සුනාමියේ රුදුරු අත්දැකීම් – 3 : සිපිරිගෙදර තාප්පය බිඳගෙන දෝරේ ගැලූ මනුස්සකම

සුනාමිය, විනාඩි කීපයක් තුළ ඇති වී, නැති වී ගියේ, මිනිසුන්ගේ මනුස්සකම් මෙන්ම, අමනුස්සකම් ද ප‍්‍රකට කළ සිදුවීම් රැුසක් සනිටුහන්  කරමිනි. උතුම් මනුස්සකම ප‍්‍රකට කරමින්,  තම දිවි දෙවෙනිකොට, නන්නාදුනන දරුවෙකුගේ ජීවිතය මරුවාගෙන් උදුරා දෙමාපියන්ට දායාද කිරීමට කැප වූ සිරකරුවෙකුගේ උත්සාහය, කැපවීම, ජයග‍්‍රහණය ගැන තවත් අමරණීය සුනාමි කඳුළු කතාවක් වන ‘සිපිරිගෙදර තාප්පය බිඳගෙන දෝරේ ගැලූ මනුස්සකම’ මෙසේ ය……

artical - 3 - pix - 01artical - 3 - pix - 02   මාතර කොටුවේ, විල්ප‍්‍රඞ් ගුණසේකර මාවතේ අංක 108/2 දරණ නිවස පිහිටා ඇත්තේ බන්ධනාගාරය අසලමය. ධීවර රැුකියාව සිය ජීවනෝපාය කරගත් ඩිලාන් පේ‍්‍රමරත්න එම නිවසේ ගෘහ මූලිකයා වූ අතර ඔහුගේ ආදරණීය බිරි`ද වූ යේ රුවිනි දීපානි වීරසිංහයි.
රුදුරු සුනාමිය අනපේක්‍ෂිතව ඔවුන් කරා එන විට ඔවුන්ගේ වැඩිමල් පුතනුවන් වන හසිත රංගන නිවසේ නොසිටියේ ය. ඒ ඔහු සංස්කෘතික ප‍්‍රසංගයක් බැලීමට කලින්දා නිවසින් පිටව ගොස් ආපසු නොපැමිණි නිසාවෙනි. රුවිනි දීපානි එදින උදයේ වසර හතක් වන දෙවන පුතු ඉෂාන් මධුරංග ට හා  මාස අටක් වයසැති බාල පුතු නිසල නෙත්මිණ යන පුතුන් දෙදෙනාට ත‍්‍රිපෝෂ කවමින් සිටියා ය. මේ අතරතුර ඩිලාන් පේ‍්‍රමරත්න මහතා නිවසින් පිටව ගියේ තමා සමග මුහුදු රස්සාවේ යාමට පැමිණීමට නියමිතව සිටි මස්සිනාගේ ප‍්‍රමාදය නිසා ඔහුව සෙවීමටයි. මුහුදු වැල්ල දිගේ සිය මස්සිනාගේ මහ ගෙදර දෙසට යන විට ඩිලාන් දුටුවේ උපන්දා සිට වැල්ලේ ජීවත් වුවත් කෙදිනකවත් නොදුටු ආගන්තුක සිදුවීමකි. මුහුදු වතුර මීටර් සීයයක් පමණ ඈතට සි`දීගොස් වැලි තලාව අපූරුවට මතු වී තිබෙණ අයුරුය. ‘ෂා…. මූදු යන්නෙ නැති දවසක් නම් බෝල ගහන්න තිබුණා’ කියා ඔහු සිතින් මිමිණුවේය. ඒ සම`ගම ඔහු දුටුවේ පොල් ගසක් තරම් උසට මහා ජල ක`දක් ගොඩබිම දෙසට ඇදී එන බවය. ඔහු අවට සිටි පිරිසට ඒ බව කියමින් නිවස දෙසට දුවන්නට විය.
