අය වැය අවසන් චන්දය එජාපය පහසුවෙන් දිනනවා – ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරුන් පිරිසක් එජාපයට සහය දෙනා බවත් ඔවුන්ගේ සහයෙන් එජාපය අය වැය අවසන් චන්දයද පහසුවෙන් ජයගනු ඇති බවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ප්රකාශ කළේය . බත්තරමුල්ල නෙලුම් මාවතේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළේය .එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්චා වලට දමෙම තත්ත්වය අහිතකර ලෙස බලප ඇති බව ද ඒ මහතා පැවසීය .
