කලාවැව ඉස්මත්තට ගිහින් අලි මන්තර කියා අලි එළවන්න මම ලෑස්තියි – ඇමති සජිත් ප්‍රේමදාස
අලි මන්තර ගැන තමා කීවේ විහිළු කතාවක් නොවන බවත්, කවුරුන් හෝ අභියෝග කරන්නේ නම් කලාවැව ඉස්මත්තට ගොස් අලි මන්තර කියා අලි එළවා පෙන්වීමට තමන් සූදානම් බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. අනුරාධපුරයේ පැවැති රැස්වීමක දී ඇමතිවරයා කීවේ තමා විහිළුකාරයකු ලෙස නොසලකන ලෙසයි. කුරානයේ මෙන්ම බුද්ධාගමේ ද අලි මන්තර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
කුලප්පු වූ වල අලි දමනය කරන මන්තර කුරනයේත් බුදු දහමේත් ඇති බව සජිත් ප්‍රේමදාස ඇමතිවරයා මිට පෙරද ප්‍රකාශ කළේය . එය අන්තර්ජාලය තුළ උපහාසයට ලක් වී ඇත . ඇමතිවරයා මෙම ප්‍රකාශය කළේ එයට ප්‍රතිචාර වශයෙනි .

