ගෝඨා ගහන්නේ ගේමක් බව හෙළිවේ

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කොට ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර නොගෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමේ සූදුවක යෙදී සිටින බව විශ්වාස කල හැකි තොරතුරු යුක්තියට වාර්තා වී ඇත.

අප වෙත ලැබී ඇති විශ්වසනීය තොරතුරු අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකි. ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ ලිපි ලේඛන භාර දුන් බව සත්‍ය නමුත් එරට පුරවැසිභාවය ඉවත්කරගත් බවට කරන ප්‍රකාශ අසත්‍ය බව පැහැදිලිය. ඒ කෙසේ වෙතත් ඒ මහතා ශ්‍රීලංකාවේ ප්‍රාථමික පුරවැසිභාවය මෙතෙක් ලබාගෙන නොමැත.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා භාරදීම ගැන විරෝධතාවයක් මතුකලද එම නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමට හැකියාව නැති බවත් එය අධිකරණ කටයුත්තක් ලෙස දිග් ගැස්සෙනු ඇති බවත් කියති. ඒ මහතා ජනාධිපතිවරණය පරාජය වුවහොත් එම අධිකරණ කටයුත්ත ඉදිරියට නොයනු ඇත.තමා පරාජය වුවහොත් නැවත ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේ අවස්ථාවද ගෝඨාභය රාජපක්ෂ අහිමි කරගෙන නැති බව කියති.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තද ඊට එරෙහි නිතිමය කටයුතු නවතාගත හැකි බව රාජපක්ෂ කණ්ඩායමේ අදහස වී ඇති බවත් ගෝඨාභය තරඟ වදින්නේ එබදු ගේමක් ලෙස බවත් විශ්වාස කිරීමට හේතු ඇත.එලෙස විශ්වාස කල හැකි ප්‍රධාන හේතුව නම් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය මේ වනවිටත් ඉවත් කරගෙන නැති බවට ස්ථිර තොරතුරු තිබීමය.

ගෝඨාභය මේ කරමින් සිටින්නේ ශ්‍රීලංකාවේ නීති රීති වල තිබෙන අඩුපාඩු තේරුම් ගෙන නීතියත් සමග සෙල්ලම් කිරීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *