මාකඳුරේ මධුෂ් ලංකාවට එවයි! යළි ඩුබායි යන්නත් සම්පූර්ණයෙන් තහනම්!
මාකඳුරේ මධූෂ් ගෙන්වා ගැනීමට සාකච්ඡා කිරීමට විදේශ කටයුතු ඇමති තිලක් මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්සත් එමීර් රාජ්‍යට මේ වන විටත් ගොස් කළ සාකච්චා සාර්ථක වී ඇති බවත් එරටේ නීතිමය කටයුතු අවසන් වූ පසු මදුෂ් මරටට එවීමට එරට රජය එකග වී ඇති බවත් වාර්තා වෙයි . විදේශ අමාත්‍ය තුමා ඇතුළු පිරිස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති අන්වර් බීන් මොහොමඩ් හමු වී මධූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති තුමාගෙ පණිවිඩයක් එරට ජනාධිපති ෂේක් කලිෆා බීන් කුමරු වෙත ලබාදීමට ඔහු අතට පත්කිරීමෙන් අනතුරුව සාකච්ඡා කර තිබේ.
මේ අතර මධූෂ් තමා එරටින් පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් ඩුබාහි අධිකරණයේ අභියාචනයක් ගොනු කර ඇත. එමගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන් ව්‍යාපාරිකයෙකු බවත් තමාගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණයක් ඩුබායි රාජ්‍යයේ පවතින බවත්, තමන් පිටුවහල් කළහොත් ඒ වත්කම් සියල්ල අහිමි වී යාමෙන් ඩුබායි රාජ්‍යට සේවය කිරීමේ අවස්ථාව අහිමි වී යන බව ද මධූෂ් විසින් ගොනු කරන ලද අභියාචනයේ සඳහන් කර ඇත.
මධූෂ් පිළිබඳ එරට පරීක්ෂණ අවසන් වූ පසු එරටින් පිටුවහල් කර ලංකාවට එවන බව ඩුබායි විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා දූත පිරිසට පොරොන්දු වී ඇත.
මෙලෙස මධූෂ් ලංකාවට පිටුවහල් කෙරෙන්නේ උදර්පන නීති යටතේ නොවන බව නීති විශාරදයින් පෙන්වා දෙයි. මෙලෙස පිටුවහල් කරන ලද පුද්ගලයෙකුට යළිත් ඩුබායි දේශයට ඇතුල් වීම සහමුලින්ම තහනම් වේ.
මධූෂ් ඩුබාහි රැඳී සිටියේ ව්‍යාජ ලෙස සකසන ලද වීසා බලපත්‍රයකින් බව මේ වන විට කරන ලද පරීක්ෂණ වලින් හෙළිදරව් වී ඇත. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද ව්‍යාජ එකක් බව පරීක්ෂණ වලින් හෙළිදරව් වී ඇත. එහි සඳහන් වී ඇත්තේ ද ව්‍යාජ නමකි. මේ අනුව මධූෂ් ඩුබාහි පවතින නීති කීපයක්ම මේ වන විට උල්ලංගනය කර ඇත.
මනෝජ්
