ශ්‍රී ලං.නි.ප. කථිකයන් ගියත් පොහොට්ටුවෙන් කතා නොදෙයි

ශ්‍රී ලං.නි.ප. මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය බලවතුන් රැස්වීම් ඇමතීමේ බලාපොරොත්තුවෙන් පොහොට්ටුවේ මැතිවරණ රැස්වීම්වලට සහභාගිවුවද ඔවුන්ට කතා ලබා නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලං.නි.ප. යෙන් පොහොට්ටුව වේදිකාවට නගින කථිකයන්ට ජනතාව හූ කීම නිසා මෙලෙස කතා දීමෙන් වැළකී සිටින බව දැනගන්නට ඇත.
විශේෂයෙන්ම දකුණු පළාතේ ස්ථාන රැසක මෙම තත්ත්වය උද්ගතව ඇති බව වාර්තා වී ඇත. ශ්‍රී ලං.නි.ප. කථිකයන්ට දැනගන්නට ලැබී ඇත්තේ රැස්වීම් සංවිධායකයින් විසින් කථික ලැයිස්තුවෙන් ඔවුන්ගේ නම් කපා හැර ඇති බවයි.
තමාගේ රැස්වීමේ දී හූ කීමේ තත්ත්වයක් ඇති වීම වළකාගැනීමට පොහොට්ටු රැස්වීම් සංවිධායකයන් මේ පියවර ගන්නා බව කියති.
