අපි අපේ රටයි, අපේ පක්ෂයයි ආරක්ෂා කළ යුතුයි කියල මම කියනව. පොහොට්ටුව දින්නොත් ශ්රී ලංකා නිදහස් පක්ෂයක් ඉතිරිවෙන්නෙ නෑ – කුමාර වෙල්ගම

ඇමකිනම ද ලොකු? අපේ රටද ලොකු? අපේ පක්ෂයද ලොකු? ඉතින් මම කියනව, මේ ඇමතිකම්වලට වැඩිය අපි අපේරටයි අපේ පක්යයි ආරක්ෂා කළ යුතුයි කියන එක. මම දන්නව, පොහොට්ටුව දින්නොත් ශ්රී ලංකා නිදහස් පක්ෂයක් ඉතිරිවෙන්නෙ නෑ. පොහොට්ටුව දින්නොත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙන්නෙත්, පොහොට්ටුවෙ සභාපතිත් වෙන්නෙත් රාජපක්ෂවරු. මම මේක හොඳට දන්නව. මම ඒ අයත් එක්ක හිටපු නිසා. පාර්ලිමේන්තු මන්ත්රි කුමාර වෙල්ගම මහතා මෙසේ කියා සිටියේ පක්ෂයේ හිතවතුන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවක දී ය. තවදුරටත් කතා කළ වෙල්ගම මහතා මෙසේද ප්රකාශ කළේය.
මම ආපස්සට යන්නෑ. දැන් අපි මේ සාර්ථක රැස්වීම ඉදිරියට ගෙනියන්න ඕනැ. චන්ද්රිකා නෝනගෙ නායකත්වයෙන් කුමාර වෙල්ගම මේකෙ නායකත්වය ගන්නව කියල කියන්න කැමතියි. මම පිටිපස්සට යන්නෙ නෑ. මම මහින්ද මහත්තයට උදව් කරන බව ඇත්ත. හැබැයි කාටවත් කියන්න බෑ මම පොහොට්ටුවට ගියැයි කියල. මම මහින්ද මහත්තයට උදව් කෙරුවේ 2015 දී. මෛත්රි මහත්තය ජයග්රහණය කෙරුවට පස්සෙ එක්කාසු කරපු රැස්වීමේ දි මම ඒකට විරුද්ධ වෙලා එළියට බැස්සා. එළියට බැහැලා මහින්ද මහත්තයත් එක්ක ගියා. එක ශ්රී ලංකා මන්ත්රිවරයෙක් මහින්ද රාජපක්ෂ මහත්තයට හිටියෙ නැහැ. හිටපු ඒකම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රිවරයා මේ කුමාර වෙල්ගම විතරයි කියන එක මම තමුන්නාන්සේලාට කියන්න ඕනැ.
නුගේගොඩ රැස්වීමට කවුරුවත් නගින්න බය වුණා. එතකොට තමුන්නාසේලාගේ පක්ෂෙ නායකතුමා කිව්වා, නැග්ගොත් මන්ත්රිකම අරන්දානව කියල. නමුත් මම බය නැතුව නැග්ගා. මම නැග්ගට පස්සෙ අනිත් අයත් නැග්ගා. ගොඩක් දේවල් තිබුණත් වෙලා යන නිසා මම කියන්නෑ. දැන් අපි ඉදිරි වැඩපිළිවෙලකට යන්න ඕ නැ.
මම මේ පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් වෙලා දැන් අවුරුදු 38ක් වෙනව. ඒ කියන්නෙ පරණම ආසන සංවිධායක වරයෙක් මම. දැන් මම අවුරුදු විසිපහක් පාර්ලිමේන්තුවෙ ඉන්නව. ඉතින් හොඳ අත්දැකීම් තියෙනව. මේ පක්ෂය ගැන හොඳට දන්නව. සිරිමාවෝ බණ්ඩාරනායක මට අපේක්ෂක්තවය දීලා මේ තැනට දිලා එන්න හදලා දුන්න මාර්ගය මම අදත් මෙනෙහි කරනව. මම එතුමියට අත් දෙක උස්සල අදත් වඳිනව. මොකද එතුමිය ඒ තරම් විශිෂ්ට කාන්තාවක්. මම චන්ද්රිකා නෝනගෙ ආණ්ඩුවෙ හිටිය. මහින්ද මහත්තයගෙ ආණ්ඩුවෙ හිටියා. ඒ නිසා මම හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්. මම කියන්නෑ සියල්ල දත් කෙනෙක් කියල. මට හොඳ දේශපාලන අත්දැකීමක් තියෙනව ඒවගේම මට හොඳට දුර පේනවා. ඒ නිසා තමයි මම මහින්ද රාජපක්ෂ මහත්තයට කිව්වේ දින පණස් දෙකේදී ඔයා අගමැතිකම ගන්න එපා කියල. දින පණස්දෙකේදී මම පැහැදිලිවම කිව්වා, මම කෑගහල කිව්වා ජී.ඒල්. පීරිස් මහත්තයලෑ ගෙදරදි. දින පණස් දෙකේ අගමැතිකම ගන්න එපා. ගත්තොත් ඔයාව වැටෙනව. අපිට 113 නෑ කියල. නමුත් ගත්තා මම සම්පූර්ණයෙන්ම ඇමතිකම ප්රතික්ෂේප කෙරුවා. 2015 මම සිරිසේන මහත්තයත් එක්ක හිටියනම් මට හොඳ ඇමතිකමක් ගන්න තිබුණ. නමුත් ඒකත් මම ප්රතික්ෂේප කළා. මම සීයට සීයක් දන්නවා පොහොට්ටුව දිනන්නෙ නෑ කියල. (අත්පොළසන් හඬ) හැබැයි පොහොට්ටුවෙ මම හිටිය නම්, ඒත් මට හොඳ ඇමතිකමක් හම්බ වෙනව. ඇමකිනම ද ලොකු? අපේ රටද ලොකු? අපේ පක්ෂයද ලොකු? ඉතින් මම කියනව, මේ ඇමතිකම්වලට වැඩිය අපි අපේරටයි අපේ පක්යයි ආරක්ෂා කළ යුතුයි කියන එක මම කියනව.
ඒක තමයි මම කෑගහල කියන්නෙ හැම තිස්සෙම මම හොඳ ශ්රී ලංකා කාරයෙක් කියල. මම ඒක බය නැතුව කියනව. මම එදා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නකොට, ආණ්ඩුව විසුරුවා හැරියට පස්සෙ මට ගන්න කිව්වා සාමාජිකත්වය. මම කිව්වා, නෑ මම ගන්නෙ නෑ. මොකද මම අවුරුදු තිස් අටක් හිටපු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ශ්රී ලංකා කාරයෙක්. ඒ කැළල මට නවත්වාගන්න බෑ. ඒ නිසා මම අනිවාර්යෙන්ම ශ්රී ලංකා කාරයෙක් හැටියට ඉන්නව කියල. අදත් මම කෑහල කියන්නෙ මම ඉතා හොඳ ශ්රී ලංකාකාරයෙක්. මම එහාට මෙහාට නොගිය පිරිසිදු ශ්රී ලංකා කාරයෙක්. ඒ නිසා මට විශාල කැක්කුමක් තියෙනව මේ පක්ෂය නැතිවෙන්න යන එක ගැන. මම දන්නව, පොහොට්ටුව දින්නොත් ශ්රී ලංකා නිදහස් පක්ෂයක් ඉතිරිවෙන්නෙ නෑ. පොහොට්ටුව දින්නොත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්, පොහොට්ටුවෙ සභාපතිත් වෙන්නෙත් දෙන්නම රාජපක්ෂවරු. මම මේක හොඳට දන්නව. මම ඒ අයත් එක්ක හිටපු නිසා.
මගෙ ගෙදරට ප්රහාරයක් එල්ල කරනකොට, කිසිම බඩුවක් මුට්ටුවක් ගෙනිච්චෙ නැති වුණාම, මම දන්නවා කෙරුවෙ කවුද කියල. නමුත් මම කියන්න යන්නෑ කවුද කෙරුවෙ කියල. මොකද මාත් ඒ ගොඩේ හිටපු නිසා. මම තමුන්නාන්සේලාට කියනව, දැන් අපි ඉස්සරහට යන්න ඕ නැ. අපි මෙතනින් නවතින්න බෑ. මේ හෝල් එක පිරෙන්න සෙනඟ හිටියා. මේ හිටියෙ හොඳ පිරිසිඳු ශ්රී ලංකාකාරයො. අනිත් එක මෙතන හිටියෙ ශ්රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන ඉදිරියට යන කට්ටිය. ඒ නිසා අපි තමුන්නාන්සේලාට ධෛර්යයක් දෙන්න ඕ නෙ. ඒ නිසා තමයි මම තමුන්නාන්සේලාට කියන්නෙ අපි මෙතනින් නවත්තන්නෙ නැතුව අපේ ඊළඟ පක්ෂ සම්මේලනය, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපේ හිටපු නායිකා වත්මන් අනුශාසිකා තන්ද්රිකා මැතිණියගෙ අවුරුදු 25 පිරෙන අභිනන්දන උත්සවය අපි ඉතා ජයග්රාහි අන්දමින් රටට පේන්න කරන්න ඕ නෙ කියන එක මම කියන්න ඕ නෙ. නැත්නම් එක එක්කෙනා කියනවා ශ්රී ලංකාකාරයෝ ඉන්නේ ඒගොල්ල එක්ක කියල. නමුත් අපි නොවැම්බර් මාසෙ පස්වෙනිදට අපි පෙන්නන්න ඕ නෙ ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයො ඉන්නෙ වෙන කාගෙ ගාවවත් නෙමෙයි අපිත් එක්ක කියන එක.
ඒ නිසා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා ඒ සමුළුවට සහයෝගය දෙන්න. අපේ ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් අරන් එන්න. මම දන්නවා තමුන්නාන්සේලාට විශාල ප්රශ්න තියෙනව. මට වගේම තමුන්නාන්සේලාටත් ප්රශ්න තියෙනව. නමුත් අපි මේ ප්රශ්නවලට මූණ දෙන්න ඕ නෙ. අපේ මොන්ටි කිව්වා වගේ ශ්රී ලංකා නිදහස් පක්ෂය වැටි වැටී නැගිට්ට පක්ෂයක්. අපිව වැට්ටුවට අපිට නැගිටින්න පුළුවන්. අපිට නැගිටින්න නම්, ඒ පක්ෂ සම්මේලනය නැත්නම් අපේ චන්ද්රිකා කුමාරතුංග මැතිණියගෙ අභිනන්දන උත්සවය අති සාර්ථක අන්දමින් පවත්වන්න සහයෝගය දෙන්න කියලා ඉල්ලනවා.
අපිට සම්මේලනයේ දී කතා කරන්න පුළුවන්. අලුත් ශ්රී ලංකාකාරයො මම අඳුරන්නෙ නෑ. අලුත් ශ්රී ලංකාකාරයො මෙහාට එනකොට මම හිටියෙ ඒකාබද්ධ විපක්ෂයෙ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. ඒ නිසා අපි ඒ අය අඳුනගෙන අපි එක්කහු වෙලා මේ ගමන ඉදිරියට යමු. අර අතාවුද සෙනෙවිරත්න කිව්වා වගේ, අපිට ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕනෙ නම්, මේ ජනාධිපති මැතිවරණෙදි පොහොට්ටුව පරාජය කළ යුතුයි. ඉතින් ඒකට අපි ඔක්කොම එක්කාසු වෙමු. අපිට වෙන විකල්පයක් නෑ. මම පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ නෑ. මම මේක තමුන්නාසේලාට ප්රසිද්ධියෙ කියනව. හැබැයි මම හංසයාට දෙන්නෙ ත් නෑ. හෘද සාක්ෂියට එකඟව මට කියන්න බෑ මම හංසයට ඡන්දෙ දෙනව කියල. මොකද මම හොඳ ශ්රී ලංකාකාරයෙක් හැටියට එහෙම කිව්වොත් වැරදියි.
එදා මම 2015දී මෛත්රිපාල සිරිසේන මහත්තයට විරුද්ධ වුණා නම්, එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුලෙ යනවට මම එදා විරුද්ධ වුණා නම් අද මට ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා මම හොඳ ශ්රී ලංකා කාරයෙක් හැටියට ඉස්සරහට එනව. හැබැයි මම මගෙ ඡන්දෙ පාවිච්චි කරනව. ඒ කාටද කියල තමුන්නාන්සේලා අහන්න එපා. ඒ ප්රජාතන්ත්රවාදි අයිතිය මට තියෙනව. මගෙ ප්රජාතන්ත්රවාදි අයිතිය ගැන තමුන්නාන්සේලාට ප්රශ්න කරන්න බැ. මම මගෙ ඡන්දෙ පාවිච්චි කරන නිසා මම දන්නවා, පොහොට්ටුව පරාජය වෙනව.
එක එක්කෙනා කිව්වා අර පැත්තට ගියා. මේ පැත්තට ගියා කියලා. එහෙම ගිය එක්කෙනෙක් නෙමේ මම. මම හොඳ පිරිසිඳු ශ්රී ලංකා කාරයෙක්. ඒකයි මම අද තමුන්නාසෙලාට නායකත්වය දෙන්නෙත් බය නැතුව කතා කරන්නෙත්.
අපිට බණ්ඩාරනායක මැතිණිය මතක් වෙනව. අපි කොහොමද මේ පක්ෂය දියවෙන්න අරින්නෙ. අපිට බණ්ඩාරනායක මැතිණිය සලකපු හැටි, මේ පක්ෂය ආරක්ෂා කරපු හැටි අපි දැක්කා. ඒ වගේම චන්ද්රිකා නෝනත් මේ පක්ෂය ආරක්ෂා කළා. ඒක අපිට මතකයි. ඒතුමියත් මේ පක්ෂය විනාශ කරන්න හැදුවෙ නෑ. මේ පක්ෂය ආරක්ෂා කළා.
මහින්ද මහත්තයගෙ කැබිනට් එකෙත් මම හිටියා. මම විතරක් නෙමෙයි අතාවුද සෙනෙවිරත්න මැතිතුමා හිටියා. අපේ මිල්රෝයි ප්රනාන්දු මැතිතුමා හිටියා. රුවන් රණතුංග මැතිතුමා හිටියා මන්ත්රිවරයෙක් හැටියට. අපි දන්නවා ඒ කාලේ කටයුතු කරපු හැටි. අපි දැන් ඒවා විවේචනය කරන්න යන්නෙ නෑ. මට විවේචනය කරන්න බෑ. විවේචනය කරන එක හොඳ නැහැ. අපේ යුතුකම වෙන්නෙ අපේ පක්ෂය ඉදිරියට ගෙනියන්න. මම තමුන්නාන්සෙලාට නායකත්වය දෙනවනම්, චන්ද්රිකා නෝනත් එක්ක, චන්ද්රිකා නෝනගෙ මූලිකත්වයෙන් තමුන්නාන්සෙලා කෙලින් එනවනම්, මොකද මම ඔය ඔක්කෝම අප්පුහාමිලා ගැන මම දන්නව. තමුන්නාන්සේලා බය නැතුව එන්න මේ පක්ෂය ආරක්ෂා කරන්න තමුන්නාන්සේලා බය නැතුව එන්න. කුමාර වෙල්ගම තමුන්නාන්සෙලත් එක්ක ඉදිරියෙන් ඉන්නව කියලා මේ අවස්ථාවෙ ප්රකාශ කරමින් තමුන්නාන්සේලා සියලු දෙනාට ජය වේවා!
මොකද මේ අවස්ථාවෙදි ඉතාම කෙටි පණිවිඩයකින් ආපු එක ගැන මම තන්තෝස වෙමින් මේ පක්ෂය ඉදිරියට ගෙනයමු. මේ පක්ෂය වැටෙන්න දෙන්න බෑ. මේ පක්ෂයට හොඳ නායකත්වයක් දෙන්න නෙ. අපිට හොඳ නායිකාවක් ඉන්නව. ඒ අපේ චන්ද්රිකා නෝනා. පොඩි පොඩි ප්රශ්න තිබ්බට අමනාමකම් තිබුබට. අද රටේ මිනිස්සු පිළිගන්නවා, එතුමිය හොඳ නායිකාවක් කියන එක. හැම එක්කෙනාම පිළිගන්නවා. අපිට හොඳ නායිකාවක් ඉන්නව. ඒ නායිකාව අපි ඉදිරියෙන් තියාගෙන බණ්ඩාරනායක මැතිණියත් එක්ක හිටියා වගේ. අපි ඔක්කොම එක්කාසු වෙලා මේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනයමු. ජයවේවා!
මනෝජ් රූපසිංහ
