නාමල් දුන් හඬ පටවල පොලිස්පතිගේ කටහඬ
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් ගැන අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (19) කැඳවනු ලැබීය. එහි දී ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සනාථ කිරීමට මේ දක්වා ලැබී ඇති සාක්ෂි ඇතුළත් සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව විසින් අධිකරණයට ලබාදෙන ලදී.
මෙම නඩුව අවසන් වරට කැඳවූ පසුගිය 6 වෙනිදා නීතිපති දෙපාර්ථමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලිප ප්‍රදීප් මහතා ප්‍රභූ ඝාතන කුමන්ත්රණවලට අදාලව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ප්‍රකාශකරනු ලැබීය.
ඒ අනුව අදාල සාක්ෂි ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව කළ නියෝගයකට අනුව අද (19) දිනයේ අදාළ සම්පිණ්ඩන වාර්තාව ඉදිරිපත් කරන ලදී.
මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධව දූෂණ විරෝධි බලකායේ හෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර ලබාදුන් රහසිගත දුරකථන සංවාද ඇතුළත් හඬ පට අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කර තිබෙන අතර එහිදී අනාවරණය වී ඇත්තේ පූජිත ජයසුන්දර මහතාගේ කටහඬ ද අදාල දුරකථන සංවාදයක ඇතුළත් වී තිබූ බවයි. ඒ බව රජයේ රස පරීක්ෂකවරයා කළ පරීක්ෂණයේ දී තහවුරු වී ඇති අතර ඊට අදාළ වාර්තාව පසුගිය දා අධිකරණයට ඉදිරිපත් කර ඇත.
උසස් පොලිස් නිලධාරියකු මාධ්‍ය වෙත පවසමින් කියා සිටියේ ‘නුඹට චෙක්පත් ලැබුණේ ද? මුදල් ලැබුණේ ද?, සහ ‘එම මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසට, අවවාද ඇතුළත් සංවාද එහි අන්තර්ගතව තිබූ බවයි.
මේ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්කර මහතාගෙන් තෙවන වරටත් පසුගිය ඉරිදා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව කියා සිටියේය.
