වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා ගැන මුලික පරීක්ෂණ වාර්තා අද අධිකරණට
සිසේරියන් සැත්කම් අතර කාන්තාවන් 4000ක් වඳ භාවයට පත්කලයි හා විශාල මුදලක් අයතා ලෙස උපයාගෙන ඇතැයි යන චෝදනා මත අත් අඩංගුවට ගත් කුරුනෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සහබ්දීන් සාෆි මහතාට එරෙහිව සිදුකල පරීක්ෂණවල මුලික වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කුරුනෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව තතු දත් ආරංචි මාර්ග කියයි .
ඒ සමගම මෙම වෛද්‍යවරයා අත් අඩංගුවට ගත් කුරුනෑගල ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ගැනත් වෙනම වාර්තාවක් ඉදිරිපත් කිරීමට යන බවද දැනගන්නට ඇත .
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කොට තිබුණේ සාෆි වෛද්‍යවරයා නිදහස් කිරීමේ වැඩ පිළිවෙලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නගා ඇති බවයි . ඊට පෙර වාර්තා වී තිබුණේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බව කියන කුරුනෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් සාෆි වෛද්‍යවරයාට එරෙහිව චෝදනා නැගීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගෙන සිටි බවයි .
