සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම් බිල්ලා මවා පච වූ අය දැන් “මිලේනියම් චැලේන්ජ්” බිල්ලා මවති

පසුගිය කාලයේ සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම මහා බිල්ලෙකු ලෙස පෙන්වා විශාල ප්‍රචාරයක් කොට ජනාධිපති කොමිෂන් පරීක්ෂණයකින් එම බොරු හෙළිවීමෙන් නිරුවත් වු වෘත්තියවේදින් හා විපක්ෂ දේශපාලඥයන් දැන් මිලේනියම් චැලේන්ජර් සයයෝගිතා ගිවිසුම බිල්ලෙකු කරන්නට හදන බව ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෝ කියති.

මෙම පිරිස එදා කීවේ සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමෙන් පිටරටවල වෘත්තිකයන්ට නිදහසේ මෙරටට විත් සේවය කරන්නට ලැබෙන බව හා එයින් මෙරට වෘත්තිකයන්ට රැකියා නැති වෙන බවයි. එමෙන්ම එම ගිවිසුම නිසා මෙරටට කසල එවන්නට සිංගප්පුරුවට අවස්ථාව ලැබෙන බවද ඔවුහු කීහ. එමෙන්ම මෙරට වෙළෙඳ පොළ අල්ලා ගැනීමට එරටට ඉඩ ලැබෙන බවත් එය මහා දේශද්‍රෝහි ගිවිසුමක් බවත් කියමින් උද්ඝෝෂණ, වැඩ වර්ජන ද කළහ. අවසානයේ සිදුවුයේ ජනාධිපති කොමිසමක් පත්කොට පරීක්ෂණයක් කිරීමටයි.

ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙළිදරව් වුයේ ඉහත කී සියලු චෝදනා පදනම් විරහිත බවයි. සැබෑ නීතිමය කරුණු අධ්‍යනය නොකර ප්‍රකාශ කළ හිතළු බවයි. වෘත්තිකයන්ට නිදහසේ මෙරටට එන්නට හෝ කසල එවන්නට හෝ ඉඩක් එම සිංගප්පුරු  ගිවිසුමෙන් නොලැබෙ න බව ජනාධිපති කොමිසමේ නිගමනය වීය. ගිවිසුමට එල්ල කළ සියලු චෝදනා කොමිසන් වාර්තාව මගින් ප්‍රතික්ෂේප කොට තිබිණි.

කොමිසන් වාර්තාව පිටවන විට මෙම පිරිස සිංගප්පුරු ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමා තිබිණි. කොමිසන් වාර්තාව පිටවු පසු එය අධ්‍යයනය කරන්නට යැයි කියා නඩුව කල් දමාගත් එම කණ්ඩායම පසුව හිමින් සීරුවේ නඩුව ඉ ල්ලා අස්කර ගත්තේය. සිගප්පුරු වෙළෙඳ ගිවිසුම විරෝධය එලෙස අවසන් විය.

දැන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට එරෙහිව බොරු චෝදනා නගන්නේ එම නඩයමය. මෙමගින් ශ්‍රී ලංකාවේ ඉඩම් අක්කර දොළොස් ලක්ෂයක් ඇමෙරිකාවට පවරා දෙන බව එක් චෝදනවකි. එවැන්නක් ගිවිසුමේ නැති බව ආණ්ඩුවත් ඇමරිකාවත් කීවාට ඒවා කනකට ගන්නේවත් නැත.

මෙම ගිවිසුමෙන් කතා කරන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ආර්ථික කොරිඩෝවක් ගැනය. එය මෙරට සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා විද්වතුන් 3000ක් පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් වසර ගණනාවක් කළ අධ්‍යයනයකින් සකස් කළ ජාතික භෞතික සැලැස්ම නම් සංවර්ධන සැලැස්මේ කොටසකි. ඇමෙරිකාව කරන්නේ එය ක්‍රියාවට නැගීමට ආධාරයක් ලබාදීම පමණකි.

අනෙක් අතට මෙරට ඉඩම් එහෙම ගිවිසුම් මගින් පවරා දිය නොහැකිය. ඉඩම් බලය ඇත්තේ ජනාධිපති හා පළාත් සභා සතුවය. ඉඩම් පිළිබඳ ගෙනෙන ඕනෑම නීතියක් පළාත් සභා සියල්ලෙන් අනුමත විය යුතුය. ඉඩම් ලබාදීම අවසන් වශයෙන් කළ හැක්කේ ජනාධිපතිවරයාටය. තත්ත්වය එතරම් පැහැදිලිය. අක්කර දොළොස් දාහක් ඇමෙරිකාවට දෙනවාය කියා මහා බිල්ලෙක් මවන්නේ මේ කිසිවක් නොසලකාය.

අනෙක් අතට මෙමගින් ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගසන බවද කියන්නට හදයි. එවැන්නක් ද මෙහි නැත. එහි ඇත්තේ ආධාරය දෙන්නට සුදුසුකම් පරීක්ෂා කළ නිරීක්ෂණ කිහිපයයකි. අප රට දැනටමත් ඒ සුදුසුකම් සපුරා ඇත. කතාන්දරය එච්චරය.

පට්ට උගතුන් හා වෘත්තීය වේදින් ලෙස පෙනී සිටින මොවුන්ට මොළේ කළඳක්වත් තිබෙනවාද කියා අසන්නට සිදුවී ඇති බව උගත් ආර්ථික විද්‍යාඥයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *