මහ මැතිවරණය අගෝස්තුවේ ?

දැනට සිදුවෙමින් පවතින නීතිමය ක්‍රියාදාමයට අනුව මහ මැතිවරණය අගෝස්තු මාසයේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ විභාගවන පෙත්සම් වල තීන්දුව ලැබීමට තවත් දින කිහිපයක් ගතවීමට ඉඩ තිබීමත් , කොවිඩ් තත්ත්වය යටතේ විශේෂ විධිවිධාන යොදා ගනිමින් මැතිවරණය පැවැත්වීමට දින 70 ක කාලයක් යන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කිරීමත් අනුව ගණන් බලන විට මැතිවරණය අගෝස්තු මාසයට පෙර පැවැත්වීමට හැකියාවක් නැති බව ගණන් බලා ඇත.

එමෙන් ම කොවිඩ් වසංගතය නිසා මැතිවරණය දිගින් දිගට කල් දැමීමේ හැකියාවක් නැති බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට ඇත. ඒ අනුව ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා ප්‍රකාශ කොට ඇත.

එලෙස මැතිවරණය පැවැත්වීමේ දී නිලධාරීන් වැඩි පිරිසක් යොදාගැනීමට සිදුවන බවත් වැඩි වියදමක් දැරීමට සිදුවන බවත්  අධ්‍යක්ෂ ජනරාල් තුමා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

පසුගිය පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පවත්වන ලද්දේ 2015 අගෝස්තු 16 දා ය. එම පාර්ලිමේන්තුව පළමු වරට රැස්වුයේ එම වසරේ සැප්තැම්බර් 02 දා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *