ජනාධිපති ශ්රී ලං.නි.ප.ය පවා දී ගෝඨාභයට සහය දුන්නොත් දේශපාලනයෙන් අයින්වෙනවා – වෙල්ගම

තමා සිකුරාදා දින (4) ඇප තැන්පත් කළේ ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අදහසින් නමුත් ඒ වෙනුවෙන් කටයුතු කළ ද සදුදා (7) වනවිට තමාට ජයග්රහණය කරන්නට අපහසු බව තේරුම් යාම නිසා ඒ ගැන වැඩිදුර ක්රියා නොකර නාම යෝජනා භාර නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම පවසයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතුය යන ස්ථාවරයේ තමා දිගටම පෙනී සිටින බවත් ගෝඨාභයට ශ්රී ලං.නි.ප.ය සහයෝගය ලබාදීමට එකහෙළාම තමා විරුද්ධබවත් වෙල්ගම මහතා ප්රකාශ කර ඇත.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන ශ්රී ලං.නි.ප.ය පවා දී ගෝඨාභයට සහය දී ගෝඨාභය යටතේ කටයුතු කිරීමට තීරණය කරන්නේ නම් තමා දේශපාලනයෙන් සමුගන්නා බවත් ඒ සමුගැනීම තාවකාලික එකක් විය හැකි බවත් ඒ මහතා ප්රකාශ කළේය.
