2020 ජනාධිපති අපේක්ෂක ගෝඨාට ඇමරිකානු අධිකරණයකින් සිතාසි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එරට අධිකරණයකින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකළ පෙත්සමකට අදාළව එම සිතාසි නිකුත් කර ඇති බව සඳහන්.

ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ සිය පියා වන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවට ඇය එම පෙත්සම ගොනු කර තිබේ.

ඔහුට එම සිතාසිය භාර දී ඇත්තේ කැලිෆෝනියාවේ Traders Joe’s American Grocery Store නම් සුපිරි වෙළෙඳ සංකීර්ණයේදී ය.

ලැබී ඇති තොරතුරු අනුව ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ඇමරිකාවේ ගොස් සිටින්නේ ඔහුගේ මිතුරු සංජීව ගුණසේකරගේ දියණියකගේ විවාහයට සහභාගී වීම සඳහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *