රාජ්‍ය ආදායම් අහිමි කරගෙන. ඡන්දය වෙනකල් අපායේ ඉන්ටවල් – විජිත් විජයමුණි සොයිසා
රාජ්‍ය ආදායම් අහිමි කරගනිමින් දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ආණ්ඩුව දැනට අපායට ඉන්ටවල් දී ඇතත් මහමැතිවරණයෙන් පසු ජනතාව මත බර පැටවීමට සූදානමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා චෝදනා කරයි.
“අපි ඉතා පැහැදිලිව කියනවා, මේ රජය යන මාවත හානා හීය පානා අඬහැරෙන් පෙනේ කිව්වා වගේ අපි කියන්නෙ මේ පාර්ලිමේන්තු මැතිවරණය වෙනකල් අපායේ ඉන්ටවල් එක. දැන් නම් බොහොම ආකර්ෂණීය පොරොන්දු දෙනවා. දැන් යමපල්ලො නිදි. යමපල්ලො දීලා තියෙනවා පොඩි ඉන්ටවල් එකක්. සහන කාලයක්. මැතිවරණයෙන් පස්සෙ මේවා මීට වඩා තීව්ර කරලා ජනතාව මත බර පටවලා එම්සීසී අත්සන් කරලා යන්නයි ඉන්නේ.
දැන් කියනවා කිලෝමීටර් ලක්ෂයක් මාර්ග හදනවාලු, කෝ සල්ලි ? දැන් කියනවා රැකියා ලක්ෂයක් දෙනවලු, කෝ සල්ලි ? කෝ භාණ්ඩාගාරයේ සල්ලි ? රාජ්‍ය ආදායම අහිමි කරගෙන තියෙනවා, බදු ආදායම බිලියන 900ක්.

අද ආණ්ඩුව පාර්ශව දෙකක් ඉන්නවා. එකක් වියත්මග, අනික බඩ වියත් මග. අද මේ දෙක අතරේ ගැටුමක් තියෙනවා. මේ අවුල පිපිරෙනවා. මේ අවුල ප්‍රසාරණය වෙනවා. මේ අවුල ඉදිරියේදී ජනගත වෙනවා. අද මේක බලය තුළ වසාගෙන සඟවාගෙන ගියත් ඒක සඟවන්න බැරිවෙන වෙලාවක් එනවා. වසා තැබිය නොහැකි තත්වයක් ඇති වෙනවා.
ඒ නිසා අපට, මේ පනස් පන් ලක්ෂයට ලොකු ඇශුවරන්ස් එකක් තියෙනවා. මොකද්ද, පාර්ලිමේන්තු බලය ගන්න පුළුවන්. පාර්ලිමේන්තු බලය ලබාගැනීමේ හැකියාව තියෙනවා, හැබැයි එකමුතුකමෙන්. එකමුතු නැත්නම් ඉතිං කම්මුතු වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විජිත් විජයමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
RN
LANKANEWSWEB