නිවසේ් සිටිය රුවිනි, පුතුන් දෙදෙනාට ත‍්‍රී පෝෂ කවා අවසන් වූවා පමණි. කෝච්චියක් එන ශබ්දයක් වැනි ශබ්දයක් ඇසීමෙන් මිදුලට විත් ඒ කුමක්දැයි කියා සොයා බැලීමට උත්සුක වී ඇත. ඇය දැක ඇත්තේ තාප්පයටත් උඩින් ජල ක`දක් එන බවය. මේ එම රුදුරු අත්දැකීම ඇය පවසන අයුරු ය.
‘හෝ….. ගාලා සද්දයක් ඇහුණා. හරියට කෝච්චියක් එනවා වගේ, සෙන`ග කෑගහනවත් ඇහුණා. මම එළියට බැහැලා බැලූවා. මම දැක්කා අල්ලපු ගෙදර තාප්පෙට උඩින් වතුර ක`දක් එනවා. එක පාරටම මම හිතුවෙ අල්ලපු ගෙදර වතුර ටැංකිය පුපරලා වතුර ගලනවා කියාලා. ඒත් එක්කම මට තේරුණා මෙච්චර විශාල වතුර පාරක් වතුර ටැංකියක් පුපුරලා එන්න බැරි විත්තිය. මම ළමයි දෙන්නත් එක්ක මේසය මතට නැගගත්තා. ඒත් එක්කම මුළු ගේම වතුරෙන් පිරුණා. මේසය කඩාගෙන වැටුණා. මගේ අතින් බාල පුතා අතහැරුණා. මම බාල පුතාව වතුරේ ඒ මේ අත අතගාමින් හොයන්න උත්සාහ ගත්තා. එතකොට දෙවෙනි පුතා මාව දාලා යන්න එපා කියලා මගේ සායෙ එල්ලූණා. මගේ පොඩි පුතා ගහගෙන ගියා. හොයාගන්න බැරිවුණා. කවුරුත් කෑ ගහනවා තමන්ගෙ දරුවෝ, මුණුබුරෝ හොයා දෙන්න කියලා. මමත් කෑ ගැහුවා. උළුවස්සේ එල්ලිලා පුලූවන්තරම් හයියෙන් කෑ ගැහුවා. මම හරිම අපහසුවෙන් දෙවෙනි දරුවවත් ළංකරගෙන උළුවස්සේ එල්ලිලා හිටියෙ.
ඔය අතරතුරේ වතුර පාරට හිර ගෙදර තාප්පේ බිමට පෙරලූණා. බිත්ති හතරකට කොටුවෙලා, නිදහස් සුවය වි`දින්න අපේක්‍ෂා කරමින් හිටිය හිරකරයන්ට නම්, කාටත් විපතක් වුණ සුනාමිය ආශිර්වාදයක් වෙලා. ඔවුන් කූඩුවකින් මුදාහල කුරුල්ලන් වගේ එළියට ආවේ සතුටින් ඉපිලෙමින්. සුනාමිය ඔවුන්ට කූඩුවෙන් එළියට ඉගිල්ලෙන්න දොර විවර කරළා දීලා විතරක් නෙමේ, ඒ සතුට සමරන්න සව්දිය පුරන්නත්  වාසනාවඋ උදාකරලා. හිරගෙදර තාප්පෙ අසලම පිහිටි මහින්ද විජේ්සේකර ඇමතිතුමාගේ රට බීම සාප්පුවේ බිත්ති කැඩිලා ගිහිල්ලා. ‘මත් පැන් දන්සැලක්’ වගේ අරක්කු බෝතල් අඩුක්කර තිබුණ රාක්ක විවර වෙලා තිබුණා. ඔවුන් නිදහස් දිවියක් ලැබීමේ සතුට සමරන්න මධුපානෝස්තවය පැවැත්වුවේ බෝතල් කටේ තියාගෙන. මධු විත පුරවා සව්දිය පුරන්න කුසලාන සොය සොයා ඉන්න තරම් හො`ද වෙලාවක් නෙමේ කියල ඔවුන්ට හිතෙන්න ඇති. ඉනවටක් තියන වතුර මට්ටම හිසටත් උඩින් යයිද කියලවත් හිතන්න ඔවුන්ට උවමනාවක් තිබුණෙ නෑ.
මේ අතර මවක් (රුවිනි දීපානි* සිය දරුවා හොයලා දෙන්න කියලා කෑ ගහන සද්දෙ ඔවුන්ට ඇහුණා. මධුපානෝත්සවයත්, තමන්ව යළිත් සිර ගෙදරට කොටුකර ගනීද කියන සිතුවිල්ලත් අමතක කළ සිරකරුවන් කීපදෙනෙක්, දරුවා හොයලා දෙන්න කියලා කෑගහන මේ අම්මගෙ හ`ඩට කන් දීලා, ඒ පැත්තට පීනල ගිහිල්ල දරුවව හොයන්න පටන් ගත්තා. ඔවුන් දිය යට ගිලෙමින් අත පත ගෑවේ දරුවව හොයන්න. එක් සිරකරුවෙක්ගේ කකුලේ යමක් දැවටෙනවා දැනිලා දියයට එබිලා කකුලේ දැවටුන දේ ගොඩට ගත්තා. මව හොයන දරුවා ඉ`දලා තියෙන්නේ නිවසේ අලංකාරයට තනලා තිබුණ හංස වැටේ හංස පූට්ටුවක හිරවෙලා. ‘අර අම්මා හොයා දෙන්න කියලා කෑමොර දෙන දරුවා මේ දරුවා බව සිරකරුවාට අමුතුවෙන් හිතන්න උවමනා වුණේ නෑ. ඔහු තම හිසට උඩින් දෑතින්ම දරුවව උත්සගෙන ජලය හා සුන්බුන් මැඳින් අමාරුවෙන් ගොඩ බිමට යාගන්න උත්සාහ කෙරුවා.  ‘මම එනකම් පොඞ්ඩක් නවතින්න. මමත් එනවා දරුවා ඉස්පිරිතාලේ ගෙනියන්න. ඔහොම පොඞ්ඩක් නවතින්න.’ තවමත් උළුවස්සේ එල්ලිලා ඉන්න දරුවගේ මව කෑ ගහලා කිව්වා. ‘නංගියේ උඹ, උඹ ළ`ග ඉන්න දරුවා බේර ගණින්. මං මේ කොලූපැටියා අරන් ඉස්පිරිතාලේ යන්නම්. මට උඹලා දෙන්න බේරගන්න ගියොත් මේ පොඩි එකා බේරගන්න බැරවෙයි.’ කියමින්ම ඔහු ගොඩට යාමට උත්සාහ කළේ මොහොතක ප‍්‍රමාදය අවාසනාව කැන්දන් ඒමට ඉඩ ඇති බව සිතුන නිසයි.
ඉතා අමාරුවෙන් දියෙන් ගොඩට සේන්දු වූ ඔහු මහපාර දෙසට ගියේ සුන්බුන් උඩින් පනිමින්, දෙපා වලට සිදුවන තුවාල, ලේ ගැලීම් ද නොතකමින් ය. වරක් දෙවරක් ඔහු බිම ඇද වැටුනත් දරුවා බිමට වැටෙන්නට නොදී බේරාගත්තේය. ඔහුගේ එකම අභිප‍්‍රාය වූයේ සිය දිවි අහිමි වුවත් ඒ දරුවා බේරාගැනීමය. ඒ ‘සිරකරුවන්ද මනුස්සයෝය’ කියන පාඨය ඉෂ්ට කිරීමට අවශ්‍ය නිසා නොව, සිරගතවන්නේ ද මනුස්සයන් නිසාවෙනි.
