නාම යෝජනා අවලංගු කරන්නැයි සජිත් ඉල්ලයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කොට පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත . එසේ කළ හොත්  භාරගත් නාම යෝජනා ඇතුළු මැතිවරණ ක්‍රියාවලිය ම අවලංගු වෙයි.

ආණ්ඩුව සහ සමගි ජන බලවේගය අතර ඊයේ පැවති සාකච්ඡාවේ දී සජිත් ප්‍රේමදාස මහතා මෙම ඉල්ලීම කර ඇත.

එයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ විසුරුවා හැරීමකින් පසු පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ හදිසි නීතිය සම්මත කිරීමට පමණක් බවයි. හදිසි නීතිය පැනවීමට තමන්ගේ අදහසක් නැති බව ජනාධිපතිතුමා පවසා ඇත.

ආණ්ඩුව හා සමගි ජන බලවේගය අතර මෙම සාකච්ඡාවට ආණ්ඩුව පැත්තෙන් ජනාධිපති, අගමැති, ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිටිය ද සජිත් පාර්ශවයෙන් සිටියේ සජිත් හා රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පමණකි. සජිත් පිලේ අනෙක් ප්‍රබලයින් කිසිවකු එයට සහභාගී වී සිටියේ නැත.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *