මුස්ලිම් ඇමතිවරු තනතුරු අත්හරිති – ආණ්ඩුවෙන් ඉවත් නොවේ

රජයේ අමාත්‍යධූර දැරූ රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු සියලූ මුස්ලිම් නියෝජිතයින් එම ධූරයන්ගෙන් ඉවත්ව තිබේ.

රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්‍ෂා කරගැනීම සදහා තමන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ඇමති ධූරයන්ගෙන් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත් නොවන බව ඔහු සදහන්  කළේය.
ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ කවුරුන් හෝ තමන් අතර සිටී නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණ කර පියවර ගත යුතු බව ද රවුෆ් හකීම් මහතා කීවේය.
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සියලූ මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.

ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *