ඒකීය භාවයට අභියෝග කරන්නේ අන්තවාදීන් යැයි මා කිවේ නෑ – ලාල් විජේනායක
සිලොන් ටුඬේ පුවත්පතේ පසුගිය දා පල වූ ලිපියක, ඒකීය භාවයට අභියෝග කරන්නන් අන්තවාදීන් බවට තමා කළා යැයි කියන ප්‍රකාශය සත්‍යයෙන් තොර යැයි නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබාගැනීමේ කොමිසමේ සභාපති ලාල් විජේනායක මහතා යුක්තිය කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේ ය. විජේනායක මහතාට අනුව මීට පෙර කිහිප වතාවක් එම පුවත්පතට සම්මුඛ සාකච්ඡා ලබා දී ඇති නමුත් කොමිසමේ සභාපති ලෙස තමා පත් වූ පසුව මේ පුවත පලකල රුවන් ජයකොඩි නමැත්තාව ඔහුට හමු වී නැත.
කොමිසමේ සභාපතිවරයා ලෙස පත්වීමට පෙර එවැනි ප්‍රකාශයක් කළේ ද යනුවෙන් යුක්තියට කළ විමසීමට පිළිතුරු දුන් ඒ මහතා, එවැනි ප්‍රකාශයක් නොකළ බවත්, පලකර ඇති උක්ත ප්‍රකාශය නිවැරදි කරන ලෙස රුවන් ජයකොඩිට හා සිලොන් ටුඬේ කර්තෘට දන්වා ඇතත් මේ දක්වා එය නිවැරදි කිරීමට කටයුතු කර නැති බව ද කියා සිටියේ ය. තමාට පැවරී ඇති කාර්ය වෙන්නේ නව ව්‍යවස්ථාව පිළිබඳ රටේ ජීවත්වන විවිධ පාර්ශවයන්ගේ අදහස් ලබාගෙන අදාළ ආයතනයට ඉදිරිදිපත් කිරීම විනා තමන්ගේ මතය ප්‍රකාශ කිරීම නොවන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ලබන සඳුදා මේ පිළිබඳව පැහැදිළි ප්‍රකාශයක් කිරීමට මාධ්‍ය හමුවක් පැවැවීමට තීරණය කර ඇති බව ද විජේනායක මහතා වැඩිදුරටත් යුක්තියට පැවසී ය.
