අද තවත් ආසාදිතයන් 31 ක් ; කොවිඩ් ආසාදිතයන් දහස ඉක්මවයි ; සියයට හැටක් නාවික හමුදාවෙන් !

අද දිනයේ තවත් ආසාදිතයන් 31 ක් වාර්තාවීමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව  දහස ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති අසාදිතයන් ප්‍රමාණය 1023 ක් දක්වා ඉහළ යනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.   අද දිනයේ සවස් වනවිට  පමණක් ‍නව ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගෙන තිබිණි.

 සවස් වනවිට හඳුනාගෙන තිබු රෝගීන් 28 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. රාත්‍රී වනවිට තවත් ආසාදිතයන් තුන් දෙනකු හඳුනාගත් බව වාර්තා වීය. ඒ අනුව අද හඳුනාගත් මුළු සංඛ්‍යාව 23 කි.

මෙම පිරිසත් සමග වැලිසර නාවික හමුදා කොව්ඩ් පොකුරෙන් හමු වූ සංඛ්‍යාව 600ක් ඉක්මවා ගොස් ඇත. එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් සියයට හැටකි.

  එසේම අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව  569 ක් බවට පත්වී ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *