රාජගිරිය,කොළොන්නාව දෙදෙනා හා ජාතික රෝහලේ හෙද නිලධාරිනිය ඌන ආසාදිතයින් ලෙස ලැයිස්තුවෙන් ඉවතට

ඊයේ දිනයේදී රාජගිරිය බණ්ඩාරනායකපුර,කොළොන්නාව ප්‍රදේශවලින් හා ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොරෝන වෛරසය අසාදනය වී නොමැති බව ද,  ඔවුන් ඌන ආසාදිතයින් බව  පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

අද COVID 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ජාසිංහ මහතා මේ බව පැවසීය.

ඔවුන් ඌන ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙන බවද ඒ අනුව ඔවුන්ගේ නම් ආසාදිත ලැයිස්තුවෙන් ඉවත්කළ බව ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *