ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු වැටුප් ඉහල දාගන්න ගෙනා චක්‍රලේඛය අධිකරණයෙන් නවත්වයි
අනෙකුත් විදුලි සේවකයන් හා විදුලි ඉංජිනේරුවන් අතර විශාල වැටුප් පරතරයක් ඇතිවන පරිදි ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කොට තිබු වැටුප් චක්‍රලේඛය අවලංගු කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කළේය . ලංකා විදුලි සේවක සංගමය ඉදිරිපත් කොට තිබු රිට් පෙත්සමක් විභාගයට ගත් අධිකරණය ප්‍රකාශ කළේ මෙම චක්‍රලේඛය නිති විරෝධී බවයි . ලංකා විදුලි බල මණ්ඩලය , ඉංජිනේරු සංගමය ඇතුළු පරසව 37ක් පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබිණි .
