ප්‍රගීත් එක්නැලිගොඩ ගේ යයි කියන හඬ පටයක් හමුදාව සී අයි ඩී යට දීලා ! ඉල්ලු තොරතුරු නෑ .
අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කදවුරේ සිටියදී ලබාගත් ප්‍රකාශයක් බව කියන හඬ පටයක් හමුදාපතිවරයා විසින් රහස් පොලිසියට භාරදී ඇති ඉල්ලා සිටි වෙනත් තොරතුරු කිසිවක් ලබාදී නැති බව තතු දත් ආරංචි මාර්ග කියයි . ලබාදී ඇති හඬ පටයේ අව්‍යාජ බව සහතික කර ගැනීමද රහස් පොලිසියට ප්‍රශ්නයක් වී ඇති බව කියති .
පසුගියදා හෝමාගම අධිකරණය නියෝග කලේ මෙම පරීක්ෂණයට හමුදාපතිවරයා සහය නොදෙන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙසයි . මෙලෙස හඬ පටයක් භාරදීමට හමුදාව ක්‍රියාත්මක වී ඇත්තේ ඉන් පසුවය . ගිරිතලේ හමුදා කදවුරේ ප්‍රගීත් රදවා සිටියදී එහි ආ ගිය උදවිය පිළිබද තොරතුරු ආදී රහස් පොලිසිය ඉල්ලා සිටි වෙනත් තොරතුරු ලබාදීමට හමුදාව මේ වනතෙක් ක්‍රියාකොට නැත .
