ප්රවෘත්ති බැටි වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි Byadmin October 8, 2019October 8, 2019 හිටපු අමාත්‍යවරයෙකු සහ ලංකා සම සමාජ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අධි නීතිඥ බැටි වීරකෝන් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 87 වැනි වියේ පසුවිය. ඒ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.