බස් වර්ජනය අසාර්ථකයි – වෘත්තීය සමිති පිළිගනියි

සමස්ථ ලංකා බස් රථ සේවකයින්ගේ සංගමය ඊයේ (10) දින ක්‍රියාත්මක කළ බස් වර්ජනය ආසාර්ථක වූ බව පිළිගෙන තිබේ. ඊයේ දින සාමාන්‍ය පරිදි බස් ධාවනය වූ බව පෙනෙන්නට තිබුණි.

මින් පෙර යම් වර්ජනයක් ආසාර්ථක වීමට බල පෑවේ, උසාවි නියෝගයකින් වර්ජනය තහනම් කිරීම, මැර ප්‍රහාර වලින් වර්ජනය කඩාකප්පල් කිරීම වැනි හේතුය. එහෙත් මෙවර එය අසාර්ථක වූයේ වෘත්තීය සමිති තීරණ ක්‍රියාත්මක නොකර බස් රථ රියැදුරන් බස් රථ ධාවනය කිරීම නිසාය.

මෙම වර්ජනය ක්‍රියාත්මක කළේ සමස්ථ ලංකා බස් රථ සේවක සංගමය විසිනි. වර්ජනය අසාර්ථක වීමෙන් පසු සංගමයේ ප්‍රධාන සංවිධායක කුමාරරත්න රේණුක මහතා මාධ්‍යට පවසා සිටියේ මෙවන් අදහසකි. ‘අපි කිසිම කෙනෙක් බලහත්කාරයෙන් නවත්වලා නෑ. විසි පන්දාහක දඩයක් ගෙවන්න පුළුවන් ද නැද්ද කියලා රජයට පෙන්වන්න කියල. අද මේ බස් රථ ධාවනය කරන රියැදුරන්ගෙන් අපිට පැහැදිලි වෙනව රුපියල් විසි පහන්දහසක දඩයක් නෙමේ පනස් දාහද දඩයක් වුණත් ගෙවා ගැනීමේ හැකියාවක් තියන රියැදුරෝ ලංකාවෙ ඉන්නවා .අපි පරජය පිළිගන්නවා. කියාය.

වර්ජනය පිළිබඳව ජනතාව කියා සිටියේ වැරදි නොකර රිය පදවනවා නම් දඩ මුදල් ගෙවීමට සිදුනොවන බවත්. මෙමගින් හරි විනය ගරුක රියදුරන් බිහිවෙනවා නම් දඩ මුදල් වැඩි කිරීම යහපත් ක්‍රියාවක් බවත්ය.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *