පසුගිය රජය හිතාමතා අපරාධ කළාදැයි ලෝකයට හෙළි කළ යුතුයි – වික‍්‍රමබාහු කරුණාරත්න.

වික්‍රමබාහු පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූවේ ජාතික විප්ලවයක ස්වරූපයෙන්. එම මැතිවරණය ඒකාධිපති, පැසිස්ට් පාළකයෙක් පාළන බලයෙන් ඉවක් කරීමට ඇති වූ ජනතා පෙළගැස්මක ස්වරූපයක් ගත්තා. දැන් ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් මාස 9 ක් පමණ ගෙවී ගිහින් තියෙනව. එම ජයග‍්‍රහණයත් ගැන ආපසු හැරීබැලීමේ දී ඇති වන හැ`ගීම කුමක්ද? ගත වූ මාසකීපය තුළ දී රට තුළ සාධනීය වෙනසක් ඇති වී තිබේද?

ජනාධිපති වරණයෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වුණා. ඒ දෙක එකක් විදිහටයි සලකා බැලිය යුත්තේ. අපි නායකයො දෙන්නෙක් ගැන කතා කළ යුතු වෙනවා. ඒ රනිල් වික‍්‍රමසිංහ හා මෛත‍්‍රීපාල සිරිසේන යන නායකයන් දෙදෙනා. මේ දෙන්නා ගැන තමයි ජනතාව විශ්වාසයක් තියාගෙන සිටින්නේ. ඒ අය ප‍්‍රජාතන්නත‍්‍රවාදය රට තුළ ස්ථාපිත කරනවාද කියන කරුණ වැදගත් වෙනවා.
ඒ වග්ම ජාතික ප‍්‍රශ්නය විසඳීම මූලික තැනක් ගන්නවා. ඒ ප‍්‍රශ්නය යුද්ධය මගින් විසඳුනා කියල කිව්වත්, එහෙම විසඳුනේ නැති බව කවුරුත් දන්න කාරණයක්. යුද්ධයෙන් ජාතික ප‍්‍රශ්නය උග‍්‍රවුණා කියා අර්ථ දක්වන්නත් පුළුවන්. ජාතික ප‍්‍රශ්නය විසඳීම තමයි රජයේ පළමුවන කාර්යය විය යුතතේ.

දෙවන කාරණය දූෂිත පාලනය, රටක දූෂණයේ බර ජනතාව කරපිටට වැටෙනවා. ආර්ථික ගමන නවතිනවා. ජාත්‍යන්තරය හමුවේ රට අවතක්සේරු වෙනවා. මේ නිසා කාටත් සාධාරණයක් පෙනෙන, විනිවිදභාවයකින් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාළනයක් ස්ථාපිත කළ යුතු වෙනවා. එහිදී පාර්ලිමේන්තුව හරියාකාරව ක‍්‍රියා කිරීම, පාර්මේන්තුවේ ස්වාධීනත්වය, නීතියේ ස්වාධීනත්වය වගේ කරුණු රාශියක් මේ පාලනයට අඩං`ගු වියයුතු වෙනවා. ඒක ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාළනයක ආරම්භයක් විදිහට කියන්න පුලූවන්.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙයට පෙරත් අගමැති හැටියට වැඩ කරලා තියනවා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියන්නෙ හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්. මේ දෙන්නා සම්ප‍්‍රදායික පාර්ලිමේන්තුව වසර ගණනක් නියෝජනය කරල තියෙනව. ඔවුන්ගෙන් අලූත් වෙනසක්, විප්ලවීය වෙනසක් බලාපොරොත්තු විය හැකිද?

ඔව්, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා කැබිනට් ඇමතිවරයෙක් වශයෙන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් වරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම`ග සමීපව වැඩකරල තියෙනව. රනිල් වික‍්‍රමසිංහත් අගමැතිධූරයේ වැඩ කරල තියෙනව. මේ දෙන්නගෙන් අලූත් වෙනසක් වෙයි කියල ජනතාව බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් යම් යම් කාරණා ගැන ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ජනතාව අවධියෙන් ඉඳගෙන ඒවා ඉටු කිරීමට බල කරනවා. ¥ෂණ වංචා සෙවීම පිළිබඳව රජය ක‍්‍රියාකරන ආකාරය පිළිබඳව, මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන පොලීසිය ඇතුළු ආයතන ක‍්‍රියාකරන ආකාරය පිළිබඳව ජනතාව අවදියෙන් ඉන්නවා. උතුරේ ඝාතන වගේම සිංහල ජනතාව අතරත් සිදුවෙච්ච විශාල ඝාතන රැුල්ලක් තියනව. ඒවා නිසි පරිදි විමර්ශනය කරවා ගැනීමේ උවමනාවක් ජනතාව තුළ තියනවා. රජය එවා ඉටු කළයුතු වෙනවා.

ජනතාවට විශාල ගැටළුවක් තියනව ඇයි මේ රජය ජනතාවට බලාපොරොත්තු දුන් පරිදි පසුගිය පාළන සමයේ සි¥ වූයේ යැයි කියන මහාපරිමාන දූෂණ වංචා කඩිනමින් හොයන්නෙ නැතතෙ කියල? අනික දූෂිත යයි කියලා හඳුන්වපු හිටපු ආණ්ඩුවෙ මැති ඇමතිවරු යහ පාළන ආණ්ඩුවට එකතු කර ගත්තේ ඇයි කියන එක?

විසඳිය යුතු ප‍්‍රමුඛතම ප‍්‍රශ්නය ජතිවාදය. ජාතික ප‍්‍රශ්නය ගැන වැඩකරනවා නම්, ¥ෂිත කොටස් වුවත් බාර ගැනීමට සිදුවෙනවා, ජාතික ප‍්‍රශ්නය ගැන ඉදිරියට යාමට ඒ අයගෙන් උදව්වක් තියනවා නම් ඒ අය සම්බන්ධ කරගත යුතුවෙනවා. මෙහිදී ප‍්‍රධානම අභියෝගය තිබුණෙ මහින්දගෙ ජාතිවාදි බලඇනියෙන්. ජාතික ප‍්‍රශ්නයට උදව් වෙන අය අයින් කරලා, ජාතිවාදි කොටස් රජයට සහභාගීකර ගන්නවා කියල අදහසක් කාගෙවත් නෑ. ජාතිවාදී කොටස් ගන්න බෑ. ඒක මූලික සිද්ධාන්තයක්. ඔවුන් පරාජිත ගොඩටම තල්ලූ කළ යුතුයි. ¥ෂිතයෙක් යහමගට ගන්න පුළුවන්. ඔහුට කල්ගිහින් හෝ දඬුවම් කරන්න පුළුවන්. ඒක හදිසි කටයුත්තක් නෙමේ. ඒ පදනම මත තමයි ¥ෂිතයයි කියන ජාතිවාදී කොටස් අයින් කරලා, ¥ෂිතයන් වුවත් ජාතික ප‍්‍රශ්නයට සහයෝගයක් ගත හැකි කොටස් එකතුකරගෙන තියෙනනෙ.  ඒක දුර්වල පිළියමක්. වතුර කාන්දුවෙනවා නම් කොළපතකින් හරි වහන්න වෙනවා. ඒක ස්ථිර විසඳුමක් නෙමේ. ඒත් මේ අවස්ථාවෙදි කළ යුත්තක්. ඒ නිසා ජනාතාව ඒ පිළිබඳව වැඩිදුර ප‍්‍රශ්න කරන්නෙ නෑ. නමුත් ඔවුන් විශ්වාසවන්ත පුද්ගලයන්ද කියන ගැටළුව ජනතාවට තියෙනව.

ඒ ගොල්ල ගොඩක් උත්සහ ගන්නවා තමන්ට ලැබුණ අවස්ථාවේදි තමන්ගෙ දුර්වලකම් මග ඇරගෙන පුනරුත්තාපනය වෙමින් පාළනයට හවුල් වෙන්න. ඔවුන් පසුගිය වකවානුවේ සිදු වූ වැරදි ගැන පාපොච්චාරණයන් පවා කර තියෙනවා. ‘හොරු අතර ඉන්න කොට අපිත් ඉබේටම හොරු වුණා’ කියන අදහස ඔවුන් ප‍්‍රකාශ කරනවා. දැන් සැලකිලිමත් විය යුත්තේ ප‍්‍රධාන නායකයන් ¥ෂිතයන්ට විරුද්ධව තදින් ඉන්නවද? ඒ වගේම ඔවුන් ¥ෂිත නොවී ඉන්නවද කියන කාරණයයි.  ඔවුන් හොඳ නම් පසුපෙළත් ඉබේම හැඩ ගැසෙනවා.
ජාතික ප‍්‍රශ්නය කියන කරුණෙදි ජාතිවාදීන් එහෙම සමීප කරගන්න බෑ. ජාතිවාදය ඇවිස්සීම මානසික රෝගී තත්ත්වයක්. මේ තුළින් දරුණු අපරාධ සිදුවීම, දරුණු තින්දු තීරණ කි‍්‍රයාමාර්ග ගැනීම සිදුවෙනවා. මෙයින් රට විශාල ප‍්‍රපාතයකට ඇදවැටෙනවා. එවිට රටක් වශයෙන් අපිට ගොඩනැගෙන්න බැරිවෙනවා.

මා කලින් ප‍්‍රශ්න කළේ අපේ රටේ යහපාලනය ගොඩනැගීමට දායක වෙච්ච ජනතාව න`ගන ප‍්‍රශ්නය. වත්මන් රජයේ ක‍්‍රීයා පිළිවෙතේදී ජාත්‍යන්තරය දක්වන ප‍්‍රතිචාර කෙසේද?

දැන් තිබෙන තත්ත්වය අනුව ලෝකයා අපි දිහා බලලා, අපිට අවස්ථාවක් දීලා තියෙනව. ජනවාරී 8 හා පසුගිය මහමැතිවරණ විප්ලවය ගැන හිතලා, ජනතාවගේ සාමුහික පෙළ ගැස්ම දිහා බලලා, අපි දෙස සුභවාදී ආකල්පයකින් බලන්න පටන් අරන් තියෙනව. අපිට වඩා විශ්වාසයක් ජාත්‍යන්තරය තුළ ඇති වී තිබෙනව, වත්මන් රාජ්‍ය පාලකයන් ගැන. ලෝක රාජ්‍ය නායකයන් මෙන්ම, ලොක ජනතාවද දැඩි විශ්වායක් ඇතිකරගෙන තියෙනවා. ‘සිදුවූ වැරදි හදාගෙන යහ පාළනයක් ඉදිරියට ගෙනයයි’ කියන විශ්වාසය ඔවුන් තුළ තියෙනව. ඒක එහෙමම කරයිද කියල මට සහතිකයක් දෙන්න බැහැ. ඒත් ඔවුන් ඒ බලාපොරොත්තු ඉටු කළයුතු වෙනවා.

එහෙත් ජිනීවා යෝජනා තුළින් අප රටට යම්කිසි බලපෑමක්, අත පෙවීමක් කිරීමට සූදානම් වන බවට ඇතැමුන් හඬක් න`ගනවා.
ජනීවා යෝජනා කියන්නේ ආච්ඥාවක්වත්, යෝජනාවක්වත් නෙමයි.     ඒක කිසියම් රාමුවක්. ඒක සූත‍්‍රයක් කියලා කියන්න පුළුවන්. එයාලා කියන්නේ, මේ සූත‍්‍රය ඇතුළත ඉඳලා ප‍්‍රශ්න විසඳගන්න කියල. ඒක ලිහිල් සූත‍්‍රයක්. ‘හැබැයි මේ සීමාවෙවත් කටයුතු කරන්න බැරිනම් වැඩක් නෑ’ කියන අදහස තියෙනව. අපිට වඩාත් නිදහසක් දීල තමයි මේ යෝජනාවල් දීලා තියෙන්නෙ.

ජනීවා යෝජනා වල කලින් තිබණු දැඩි ස්වරූපය ලිහිල් වූ බවක් ප‍්‍රකාශ වෙනවා. කලින් යෝජනා ඉතා දැඩි, රටක් වශයෙන් අහිතකර චෝදනා ලෙසයි හැඳින්වූයේ. වූදිතයන් 48 දෙනකුගේ නම් පවා සඳහන් වූ බවක් ප‍්‍රකාශ වුණා. එහෙත් මෙවර සමුළුවේදී එම යෝජනා ලිහිල් වූ බවක් පේනවා. මෙසේ මෙම යෝජනා ලිහිල් වීමට හේතුව කුමක්ද?

කලින්  ජිනීවා යෝජනා ගෙනාවේ, කලින් පැවති රජය ගැන තිබුණු තක්සේරුවත් එක්ක. එතකොට තිබුණෙ මහින්ද රාජපක්‍ෂ රජය. එම අවස්ථාවේදී එම චෝදනා ගෙනාවේ ලංකාවේ රජයට ගෙනෙන චෝදනාවක් විදිහට. එතකොට අපේ රටේ විප්ලවීය වෙනස සිදු වී තිබුණෙ නැහැ.

රටේ සිදු වූ වෙනස පිළිබඳව විශාල වශයෙන් ඔවුන් දැනුවත් වීමක් පසුගිය කාලයේ සිදුවුණා. ජාත්‍යන්තරයෙන් මෙන්ම ලංකාවෙන්ද සිදුවුණා. මමත් ලිපි ගණනාවක් ලියමින් ඔවුන්ව දැනුම්වත් කළා. පසුගිය ආණ්ඩුව පැවති සමයේ උතුරේ මෙන්ම දකුණේද මානව හිමිකම් කඩවීම් සිදුවුණා. අතුරු දහන් වීම් සිදුවුණා. දැන් තියෙන්නෙ එම පාළනය නෙමේ. එම රජය දෙස බලපු කෝණයෙන් වත්මන් පාළනය දෙස බලන්න එපා කියා දැනුම්වත් කිරීම් සිදු කළා. අපිට දකුණේ ¥ෂිතයන්, මිනීමරුවන් අල්ලන්න අවශ්‍යනම්, උතුරේ මිනීමැරම් සිදුකළ අයද චෝදනා ලැබිය යුතුයි. ඔවුන්ට දඬුවම් දියයුතුද? එම දඬුවම් කුමන විදිහේ ඒවාදැයි තීරණය කිරීම දෙවනුව සිදුවිය යුතු කාරනාවක්.  නමුත් සත්‍ය එළිදරව් විය යුතුයි. වගවීම කියන කාරණාව තිබිය යුතුයි. ජනඝාතන කෙරුවානම්, ¥ෂණ කෙරුවනම් සත්‍ය එළිදරව් කළ යුතුයි.

පසුගිය රජය චෝදනා ලැබීමට තරම් ජනඝාතන සිදු කළ බව  ඔබ අදහස් කරනවද?

පැවති යුද්ධය තුළ ජනඝාතනයක් සිදු වුණා කියල මම හිතනව. යද්ධය කරපු හමුදා නිලධාරීන් ඔවුන්ට ලැබුණ නියෝග අනුව යුද්ධය කෙරුවා. යුද්ධය කරපු හැමෝම ජනඝාතකයො නෙමේ. එහි දී ජනතාව ඝාතනය කෙරුවා කියලා මම කියනනෙ නෑ. ඔවුන් යුධ නීතිය යටතේ කටයුතු කෙරුවා.

මේ අතර මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමක් ජාතිවාදී, පැසිස්ට් දේශපාලනයක් ගෙනගියා. ඒ දේශපාලනය මිනීමරු දේශපාලනයක්. ඔවුන් හිතාමතා මිනිසුන් මරලා තියෙනවා. හිතා මතා යම් යම් නීති විරෝධි දේවල් කරල තියෙනව කියල පැහැදිලියි. ඒක නිසා පැසිස්ට් තාලයේ මිනීමරුවන් කවුද කියා අපි වෙන්කර සොයාගත යුතුයි. පසිස්ට්වාදී මිනීමරුවන් හිටියද? නැද්ද? කියා කිවයුතුයි. ඔවුන් හිතාමතා අපරාධ කළාද කියන එක ජනතාවට හා ලෝකයට හෙළිදරව් කළ යුතුයි.

මහින්ද රාජපක්‍ෂට අහිතකර ලෙස ජාත්‍යන්තර බලපෑම් කිරීමටත්, වත්මන් පාළනයට ලිහිල්, නම්‍යශීලී විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමටත් රටේ විදේශ ප‍්‍රතිපත්ති බලපෑමක් ඇති කිරීමට සමත් වූවාද?

මේ රජය පසුගිය රජය නෙමෙයි. මෙම අලූත් රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට යටත් වන රජයක්. අද ජනතාවට නිදහස ලැබිල තියෙනව. ඒක ජනතාවට දැනෙනවා. ජනතාවට දැන් බලයක් තියෙනවා. බලපෙරළියක් සිදුවෙලා තියෙනවා. බුද්ධිමතුන් කතාකරනවා, ලියනවා කියනවා, නීතිඥයන් ඇතුළු වෘත්තීය වේදීන් නිදහසේ කටයුතු කරනවා. ඒ පෙරළියට ඉඩ දිය යුතුයි. ඒක ජාත්‍යන්තරය දැක්වා විහිදී ගොස් තියෙනව. එය ඉදිරියට ගෙන යායුතුයි කියලා ජාත්‍යන්තරය හිතනව. දැන් නිදහස නෑ කියන්නබෑ. ඒ නිදහස මත තමයි මේ වෙනස සිදු වුණේ.

ජනවාරි 8 වෙනිදා බල පෙරළිය සිදු නූනානම්, මහින්ද රාජපක්‍ෂ පාළනය දිගටම ගියානම් රටේ මොනවගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා උපකල්පනය කරන්න පුලූවන්ද?

අපි හිටියේ ඉතාමත් නරක තත්ත්වයක. මේ බලපෙරළිය සිදු නූනානම්  මිනිස්සුන්ට දැඩි පීඩනය ඇති වෙලා, මානසික රෝගී තත්ත්වයක් මෙන්ම සමාජ ගරා වැටීමක් ඇති වෙන්න ඉඩ තිබුනා. ජනතාව හැම අතින්ම මිරිකෙන්න, තැලෙන්න, පොඩිවෙන්න ඉඩ තිබුණා. ජාත්‍යන්තරය ඉදිරියේ තවදුරටත් රට හෑල්ලූවෙන්න ඉඩ තිබුණා.

රටේ එවන් තත්ත්වයක් ඇති වූවානම් ඍජු විදේශ බලපෑමක් රටට ඇති වෙන්න ඉඩ තිබුණද?

ඔව්. එහෙම වෙන්න තිබුණ. සර්බියාව වගේ රටවල ඇති වූ ඒ වගේ තත්ත්වයන් තුළ රටේ පාළනය බිඳ වැටුණා. ජනතාව නැගිටින විට, විශාල ජන ඝාතන සිදුවුණා. ඒක රටට පාළනය කරන්න බැරිවුණා. ඇමරිකාවට ආරාධනා කරන්න සිදුවුණා. ‘ඔබලාට තමයි විශාල හමුදාවක් ඉන්නේ. ඇවිත් මේක විසඳන්න’ කියලා. අපේ රටෙත් තිබුණ පාළනය තවදුරටත් කූර පාළනයක් වුණානම්, ඇමරිකාව විතරක් නෙමයි, රුසියාව ඇතුළු තවත් රටවල් ඍජු මැදිහත් වීම් කරන්න තිබුණා. එහෙම සිදු වුණා නම් ඒක භයානක තත්ත්වයක්.

අපේ රට හු`ගක් පහතට වැටිලා තිබුණෙ. ආගමක් නැති, සංස්කෘතියක්, සදාචාරයක් නැති ජාතියක් හැටියට හංවඩු ගැහිලා තිබුණේ. කිසිදු හැකියාවක් නැති, මැරුණු අභ්‍යන්තරයක් ඇති රටක් විදිහට තමයි ලෝකයාට පෙනුනේ. බද්ධ ධර්මයටම විශාල අපහාසයක් වෙලා තිබුණේ.   මේ අපරාධ සිදුවෙන්නේ බෞද්ධ රටේද? මෙවන් මිලේච්ඡුත්වයක් බෞද්ධාගමේ ඇති කියලා හිතන තත්ත්වයට රට ඇදගෙන වැටුණා. ඒ බෞද්ධ දර්ශනය කියවල බලල නෙමේ. මාධ්‍ය තුළින් පළවෙන තොරතුරු බලලා. හාමුදුරුවරු ඉස්සර කරගෙන තමයි ඇතැම් මිලේච්ඡු වැඩ කෙරුවේ. බහුතර ස්වාමීන් වහන්සේලා මේවාට විරුද්ධයි. යථාවාදී බුද්ධාගම නිරූපණය වුනේ නෑ. ඒක නිසා ජාත්‍යන්තරයට ගියේ වැරදි ප‍්‍රතිරූපයක්. මේ පෙරළියෙන් පසු තමයි යළිත් රට ගැන සුභවාදීව කතාකරන්න පටන් ගත්තේ.

එක්සත් ජාතික පක්‍ෂය ආරම්භයේ පටන්ම හැඳින් වූයේ උග‍්‍ර ධනවාදී පක්‍ෂයක් හැටියට. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශීය ප‍්‍රගතිශීලී  ධනපතියන්ගෙන් සමන්විත පක්‍ෂයක් විදිහට තමයි වර්ගීකරණය වෙලා තිබුණේ. ඔවුන්ගේ ආර්ථික හා පාළන ප‍්‍රතිපත්තිද ධනවාදී ආර්ථිකක‍්‍රමයක් සම`ග බැඳුනු ප‍්‍රතිපත්ති. ඊට ප‍්‍රති විරුද්ධ අදහස් දක්වන, ප‍්‍රතිපත්ති වලින් සමන්විත කණ්ඩායම වාමංශික යන් වශයෙන් හැඳින්වූවා. අද බලන විට මේ ධනවාදී පක්‍ෂ දෙක එකතු වෙලා තියනවා.  ජනාධිපතිවරයෙක්, පත්කරගෙන, ආණ්ඩුවක් පිහිටුවාගෙන තියෙනවා. ඔවුන්ව බලයට ගෙන ඒමටත්, අද ඔවුන් වෙනුවෙනුත් කතා කරන්නේ මේ වාමාංශිකයන් කියන කණ්ඩායම නේද? කොහොමද මේ දෙක සංකලනය වෙන්නේ? එහෙම දෙයක් වෙන්න පුළුවන්ද?

ඉතිහාසයේ සිටම වාමාංශිකයන්ගේ ලොකු දුර්වල කමක් තියෙනවා. අපි සමාජවාදය ගැන කතා කෙරුවට,  මූලික වශයෙන්ම ඇති කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ඒක මාක්ස්, ලෙනින්, ට්‍රොස්කි පවා කියලා තියෙනවා. අවාසනාවකට වගේ පැරණි නායකයෝ ඒක ඉදිරියට ගත්තේ නෑ. උදාහරණයක් විදිහට රටේ ජනකොටසක් වන ද්‍රවිඩජාතිකයන්ට හානිකර අණපනත් ගේනකොට වමේ නායකයන් ඉදිරියට ආවේ නෑ. ඔවුන් විරුද්ධත්වයක් ප‍්‍රකාශ කළත්, ඔවුන් වෙනුවෙන් සටන් කෙරුවේ නෑ.

බණ්ඩාරනායක, චෙල්ලනායගම් ජාතික ප‍්‍රශ්නයට යම් විසඳුමක් හැටියට ගිවිසුමක් ගැහුවා.  ඒ බණ්ඩාරනායක – චෙල්ලනායගම් ගිවිසුම. මෙහිදී සිංහලයන්ගෙන් උග‍්‍ර විරෝදයක් ආවා. එහිදී දී වාමාංශිකයන්ට තිබුණෙ බණ්ඩාරනායක වටා රොක්වෙලා ඒ ගිවිසුම ආරක්‍ෂා කරගන්න. ඒත් ඔවුන් ප‍්‍රකාශ නිකුත්කිරීමට පමණක් සීමා වුණා. පාරට බැහැල සටන් කෙරුවෙ නෑ. ජේ. ආර්. ජයවර්ධන මේ ප‍්‍රශ්නයට විසඳුම් ගේන වෙලාවේ ඊට පක්‍ෂව කතා කෙරුවේ නෑ. ඒ වගේ වැරදි රාශියක් වාමාංශිකයන් අතින් කෙරුණා. අපි ඉතාම ප‍්‍රතිගාමි කියල හිතපු මනුස්සයෙක් ජේ.ආර්. ජයවර්ධන. ඔහු කම්කරුවන්, වාමාංශිකයන් පොඩිපට්ටම් කෙරුවා. අපිට ගහල, ඔලූ පළල, හිරේ දැම්මා. ඊට පස්සේ ප‍්‍රජාතන්නත‍්‍රවාදීව බලය බෙදන්න පළාත් සභා ක‍්‍රමයක් ස්ථාපිත කරන්න සැලසුම් කෙරුවා. ඒකට අපිට කතා කෙරුවා. වටමේස සාකච්ඡුා තිබ්බා. මේකට විරුද්ධ වන අය පරාජය කරන්න කතා කෙරුවා. අපි මේක කරමු කියලා යෝජනා කෙරුවා. ඒක ඇති කෙරුවා.
වාමාංශික පක්‍ෂවල පවා කුල භේදය තියනවා. ඒත් ජේ.ආර්. පෙන්නුවා කුලභේදයෙන් තොරව ජාතික නායකත්වයක් හදන්න පුලූවන් කියලා. ඒක කරලා පෙන්නුවා. ඔහු පේ‍්‍රමදාස මහත්තයා කරළියට ගෙනාවා. ඔහු ප‍්‍රදර්ශනාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් බවට පත්වුණා. ඔහු ගෙනාපු සම්පූර්ණ නිදහස් ආර්ථිකයට අපි එක`ග වෙන්නෙ නැහැ. නමුත් ඔහු සාධනීය වැඩකොටසක් කෙරුවා. ඔහුට වැරදුන තැනින් අනිත් අය පටන්ගත යුතුව තිබුණා. ඔහුගේ බෑනා රනිල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පියවර ගත්ත නායකයෙක්. ප‍්‍රභාකරන් සම`ග ගිවිසුමක් ගහලා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ප‍්‍රශ්නය විසඳන්න බැලූවා. ඒක වාමාංශිකයෙක් ඇර වෙන කෙනෙකුට හිතන්නවත් බැරි තීරණයක්. ඒක නිසා වම කියලා ලොකු කම, දැඩි මතවාදයක ඉනනෙ නැතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සම`ග ඉදිරියට යායුතුයි.  අපි ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි.

නමුත් පැරණි ලංකා සමසමාජ, කොමියුනිස්ට් පක්‍ෂ දෙකට ජනවාරි 8 ජයග‍්‍රහණයට දායක වෙන්න බැරිවුණා. ඔවුන් හිටියේ ජාතිවාදි පිළේ. උදව් කෙරුවේ පැසිස්ට්වාදයට, ජාතිවාදයට. නමුත් එම පක්‍ෂවල ක‍්‍රියාකාරීන් රැුසක් පක්‍ෂයෙන් එළියට බැහැල මේ පෙරළියට එකතු වුණා.

එතකොට පැරණී වමේ පිරිසත්, වාසුදේව නානායක්කාර වැනි වමේයයි කියණ කණ්ඩායමත්, ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ විමල් වීරවංශ වැනි අයත් නියෝජනය කරනනේ ජාතිවාදි පිළ. වාමාංශිකයෙකුට ජාතිවාදියෙකු වෙන්න පුළුවන්ද?

ජනතා විමුක්ති පෙරමුණ වුනත් ආරම්භයේදී ගොඩ නැ`ගුණේ ජාතිවාදි පදනමකින්. දේශ විමුක්තිය ලබා ගැනීමට සටන් කළ යුතුයි කියලා. ඔවුන් කිව්වදේ තුළ ජාතිවාදය ගැබ්වෙලා තිබුණා. අන්තිමේදී ඔවුන් උග‍්‍ර ජාතිවාදීන් බවට පත්වුණා. දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරය ගොඩනැගීමට ජාතිවාදය උපයෝගී කරගත්තා. ඔවුන්ගෙන් විශාල පිරිසක් ජාතිවාදී, පැසිස්ට් ව්‍යාපාරය වෙනුවෙන් ජීවිත පූජාකෙරුවා.
ඔවුන්ගේ ප‍්‍රතිපත්ති දිගටම පැවතුණා. ඔවුන්ගේ දක්‍ෂ කථිකයෝ, ක‍්‍රියාකාරිකයෝ, විමල් වීරවංශ වගේ පිරිස් අන්තිමේදී නතර වුනේ අන්තිම ජාතිවාදී ස්ථාවරයක. අනුර කුමාර දිසානායක නායකත්වය ගත්තට පස්සේ ජාතිවාදි ස්වරූපය අත්ඇරලා යම් සාධනීය තත්ත්වයකට ඇවිත් තියෙනව. ඔවුන් සම`ග යම් සංවාදයකට එකතුවීමේ හැකියාවක් දැන් තියෙනව. පැරණි වමේ නායකයෝ එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවන විට ජාතික ප‍්‍රශ්නයේදී හොඳ ස්ථාවරයක හිටියා. ඒක අද නෑ. නමුත් ඔවුන්ගේ දෙවන පෙළ ඔවුන් අතඇරලා අද නිවැරදි ස්ථාවරයකට ඇවිත් තියෙනව.

නව සමසමාජ පක්‍ෂය වශයෙන් ඔබලා ගත් තීන්දු තීරණ ගැන ආපසු හැරී බලනාවා නම්?

නව සමාජ පක්‍ෂය වෙනුවෙන් අපි ගත්ත තීන්දු තීරණ ගැන අපි සතුටු වෙනවා. අපි පක්‍ෂක් විදිහට පිළිගැනීමකට ලක්වුණා මේ ප‍්‍රශ්නයේදී ගත්ත තීරණ අනුව. අපේ පක්‍ෂයට රටේ ගෞරවයක් ඇති වෙලා තියෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. රටේ නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරනවානම් අපි විවේචනාත්මක සහයෝගය ඉදිරියටත් දෙනවා. ජාතික ප‍්‍රශ්නය දී අපි සාධනීය විදිහට ඉදිරිපත් වෙනවා වගේම ජාතිවාදී කුණුගොඩ ඉවත් කිරීමේ වගකීමත් අපි බාරගන්නවා. වම කියන එක යථාවාදී චින්තනයෙන් ගොඩනැගිය යුතුයි. එය අපෝකභෞතිකවාදයක් ගැන කතාකිරීමෙන් වැඩක් නෑ.

දකුණේ ජනතා විමුක්ති පෙරමුණ දකුණේ ජාතිවාදී පදනමක් මත ගොඩනැ`ගුනා වගේම ප‍්‍රභාකරන් උතරේ ගොඩනැ`ගුනෙත් ජාතිවාදි පදනමක මත නේද?

ඔව්. ජාතිවාදය කියන එක මහ ජාතිවාදයයි, සුළු ජාතිවාදයයි කියල දෙකක් තියනව. ජාතිවාදය කියන්නේ යම් සම්මුතියක් ආරක්‍ෂා කිරීමක්.  ඒ කියන්නේ තමන්ගේ කොමියුනිටි එක, සමාජය ආරක්‍ෂා කරගැනීම, තමන්ගේ නිදහස උදෙසා. ඒක හැම කෙනෙකුටම දැනෙන දෙයක්. එතකොට ජාතික විමුක්තියක් ගැන කතාකරන්න පුළුවන්. අපි සුද්දට යටත්වෙලා ඉන්න කාලේ ජාතික විමුක්තියක් ගැන කතා කෙරුවා. එතනදි එහෙම කතාකරපු එක හරි. වාමාංශික පක්‍ෂත් නිදහස ගැන කතාකෙරුවා. එහිදී කවුරුවත් දොස් කියන්නෙ නෑ. අපිට සුළුජාතිවාදයට බැට දෙමින් මහජාතිවාදය කතා කරමින් ඔවුන්ව පාගන්න බෑ. අපි කළ යුත්තේ ඔවුන් ජාතිවාදයෙන් එළියට ගැනීමයි. අපි එල්.ටී.ටී.ඊ. එකත් එක්ක ක‍්‍රියා කළේ ඒ විදිහට. ‘‘ඔයගොල්ලන්ගෙ කැක්කුම සාධාරණයි. පැගීමට විරුද්ධ විය යුතුයි. නමුත් ගත්ත ක‍්‍රියාමාර්ගය වැරදියි. ඔය මාර්ගයෙන්  ඕක විසඳෙන්නේ නෑ.  ඕකට වාමාංශික නායකත්වයක්, දැක්මක් අවශ්‍යයි. වමේ බලයක් මේ ප‍්‍රශ්නයට රට පුරා අවශ්‍යයි’’ කියන මතයයි අපි දැරුවේ. අපේ කීම අහන්නෙ නැතුව ඔවුන් සියදිවි නසාගන්න තත්ත්වයකට පත් වුණා. ජාතිකත්වය කියන එකේ නිවැරදි තැන තේරුම් ගත්තේ නැත්නම් එතන අණතුරක් තමයි තියෙන්නේ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *