු බව විපක්ෂ ක්‍රියාකාරිකයෝ කියති.

මෙම කාලයේ නැගෙනහිර පළාතේ එල් ටී ටී ඊ යේ හමුදා  නායකත්වය දැරුවේ කරුණා අම්මාන් ය. ඉහත කී ඝාතන දෙකම මෙහෙයවන ලද්දේ ඔහු විසින් බව කියති.

එවකට පැවති ජනාධිපති ප්‍රේමදාස මහතාගේ  ආණ්ඩුවේ උපදෙස් මත එල් ටී ටී ඊ යට යටත් වූ හමුදා නිලධාරීන් මරා  දැමීමට කරුණා පුද්ගලිකවම අණ දුන් බව කියති.

මෙම කරුණු හෙළිදරවු කළ වාර්තා වරින් වර ජන මාධ්‍යවල ද පල වී ඇති බව විපක්ෂ ක්‍රියාකාරිකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *