19න් ජනපතිට කලිසම විතරයි ෂර්ට් එක නෑ, අගමැතිට ෂර්ට් එක විතරයි කලිසම නෑ – ඩිලාන්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට කමිසය නැතිව කලිසම පමණකුත් අග්‍රාමාත්‍යවරයාට කලිසම නැතිව කමිසය පමණකුත් අන්දවා ඇති තත්වයක් මතුව ඇති බවත් එහෙයින් වහාම එම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි. 

“19 වන සංශෝධනයට අපි අත ඉස්සුවේ 20 වන සංශෝධනය හරහා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අපට දුන්නු පොරොන්දුව මත පමණයි. අවසානයේ 19 වන සංශෝධනයෙන් ලංකාවේ පාලන බල අධිකාරී මධ්‍යස්ථාන තුනක් ඉස්සරහට ආවා. 

විධායක ජනාධිපතිතුමාගේ ෂර්ට් එක ගැලෙව්වා කලිසම විතරක් තියලා. අගමැතිතුමාට ෂර්ට් එක ඇන්දුවා කලිසම නැතුව. තව තව කෑලි කෑලි බලහත්කාරයෙන් කථානායකතුමා ඇඳගත්තා. 

19 වන සංශෝධනය වහාම අපි ඉවත් කරන්න ඕනෙ. ඒ ඉවත් කරනකොටම මැතිවරණ ක්‍රමය පිළිබඳවත් අවශ්‍ය සංශෝධන ගෙන ආ යුතුමයි” යනුවෙනුයි ඒ මහතා පැවසුවේ. 

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN

LANKANEWSWEB



Leave a Reply

Your email address will not be published. Required fields are marked *