වගවීම ව්‍යවස්ථාවටම ඇතුල් කළ යුතුයි – ආචාර්ය සුජාතා ගමගේ
නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නේ ද නැතහොත් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ද යන්න පැහැදිළි නැතත් ව්‍යවස්ථාව පිළිබඳ කථිකාවක් ඇත. මෙයින් කොයිඑක වූවත් ව්‍යවස්ථා පුතිසංස්කරණයේ දී, අයිතිවාසිකම් වලට අමතරව තව වැදගත් කරුණක් කෙරෙහි මගේ අවධානය යොමුවේ. එකක් තමයි වගවීම කියන කාරණය. නියෝජන දේශපාලනයේ දී කිසියම් කාල සීමාවකට පාලකයින්ට බලය ලබාදෙන්නේ කොන්දේසිවලට යටත්ව ය. එසේ පාලන බලය ලබාදුන් පසු, අපි වෙනුවෙන් ඒ මන්ත්‍රිවරු හරියට වැඩ කරනවා ද නැත් ද කියන එක බලන්නට අවශ්‍ය ය. එසේ ක්‍රියා නොකරන්නේ නම් ව්‍යවස්ථාවෙන් නියම වී ඇති කාලසීමාවට පෙර නැවත කැඳවීමට ක්‍රමයක් තිබේ නම් ඒක ඉතා වැදගත්. එහෙත් එවැනි දියුණු ප්රජාතන්ත්රවාදී ක්‍රමයකට යෑමේ හැකියාවක් අපිට නැත. එහෙයින් සිල්ලර මට්ටමෙන්, මේ අය වගවීමට බැඳෙන යාන්ත්‍රණයක් සහතික කෙරෙන වගන්ති ව්‍යවස්ථාවට අනිවාර්යෙන්ම ඇතුලත්විය යුතුයි.
ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය වන්නේ නම් මේ තොරතුරු තාක්ෂණයේ තිබෙන දියුණුවත් එක්ක වගවීම සම්බන්ධ කළ හැක. එසේ කරන්නේ නම් මේ නාස්තිය හා දුෂණය සම්බන්ධයෙන් අපිට කරන්නට දෙයක් නැතිවෙන්නට පුළුවන. මක් නිසා ද යත් ඒ යාන්ත්‍රණය තුලින්ම ඒ අය වගවීමට බැඳෙන හෙයිනි. ඒ නිසා අලූතෙන් කරනවා යැයි කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට නව තාක්ෂණ දැණුම ගලපා ගන්නට ව්‍යවස්ථා සම්පාදකයින් සමත් වියයුතු වේ. එසේ වන විට ව්‍යවස්ථාව එතරම් විශාලවීමට ද අවශ්‍ය නැත. ඒ අලූත් රාමුවේ සිට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය දෙස බැලීම වඩාත් සුදුසු බවයි මට පෙනෙන්නේ.
ඕනෑම පනතකට වගවීමේ වගන්තියක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවට ඇමෙරිකානු ව්‍යවස්ථාවේ සඳහන් වේ. උදාහරණයක් ලෙස රටේ විද්‍යාව වෙනුවෙන් විද්‍යා ඇකඩමීය කර තිබෙන දේ පිළිබඳව, වසරකට වරක් කොන්ග්රස් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. ඒ ආකාරයට හැම අමාත්‍යංශයක්ම තම කාර්ය සාධනය කොන්ග්‍රසයට එසේ ඉදිරිපත් කරන්නට ඕනේ. ඒ අය වසර දෙකකට වරක් එය පොතක් ලෙස මුද්‍රණයකර ප්‍රකාශයට පත්කරන බව ද කිවයුතු ය.
අපේ රාජ්‍ය ආයතන රාජ්‍ය ප්‍රතිපත්ති නිවැරදිව හා කාර්යාක්ෂමව කි‍්‍රයාවට නගනවා ද යන්න පිළිබඳව ගවකිව යුත්තේ අපගේ නියෝජිතයින් ය. රාජ්‍ය ආයතනවල තිබෙන විශාලම අඩුපාඩුවක් තමයි තොරතුරු නැතිවීම. අපේ ආයතන වාර්ෂික වාර්තා හෝ වෙලාවට භාරදෙන්නේ නැත. මේක තොරතුරු දැනගැනීමේ අයිතියටත් අදාළ යි. නමුත් මම කියන කාරණය තොරතුරු දැණගැනීමේ අයිතියට වඩා වෙනස්. තොරතුරු දැනගැනීමේ අයිතිය කියන්නේ අපි ගිහින් ඉල්ලා ලබාගන්නා දෙයක්. වගවීම කියන එකෙන් කෙරෙන්නේ කාර්ය සාධනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ව්‍යවස්ථාවෙන්ම වගකීමට යටත් කිරීම.
අප රටේ අධ්‍යපනය ගතහොත්, සමහර පාසැල්වල ගුරුවරු අතිරික්තයක් ඉන්නවා. ඇතැම් පාසැල්වලට තියෙන්නේ ගුරු හිඟයක්. අධ්‍යපන අමාත්‍යාංශයට යම්කිසි වගකීමක් තිබෙනවා මේ ගුරුවරුන් ඉන්නේ කොතන ද කියන එක සොයා ප්‍රකාශයක් කිරීමට. සෑම ගුරුවරයෙකුගේම සුදුසුකම සහ ඒ අයගේ පත්වීම පිළිබඳව තොරතුරු තිබෙන නමුත් අධ්‍යපන අමාත්‍යාංශය මගින් ඒවාට වගකියන බවක් පෙනෙන්නේ නැහැ. නමුත් ව්‍යවස්ථාවේ විධිවිධාන තිබේ නම් ඒ වගකීම පනතට ද ඇතුල් වෙනවා. තොරතුරු තාක්ෂණයත් සමඟයි මේක සම්බන්ධ වෙන්නේ. ඉස්සර නම් හිතන්නවත් බැහැ මේ වගේ දෙයක් පනත් වලට දාන්න පුළුවන් ද කියලා. අළුතෙන් ව්‍යවස්ථාවක් හදනව නම් මේ තොරතුරු තාක්ෂණයේ තිබෙන දියුණුවත් එක්ක විවෘත ආණ්ඩු කරණය කියන එක අනිවාර්යයෙන් ව්‍යවස්ථාවේ අංගයක් වියයුතු යි.
එවිට හැම අවුරුද්දකම කාර්ය සාධන ඉලක්ක පාර්ලිසෙම්න්තුවට ඉදිරිපත් කිරීමට ඇමතිවරයා බැඳෙනවා. ජනතාවට කාර්ය සාධනය පිළිබඳ දැනගැනීමේ අයිතියක් තිබේ යන්න පනතේ සඳහන් වීම ප්‍රමාණවත් ය. මේ වගේ වගන්තියකින් මොනවගේ දේවල් කරන්නට පුලූවන් ද? මේක තමයි වගවීමේ පදනම. මහජන වරමක් ලැබූ පමණින්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පුළුවන් වුනා ආණ්ඩුවේ සේවක සංඛ්‍යාව ලක්ෂ 14 දක්වා වැඩි කරන්නට. රටේ ජනතාව පුද්ගලිකව කියන්නේ නැ මේක මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් කියලා. තවත් කාටහරි රක්ෂාවක් ලැබෙන නිසා හැමෝම ඒ ගැන හිතන්නේ නෑ. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒ තීරණය නිසා රජයේ කාර්ය සාධනය මොනතරම් අඩුවන්නේ ද? ඒ වගේ තීන්දු නිසා රජයේ කාර්ය සාධනයට සිදුවන හානියේ ප්‍රමාණය හිතාගන්නට නොහැක. නමුත් ජනාධිපතිවරයාගේ මේ තීරණය වළක්වන්නට ව්‍යවස්ථාවෙන් කිසිදු විධිවිධානයක් ඇත්තේ ද නෑ. ලංකා ගමනා ගමන මණ්ඩලය ගතහොත් එහි එක් බසයකට සේවකයෝ 10ක් පමණ සිටිති. එය බලයට පත් වූ දේශපාලන පක්ෂයේ අනුගාමිකයින්ට රැුකියා දෙන ආයතනයක් මිස ආයතනයේ කාර්යක්ෂමතාවය ගැන සැළකිල්ලක් නැත. කාර්ය සාධනය සම්බන්ධයෙන් ඇමතිවරයා වගවීමට නම් ව්‍යවස්ථාවෙන් එය කළ හැක ඒ නිසා පත්වෙන ආණ්ඩුවලට කාර්ය සාධන පිලිබඳ යම්කිසි වගවිමක් ව්‍යස්ථාවෙන් ඇතිකරන්නට ඕනේ කියලයි මම හිතන්නේ
