ඉදිරියේදී උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දෙනවා – වජිර අබේවර්ධන
උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ කි‍්‍රයාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ස්වදේශ කටයුතු හා පළාත් සභා පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම් දෙකකින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
01 දින පස්වරුවේ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උපතේදී උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
අගෝස්තු මාසය අග වනවිට මෙරට සංචාරක හෝටල්වල තත්ත්වය සාමාන්‍ය අතට පත් වෙනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