දරුවා ඔහුගේ කරමතය. දැන් ඔහු ප‍්‍රාණය නිරුද්ධ මළ කඳක් මෙනි. ඔහුට මද දුරක් යද්දී වැටහුනේ තමා මේ යන්නේ නිෂ්ඵල ගමනක් බවයි. නොමළ ගෙදරකින් අබ මිටක් ගෙන එන ලෙස බුදුරදුන් වදාළ ‘කිසාගෝතමී කතාවස්තුව’ හෝ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ගේ ‘මළවුන්ගෙන් නැගිට්ටවීමේ’ පුවත ඔහු නොදැන සිටියා වෙන්නට ඇත. තම උරමත සිටින මියගිය දරුවාට පණ දිය නොහැකි බවට ඔහුට පසක් වුවත්, ඔහු තම යුතුකම, තම උත්සාහය අත් නොහැරියේය. ඔහු කිලෝමීටර් දෙකක් පමණ දුර පිහිටි රෝහල කරා රළු බාධක උඩින් පණිමින්, වටෙක වැටෙමින් යළි නැගිටිමින් කඩිනම් ගමනින් යන්නට විය. ඔහුගේ ගමන් විලාසය අනුව කර මත සිටින දරුවා ද ගැස්සෙන්නට විය. එසේ ගැස්සීම දරුවාට ලබාදුන් කෘතිම ස්වසනයක් මෙන් විය. ගැස්සීම නිසා දරුවාට පෙවී තිබූ ජලය වමනය යන්නට පටන් ගත්තේය. ඒ වමනය සිරකරුවාගේ පිට දිගේ ගලන්නට විය. ඔහුට කිසිදු පිළිකුලක්, අපූලක් නොදැනුනේය. ස්වයංක‍්‍රීයව සිදු වූ ප‍්‍රථමාධාරය නිසා දෝ දරුවාට නැවත හුස්ම ගැනීමට හැකි විය. දරුවාගේ යම් වෙනසක් ඔහුට දැනිණි. ඔහු තව තවත් වේගයෙන් රෝහල කරා දිව්වේය. දරුවා එක අතකින් තමාගේ බෙල්ල බදා ගැනීමට උත්සාහ කරණු ඔහුට දැනුණි. ඔහුට ඇති වූ සතුට නිම්හිම් නොවීය. ‘උපන්දා සිට කරපු පව් නැති වීමට වරක් වත් කැළණි නොවැන්දත්’ ඔහුට තමා විසින් ‘උපන්දා පටන් කරන ලද පව් නිමා වී යැයි’ යන හැ`ගීම ඇති විය. ඔහුගේ දෑසට සතුටු කඳුළු පිරෙන්නට විය.
කඩිමුඩියේ රෝහලට ගොඩ වූ ඔහු දරුවා වෛiවරයෙක් අත තැබීය. රෝහල් ක‍්‍රියාපටිපාටිය අනුව සාමාන්‍යයෙන් සිදුකෙරෙන ලෙඩාගේ රෝග ඉතිහාසය විමසීම, ලෙඩා බාර දෙන තැනැත්තා විසින් අත්සන් කළයුතු ලියැවිලි පිරවීම, ලෙඩා බාර දුන්තැනැත්තාගේ නම සහ ලිපිනය ලියාගැනීම වැනි සාමාන්‍ය දෑ මේ අසාමාන්‍ය මොහොතේ ක‍්‍රියාත්මක නොවී ය. වෛiවරු ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයම තරාතිරම නොබලා කැපවී සිටියේ සුනාමි රකුසා පහරදුන් අයට ප‍්‍රථමාධාර දීමට ය. ඔවුන් සුවපත් කිරීමටය.
වෛiවරයා දරුවා රෝහලේ ඇඳක් මත තැබීය. දරුවා බාර දුන් සිරකරුවා දරුවා දෙස මොහොතක් බලා සිටිියේ ය. දරුවා ඇසිපිය හෙළණයරු දුටු ඔහුගේ ඇසිපිය එකිනෙක වේගයෙන් ගැටෙන්නට විය. තමාට කෙදිනකවත් උරුම වේයැයි නොසිතූ සතුටු කඳුළුවලට දෙනෙත ඉඩමදි විය. තමාගේ භූමිකාව හමාරය. වෛiවරුන් දරුවා සුවපත් කරනු ඇත. දෙමාපියන් විසින් දරුවා සොයාගනු ඇත. විනිසුරුවෙකුගේ තීන්දුවකින් තොරව, ප‍්‍රථම පුරවැසියාගේ විශේෂ අනුමැතියකින් තොරව ලද මේ අහඹු නිදහසින් ප‍්‍රයෝ්ජනය ගත යුතුය. නීතියේ රැුහැන තමා වටලන තෙක් තමාට නිදහස් ලොවක් ඇත. ඔහු සැහැල්ලූවෙන් එම ලොව වෙත පිය නැගීය.
සුනාමියෙන් තුවාල වූ සිය දියණිය රෝහල් ගතව ඇති බව දැනගත් පී.බී.පේ‍්‍රමරත්න මහතා සහ බිරි`ද සුමිත‍්‍ර ලතා රෝහලට ගියේ ඇය බැලීමට ය. පේ‍්‍රමරත්න මහතා දෙවුන්දර ගොස් සිටි නිසාත්, සුමිත‍්‍ර ලතා මහත්මිය මාතර ධර්මායතනයට සිල් සමාදම් වීමට ගොස් සිටි නිසාත් රුදුරු සුනාමි රකුසාගෙන් බේරීමට ඔවුන් වාසනාවන්ත වී තිබිණි.
ප්‍රෙමරත්න මහතා වාට්ටුවක් ගානේ ගොස් සිය දියණිය සොයන්නට විය. වාට්ටුවක් වාට්ටුවක් පාසා සිය දියණිය සොයන ඔහු අංක 15 වාට්ටුවට ද එබිකම් කර බැලූවේය. 15 වාට්ටුව පිළිසකර කිරීමට අස්පස් කර ඇත. එහි ලෙඩුන් කිසිවක් නැති නිසා සිය ලේලිය එහි සිටීමට බැරියැ යි සිතූ ඔහු වෙනත් වාට්ටුවකට යාමට සිතා ඊට පෙර තවත් වරක් එම වාට්ටුව සිසාරා දෙනෙත් යැවී ය.  ඔහු දුටුවේ ඇ`දක් මත  කුඩා දරුවෙකු (ෆිට් එක හැදී* ගැහෙමින් ද`ගලන අයුරුය. ‘කාගේ වුවත් දරුවෙක් නේදැ’ යි සිතූ ඔහු වහාම වෛiවරයෙක් වෙත ගොස්, දරුවාගේ රෝග තත්ත්වය ගැන පවසා කඩිනමින් රෝගී දරුවා වෙත කැ`දවාගෙන ආවේය. දරුවා තමාගේ මුණුපුරා බව හඳුනා ගන්නට පේ‍්‍රමරත්න මහතාට ටිකවෙලාවක් ගතවිය. දරුවාව දෙවන වතාවටත් ගොදුරු කර ගැනීමට මාරයා දැරූ උත්සාහය අසාර්ථක විය. දරුවා වහාම කරාපිටිය රෝහල වෙත රැුගෙන ගොස් එක්ස් රේ පරීක්‍ෂණ පවත්වා පෙනහැල්ලේ බැ`දී තිබූ දුහුවිලි ඉවත් කිරීමට ශල්‍යකර්මයක් කරන ලදී. ලේලිය බැලීමට රෝහලට ගිය සුමිත‍්‍ර ලතා දින තුනක්ම දරුවා ළ`ග සිටියේ තෙදිනකට පෙර අ`දින ලද සිල් රෙද්දවත් මාරු කිරීමට පහසුකමක් නොමැතිව ය.
සිය දරුවා ජීවතුන් අතර බව දැනගත් රුවිනි දීපානිට දැනුන සතුට නිම්හිම් නැතිවිය. ඇය තමාගේ ජීවිතයට වඩා අයැද සිටියේ සිය පුතාගේ ජීවිතයයි. දැන් එය ඇයට ලැබී ඇත. බාල දරුවා කරාපිටිය රෝහලේ සුවය ලබමින් සිටින බව දැනගත් දෙමාපියන් වැඩිමල් දරුවා වන හසිත තරංග ගැන සොයාබලන්නට විය. පෙරදා රැුයේ තොවිල් බලන්නට ගිය ඔහු තවමත් ගෙදර පැමිණ නැත. ඔහු නිරුපද්‍රිතව සිටින බව ඇය මුලසිටම සිතුවාය. ඇගේ සිතිවිල්ල නිවැරදිය. සුනාමිය සම`ග සටනක් කර ඔහු බේරී ඇත. ඔහු ගේ කතාව ඔහුගේ වචන වලින්ම මෙසේය.
මම ගෙදරට කියලා ගමේ තිබුණ සංස්කෘතික ප‍්‍රසංගයක් බලන්න කලින් දවසේ ? ගියා. ඒක විදේශිකයන්ට පෙන්වන්න සංවිධානය කරපු පහත රට නැටුම් ප‍්‍රසංගයක්. ප‍්‍රසංගෙ බලලා මම යාළුවෙකුගෙ ගෙදර නැවතුණා. නැවතිලා පහුවදා උදේ අපි තේ එකක් බිබී ස්ලැබ් එක උඩට වෙලා කතා කර කර හිටියා. එහෙම ඉන්නකොට ගමේ අක්කා කෙනෙක් කෑ ගහලා කිව්වා මූද ගොඩ එනවා කියලා. අපි ස්ලැබ් එකෙන් බැහැලා ඉස්සරහට ගියා. ඒ එක්කම වතුර පාරක් ආවා. යාළුව යි මමයි පන්සලේ තාප්පේ උඩට නැග්ගා. අපි හිටපු තාප්පෙ හැර අනික් තාප්ප කඩාගෙන වැටිලා, ඒවා උඩ නැගලා හිටිය කට්ටිය වතුර පාරට අහුවුණා. අපිට තාප්පෙ උඩ රැු`දිලා ඉන්න බැරි වුණා. වතුර පාර සැරට එනවා. අපි පීනලා ගිහින් චෛ්‍යතයේ කොතේ එල්ලූණා. එහෙම ගොඩක් වෙලා ඉ`දලා වතුර බැහැලා ගියාට පස්සෙ තමයි ගෙදර යන්න පුළුවන් වුනේ.
සිය දුවා දරුවන්, මුණුපුරු මිණිපිරියන් වෙනුවෙන් පේ‍්‍රමරත්න මහතා හා සුමිත‍්‍ර ලතා මහත්මිය කැපවී ඇත්තේ මතු පරපුරට ද ආදර්ශවත් ලෙසය. මුහුදට බිය නැති ඔවුන් අද ද මුහුදු රස්සාවෙන් ජීවත් වෙති.
සුනාමිය, විනාඩි කීපයක් තුළ ඇති වී, නැති වී ගියේ, මිනිසුන්ගේ මනුස්සකම් මෙන්ම, අමනුස්සකම් ද ප‍්‍රකට කළ සිදුවීම් රැුසක් සනිටුහන්  කරමිනි. උතුම් මනුස්සකම ප‍්‍රකට කරමින්,  තම දිවි දෙවෙනිකොට, අනුන්ගේ දරුවෙකුගේ ජීවිතය මරුවාගෙන් උදුරා දෙමාපියන්ට දායාද කිරීමට කැප වූ නන්නාදුනනා සිරකරුවෙකුගේ උත්සාහය, කැපවීම, ජයග‍්‍රහණය ගැන අමරණීය තවත් සුනාමි කඳුළු කතාවක් මෙසේ නිමා කරමි.
ඡුායාරූප හා සටහන
මනෝජ් රූපසිංහ.
මෙම තොරතුරු එක්රැුස් කිරීමේ දී මට සහය වූ කොට්ටාව සාර ප‍්‍රකාශන ගාමිණි වීරක්කොඩි සහ මාතර පී.බී. පේ‍්‍රමරත්න යන මහත්වරුන්ට විශේෂ ස්තූතිය හිමිවේ.
ඡුායාරූප:-
1. නන්නාදුනන සිරකරුවෙකු විසින් දිවි ගලවා දුන්, එදා වයස මාස අටක් වූ නිසල නෙත්මිණ.
2. සුනාමිය එද්දී වයස අවුරුදු හතක් වූ ඉෂාන් මධු සංඛ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *