එදා ගෝඨා එද්දි මාධ්‍යවේදීන් හැංගෙනවා – අද මාධ්‍යවේදීන් එද්දි ගෝඨා හැංගෙනවා! – දඹර අමිල නාහිමි
2015 දී මහරජා ලෙස අභිෂේක කර තිබූ මහින්ද පරාජය කර මැදමුලන වලව්වේ ඉදිරිපස ජනේලයේ එල්ලූ ජනතාව මීලඟ ජනාධිපතිවරණයේදී ඔහුගේ මල්ලී මැදමුලන වලව්වේ පිටුපස ජනේලයේ එල්ලන බවට කිසිදු සැකයක් නොමැති බව දඹර අමිල නාහිමි පවසයි. එදා මහරජා වෙනුවට අද තරගයට ඉදිරිපත් වී සිටින්නේ කිහිලිකරු අපේක්ෂකයෙකු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

දඹර අමිල නාහිමි මේ බව සඳහන් කළේ ඊයේ (09) කොළඹ නව නගර ශාලාවේදී පැවති ප්රජාතන්ත්රවාදය උදෙසා සිවිල් සමාජ සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල නාහිමියෝ,
‘එදා 2015 ට කලින් ගෝඨා එනකොට මාධ්‍යවේදීන් භයේ දුවනවා. හැබැයි අද මාධ්‍යවේදීන් එනකොට ගෝඨා දුවනවා. ඇයි ඒ ? නමටම ආවේණික විදියට එයා හැසිරෙන්නේ. ගෝඨා-භය, මාධ්‍යවේදීන්ට බයයි. ආවත් බබ්… බබ්… බබ් ගගා දුවනවා. මහින්ද ලඟ ඉඳගෙන මොනවා හරි කියලා බේරගන්නවා. නැත්තං ඇපත් නෑ.’
‘ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙක්. එයා තමයි රටේ නායකයා කරන්න හදන්නේ. හැබැයි ආර්ථිකට ගැන ඇහුවත්, විදේශ ප්‍රතිපත්තිය ගැන ඇහුවත්, සාමය-සංහිඳියාව ගැන ඇහුවත් උත්තර නෑ, අදහසක් නැ. මිලිටරි, මරපං, කොටපං, උස්සමු, පන්නමු, පැහැරගෙන යමු, ඕවා තමයි කියන්නේ. ගෝඨට නඩු තියනවා හැටහුට හමාරක්, තනිකර නඩු භාණ්ඩයක්. පොහොට්ටුවෙන් ජනාධිපතිවරණෙට ඉදිරිපත් කරන්න හදන්නෙ ලෝක හොරෙක්, නඩු බඩුවක්.’
‘එහෙව් මනුස්සයට සමහරු හාමුදුරුවරුත් පිරිත් කියනවා, නූල් බඳිනවා, ආශිර්වාද කරනවා. ලැජ්ජාවෙ බෑ. මේවා දැක්කම වෙලාවකට මට හිතෙනවා සාසනෙන් ඉල්ලා අස්වෙන්න. මෙහෙම මනුස්සයෙක්ද අපි නායකයා විදියට පත්කර ගන්න ඕනෙ?’
LANKANEWSWEB
