සජිත්ගේ හිත හොදයි; වෙනත් අය ඔහුව පාවිච්චි කරනවා – මංගලට හා මලික්ට රාජිත කියයි

සජිත් ප්‍රේමදාස මහතා හිඳ හොඳ නායකයකු බවත්, එහෙත් වෙනත් අය ඔහුව පාවිච්චි කරන බවත්, ප්‍රශ්නය වන්නේ සජිත් ස්වාධීන නායකයකු නොවීම බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා මලික් සමරවික්‍රම හා මංගල සමරවීර ඇමතිවරුන්ට පවසා ඇත. එජාපයට හානි කළ බලවේග සජිත් පිටුපසින් සිට ඔහු මෙහෙයවීම බරපතළ ප්‍රශ්නයක් බවත් එවැන්නෙකුට නායකත්වය ලාබාදිය නොහැකි බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

සේනාරත්න මහතා මෙම ප්‍රකාශය කළේ එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ඒ මහතාගේ නිවසේ දී ඊයේ පැවති සාකච්ඡාවක දී ය. දිවා භෝජන සංග්‍රහයත් සමඟ පැවති එම සාකච්ඡාවේ දී මංගල සමරවීර, මලික් සමරවික්‍රම ඇමතිවරුන් ඉල්ලා ඇත්තේ ‘සජිත්ට අපේක්ෂකත්වය ලබාදී ඉක්මනට ප්‍රශ්නය විසදමු’ කියාය. රාජිත සේනාරත්න මහතාගේ මතය වී ඇත්ත් සජිත් ප්‍රේමදාස මහතාට ස්වාධීනව වැඩකිරීමට අවස්ථාව නොලැබෙන බවයි. එවැනි තත්ත්වයක් යටතේ ඔහුට නායකත්වය ලබාදිය නොහැකි බව රාජිත ඇමතිවරයාගේ මතය වී තිබේ.

එජාප ආණ්ඩුව විනාශ කරන්ට උත්සාහ කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම මහාරාජා ‘සිරස’ ආයතනවල ප්‍රධානී කිලී මහාරාජා මහතාත් සජිත් බලයට ගෙනඒමට උත්සාහ දරමින් සිටින බව ප්‍රසිද්ධය. පසුගිය 6දා ජනාධිපතිවරයාගෙන් සජිත්ට ආ දුරකථන පණිවිඩයක් රංගෙ බණ්ඩාර මන්ත්‍රිවරයාට හෙළිදරව් වී තිබිණි. එමෙන්ම ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක හා මෛත්‍රි ගුණරත්න මහත්වරුන් සමග සජිත්ගේ ඇති සම්බන්ධය ද නොරහසකි. සජිත් පිලේ ඇමතිවරුන් කෙලෙස සිතුවද එජාප ප්‍රධානීන් බහුතරය සිතන්නේ ඉහත කී පිරිස සජිත් යොදාගෙන පක්ෂය විනාශ කරන්නට සැරසෙන බවයි.

මේ අතර රනිල් පිලේ බලවතෙකු වන වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත්තේ සජිත්ට බලය දුන්නොත් ඔහු කරන දේ ගැන වගකීම භාරගන්නේදැයි තමා මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් විමසූ බවයි. එවිට ඇමති මංගලගේ පිළිතුර වී ඇත්තේ “මට වගකීමක් ගන්න බෑ. මට මොනව වෙයිද කියන්නත් බෑ” යනුවෙනි. එහෙම වගකීමක් ගන්න බැරිනම් පක්ෂය විනාශ වෙන වැඩ කරන්න එපා යැයි මංගල සමරවීර ඇමතිවරයාට තමන් කී බව වජිර අබේවර්ධන ඇමතිවරයා පවසා ඇත.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *