අපි මුලින්ම ඉපදුණු ගමන් ශ්‍රී ලාංකිකයන් : ඉන් පසුවයි ආගම එන්නේ – නුෂ්රත් නවුෆල් මවුලවී

අපි හැමෝම එකට එකතුවී ආගම් අනුව වෙනස් වෙන්න කලින් ලාංකිකයන් වන්නේ කෙසේද කියා සිතිය යුතුයි. අපි මුලින්ම මේ ලෝකෙට ආවගමන් ආගම එන්න කලින් ශ්‍රී ලංකිකයන්. ඉන් පසුවයි ආගම එන්නේ. ඒ නිසා අපි මුලින්ම ජීවත්වන රටට ආදරය කරන්න ඉගෙන ගත යුතුයි. ඒක උගන්වන්න පුළුවන් හොඳම තැන පාසල. පාසල යාවත්කාලීන කර හැමෝටම එකට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් ඇති කළ යුතුයි . yayi සමස්ථ ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක   නුෂ්රත් නවුෆල් මවුලවී තුමා ප්‍රකාශ කරයි .

මුස්ලිම් සමාජය නියෝජනය කරන ආගමික නායකයකු ලෙස පසුගිය දා සිදු වූ සිදුවීම් ඔබ දකින්නේ කෙසේද?

පොදුවේ අරන් බැලුවහොත් අන්තවාදී පිරිස් හැම ආගමකම සිටිනවා. බෞද්ධ, කිතුනු, ඉස්ලාම්, මේ හැම ආගමකම අන්තවාදී පිරිස් සිටිනවා. ඒ අය ත්‍රස්තවාදි ක්‍රියා සිදුකරන්නේ කුමන පරමාර්ථයකින් ද යන්න අපට කිව නොහැක. එමෙන්ම කුමන ආකාරයේ අන්තවාදයටත් අප විරුද්ධයි.   මේ දේවල් මනුෂ්‍ය සමමාජයට හොඳ දේවල් නොවේ.

අප මීට කලකට පෙර සිටම ඉස්ලාමීය විද්වතුන්ගේ සංවිධානය ලෙස සංවිධානය වී 2014/15 රජයටත් වර්ථමාන රජයටත් ආරක්ෂක අමාත්‍ය අංශයටත් බුද්ධි අංශයටත් මේ පිළිබඳව තොරතුරු ලබා දී තිබෙනවා. පොඩි පිරිසක් එකතු වී අන්තවාදී සංවිධානයක් වශයෙන් ක්‍රියාකරන බව අපට පෙනෙනවා. මේ පිළිබඳව සොයා බලන්න යනුවෙන්.

කෙනෙකුට මරාගෙන මැරෙන්න කියලා ඉස්ලාම් අගමේ කොහෙවත් සඳහන් කරලා නැහැ. එසේ මරණයට පත්වීම ලොකු පවක්. එසේ ඉස්ලාම් ආගමේ කොහෙවත් සඳහන් වෙලා නෑ. එහෙත් ඉස්ලාම් නොවන අනෙකුත් ආගම් අදහන අය මිත්‍යාදෘෂ්ටිකයන් ලෙස සලකා පිරිසිඳු ඉස්ලාමය වෙනුවෙන් ඔවුන් ඝාතනය කළත් කමක් නැහැ යනුවෙන් කුරාණයේ සඳහන් බවට චෝදනා නැගුනද නමුත් ඉස්ලාම් අගමේ එහෙම දෙයක් සඳහන් කරලා නැහැ. මේ අයට කුරානයේ තියෙන දේවල් වැරදි ආකාරයට උගන්වලා තියෙනවා.

අපේ මුල තමයි සෑදිය යුත්තේ අයි එස් අයි එස් සංවිධානය යනු ලංකාවේ ආරම්භ වුණු ත්‍රස්ත කල්ලියක් නොව අයි එස් අයි එස් කියන්නේ අන්තර් ජාතික ලෙස අපරාධ සිදුකරනු ලබන කල්ලියක් මේ අයගෙ ක්‍රියා විග්‍රහ කර බැලුවහොත් ඔවුන් වැඩියෙන්ම ඝතානය කර තිබෙන්නේ කවුරුන්ද? මුස්ලිම් සමාජයමයි..

එසේ නම්, කුමන හෝ අගමක තමන් ගේ අයම මරන්න යනුවෙන් ලියැවිලා තියෙනවද?

එසේ ලියැවිලා නෑ.

එසේ නම් මේ අය කවුරුන්ද? කවුරුන් විසින් මේ අය නිර්මාණය කළේ ද? මේ අයට ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ කවුරුන් විසින් ද? ඇයි මේ අය අනෙක් අය නැතුව මුස්ලිම් අය විතරක් මරන්නේ?

මනුස්ෂත්වය කියන්නේ අනෙක් අය මරන්න ඕන කියන එක නෙමෙයි. මේ අයගෙ බෙදීමක් නැති බව පෙන්වන්නයි. මේ ගැන අපි අවධානයක් යොදු කළ යුතුයි.

මේ රටේ වහාබ් වාදීන් කටයුතු කළේ අද ඊයේ නොවෙයි නේද?

එහෙම ඉතිහාසයක් තියෙනවා. මෙතන ප්‍රහාරය එල්ල කළේ වහාබ් වාදීන්වත්, පැසිසිට් වාදය අනුගමනය කරන අයවත් නෙමෙයි. ඊටත් එහා ගිහින් වෙනම ආගමක් හදාගත්ත ත්‍රස්තවාදී කණ්ඩායමක් හදාගත්ත කල්ලියක්. එහෙත් මේ සිද්ධියේ දී ඇඟිල්ල දික්වුණේ සමස්ථ මුස්ලිම් සමාජයටයි. ඒ නිසා අද බෞද්ධ, කතෝලික, හින්දු හැම දෙනාම මුස්ලිම් අය දිහා බලන්නේ,  මෙයත් ත්‍රස්තවාදියෙක්ද කියන බියමුසු හැඟීමකින්.  එහෙත් එය නෙමෙයි යථාර්ථය. කිසියම් කණ්ඩායමක් විසින් හෝ එක පාර්ශ්වයක් විසින් ත්‍රස්ත ක්‍රියාවක් කළාම එවැනි කෝනයකින් බැලීම මනුෂ්‍ය ස්වාභාවයයි. එය තේරුම්ගත යුතුයි. මේ ප්‍රශ්නයේ දී මුස්ලිම් සමාජයක් ලෙස අපිත් බයේ තමයි ජීවත් වෙන්නේ. මේ ක්‍රියාව නිසා ත්‍රස්තවාදීන්ටත්, ආරක්ෂක අංශවලටත් මේ හැමෝටමත් බයෙනු ජීවත් වෙන්නේ.

වරද තිබෙන්නේ බෞද්ධ සමාජයේවත්, හින්දු සමාජයේවත්, කිතුනු සමාජයේවත්, මුස්ලිම් සමාජයේවත් නෙමෙයි. මේ රටේ පාලනය පාලනය කරපු උදවියගේයි. ඒ අය තමයි මේ තත්ත්වය නිර්මාණය කළේ.

අපේ ළමයි  පාසලකට දාන්න ගියාම ඔයාලා වෙන ජාතියක නිසා අපට මේ පාසලට ගන්න පුළුවන් 2.5%යි කියනවා. සිංහල පාසලක් අහිමිවන මුස්ලිම් ළමයා කොහේ ගිහින් ද ඉගෙන ගන්නේ? ඒ නිසා ඒ ළමයින්ට ඉගෙන ගන්න පාසල් ඇති කරන්න මුස්ලිම් සමාජය උත්සාහ දැරුවා. බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් විතරක් නොවෙයි, නොයෙක් තරාතිරම් වල පාසල් ඇති වී තිබෙනවා.

මම ඉගෙන ගන්න ගියේ රජයේ සිංහල පාසලකටයි. පස්සේ මවුලවී කෙනෙක් වෙන්න අරාබියට ගියා.  මම ලංකාවට ඇවිල්ලා සමස්ථ ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයට සම්බන්ධවෙලා වෘත්තියෙන් මාර්ග උපදදේශකවරයකු විදිහට කටයුතු කළා. මම වැඩි පිරිසක් ආශ්‍රය කළේ සිංහල මිනිස්සු.

අපි හැමෝම එකට එකතුවී ආගම් අනුව වෙනස් වෙන්න කලින් ලාංකිකයන් වන්නේ කෙසේද කියා සිතිය යුතුයි. අපි මුලින්ම මේ ලෝකෙට ආවගමන් ආගම එන්න කලින් මේ ලෝකෙට ආව ගමන් ශ්‍රී ලංකිකයන්. ඉන් පසුවයි ආගම එන්නේ. ඒ නිසා අපි මුලින්ම ජීවත්වන රටට ආදරය කරන්න ඉගෙන ගත යුතුයි. ඒක උගන්වන්න පුළුවන් හොඳම තැන පාසල. පාසල යාවත්කාලීන කර හැමෝටම එකට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් ඇති කළ යුතුයි. පාසලේ එක ළමයෙක් සිටියත අදාළ ආගම උගන්වන්න ගුරුවරයෙක් සිටිය යුතුයි. ඔවුන් ඒ සංස්කෘතියට අනුව ජීවත් වෙන්නත්, ඒ සංස්කෘතියට ගෞරව කරන්නත් ඉගැන්විය යුතුයි. එහෙම උනාම ඒ වෙනස්කම පේන්නේ අභියෝගයක් විදිහට නෙමෙයි. පොහොසත්කමක් හැටියටයි. ඒ විවිධත්වය තුළ හැමෝටම ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත්විය හැකියි. එහෙම උනොත් අද අපි දකින ලංකාවට වැඩිය වෙනස් එකක් වීමට ඉඩ තියෙනවා. අපි බෙදිලා වෙන්වෙලා මරාගන්න ගියොත් අපි රටක් තියා අඟලක්වත් ඉතිරිවෙන එකක් නැහැ. මේ ත්‍රස්තවාදි ක්‍රියා නැවත ඇති නොවෙන්න හැමෝටම සමගියෙන් ජීවත් වෙන්න පරිසරයකුත් ඒත් එක්කම හදාගත යුතුයි. ඒකට පටු අරමුණු ඇති දේශපාලඥයනුත් ඒයින් එළියට ආ යුතුයි. ඒ නිසා මේ ප්‍රශ්නෙදි අපි එකට එකතුවෙලා මුහුණ දෙමු. ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අපි නැගීසිටිමු.

මනෝජ් රූපසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *