උතුරේ ඡන්ද වර්ජන තැත අසාර්ථකයි

උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කරීමට ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළ දෙමළ පක්ෂවල සහය නොලැබීම නිසා ආසාර්ථක වී ඇත.
උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ කිසිදු සිංහල පක්ෂයකට සහය නොදෙන නමුත් ජනතාවට තමන් කැමැති ආකාරයෙන් ඡන්දය භාවිත කිරීමට ඉඩ හරින බවයි.
දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කොට ඇත්තේ තැපැල් ඡන්දයේ දී මහජනයාට කැමැති ආකාරයට ඡන්දය දෙන ලෙසයි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් වු පසුව තම සහය දීම ගැන තීන්දුව ගන්නා බව එම සන්ධානය ප්‍රකාශ කොට තිබේ.
