ටීඑන්ඒ – ජවිපෙ හමුවෙයි.. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසියට ප‍්‍රතිපත්තිමය එකඟතාවක්..

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී 2/3 අනුමැතිය ලබැගැනීම සඳහා වන සාකච්ඡුා මාලාවක් මේ වන සිදුවෙමින් පවතී. එහි තවත් එක් සාකච්ඡුාවක් පසුගිය එකළොස්වැනිදා දෙමළ ජාතික සන්ධානය සමඟ ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඞී. ලාල්කාන්ත යන අය ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූ අතර මෙම අවස්ථාවට ටීඑන්ඒ සංවිධානයට අයත් පක්ෂ 07ක් නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, අඩෙක්කලනාදන් සහ ඞී. සිද්ධාර්ථන් ඇතුළු මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු සහභාගි වූහ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා තමන් ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව ටීඑන්ඒ නායකයෝ ජවිපෙට දැන්වූහ. ”ජනාධිපතිවරයා සමඟ අපි දේශපාලන විසඳුමක් ගැන කතාකළා. ජනාධිපතිවරයා ඒ ගැන එකඟතාවය පළකළා. ඒ වගේම දේශපාලන විසඳුම පිළිබඳව අපේ මන්ත‍්‍රීවරුන් සහ ජනාධිපතිතුමාගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සහිත කමිටුවක් පත්කළා. ජූලි මාසය වන විට වාර්තාවක් දෙන්න එකඟ වෙලා තිබෙනවා.” සම්බන්ධන් ප‍්‍රකාශ කළේය. ”රටේ සියලූම ජනකොටස් නියෝජනය කරමින් ඔවුන් පාලන බලය සඳහා සම්බන්ධ කරගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ සම්බන්ධයෙන් වන පුළුල් සාකච්ඡුාවකට අපි එකඟයි. සියලූම ජන කොටස් සාධාරණ ලෙස පාලන බලයට සම්බන්ධ කරගන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය. ”අපේ රටේ ප‍්‍රධාන පක්ෂ හරි මඟට ගන්න ජවිපෙ සහ අපි එකතුවෙලා වැඩ කරන්න ඕනෑ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපේ ස්ථාවරයන් වෙනස් වුණාට අපිට ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකතුවෙලා වැඩ කරන්න පුළුවන්.” සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පැවසීය. ”විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කාලයක ඉඳලා ජනාධිපති අපේක්ෂකයෝ පොරොන්දු දුන්නා. නමුත් ආවට පස්සේ කළේ නැහැ. ඒ නිසා අපි මේ ගැන තීරණයක් ගන්න ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ජනතාවට ඒ අවස්ථාව ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා මේ ගැන සාධනීය ලෙස සලකලා ඡුන්දය ලබාදුන්නොත් පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ 2/3 ඡුන්දය ඉතාම වැදගත්.” අනුර දිසානායක පැහැදිලි කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුත් 20 ගැන වාද විවාද..

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග‍්‍රසය, කම්කරු ජාතික සංගමය, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල රාහුෆ් හකීම්, පලනි දිගම්බරන්, රිෂාඞ් බදුර්දීන් සහ මනෝ ගනේෂන් යන පක්ෂ නායකයින් සමඟ පාර්ලිමේන්තුවේදී නිල නොවන මට්ටමින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡුා පවත්වා තිබේ. එම පක්ෂ හතරම එක් අවස්ථාවකදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට එකඟතාවය පළකොට ඇති අතර එම සාකච්ඡුාව ඉදිරි සතියේදී සිදුවීමට නියමිතය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරු පිරිසක්ද මේ සම්බන්ධයෙන් විවාද විවාද පවත්වමින් සිටිති. පාර්ලිමේන්තු ලොබියේදී, ආපනශාලාවේදී එම පිරිස විවාද විවාද පවත්වන අතර ජවිපෙ මන්ත‍්‍රීවරුන් සමඟ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව නිල නොවන මට්ටමේ සාකච්ඡුා පවත්වති. කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග ඇතුළු මන්ත‍්‍රීවරුන් 30කට ආසන්න විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එකඟතාව පළ කරන පිරිසක් මෙම වාද විවාදවලට මූලිකත්වය ලබාදෙමින් සිටිති.

ඉල්ලා අස්වූ රූපවාහිනි අධ්‍යක්ෂවරයෙක් කෝප් කමිටුවෙන් එළියට දාලා...

රූපවාහිනි සංස්ථාවේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කෝප් කමිටු විමර්ශනයක් පසුගිය අටවැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී අධ්‍යක්ෂක මණ්ඩලය කෝප් කමිටුවට කැඳවා තිබු අතර ඉන් දෙදෙනකු එදින පැමිණ නොසිටියහ. මේ අතර පළමු කෝප් විමර්ශනයෙන් අනතුරුව එක් ක‍්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු විජිත් විජිතමුණිගේ ඥාතියෙකු වන පුද්ගලයෙකි. කෙසේ වෙතත් පළමු කෝප් විමර්ශනයට නොපැමිණි අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට නොපැමිණීම පිළිබඳව නිදහසට කරුණු දක්වන ලෙස සභාපතිවරයා විසින් විශේෂ කැඳවීමක් සිදුකොට තිබිණී. එම අවස්ථාවට ඉල්ලා අස්වූ අධ්‍යක්ෂකවරයාද පැමිණ සිටි අතර සභාපතිවරයා විසින් ඔහු ආපසු හරවා යවා තිබුණේ ඔහුට කැඳවීමක් සිදුනොකර තිබීම නිසාත් ඔහු තවදුරටත් අධ්‍යක්ෂකවරයෙකු නොවන නිසාත්ය. පළමු පරීක්ෂණයට නොපැමිණි උක්ත අධ්‍යක්ෂකවරුන් දෙදෙනා සභාපතිවරයාගෙන් සමාව භජනය කොට නිදහසට කරුණු ඉදිරිපත් කර තිබේ. විමර්ශනය ඉදිරියටත් පැවැත්වෙමින් තිබේ. මේ අතර වංචා ¥ෂණවලට සම්බන්ධ අලෙවි අධ්‍යක්ෂවරයා මාස තුනක් ඇතුළත ඉවත් කිරීමටද තීරණය වී ඇති බව වාර්තා වේ. එමෙන්ම වසර 37කට පසුව රූපවාහිනි සංස්ථාවේ වෘත්තීය සමිති අටම එක්වී සංස්ථාවට සිදුවී ඇති විනාශයෙන් ගොඩගැනීමට වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භ කොට තිබේ. පාට පක්ෂ බේදයෙන් මෙලෙස වෘත්තීය සමිති එක් බැනරයක් යටතට රැුස්වූ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

වසර 18කට පසු හඳුන්නෙත්ති තමන්ගේ පාසලට යයි

මාතර කොටපොල මහ විද්‍යාලය යනු ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ මුල් පාසලය. දැන් එය ජාතික පාසලකි. පසුගිය සතියේ කොටපොල ජාතික පාසලේ තෑගි ප‍්‍රදානෝත්සවයක් සංවිධානය විය. ඒ පාසලේ දක්ෂතම දරුවන් ඇගයීමේ තෑගි ප‍්‍රදානයයි. මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාය. ඔහුට තම පාසලට යෑමට අවස්ථාව ලැබී තිබුණේ වසර 18කට පසුවීම විශේෂත්වයකි. ඒ විවිධ දේශපාලන හේතු නිසා පාසලේ කටයුතුවලට ආරාධනා නොලැබීම නිසාය. ගුරුවන් ඇතුළු සිසුන්ගේ උණුසුම් පිළිගැනීමෙන් අනතුරුව උත්සවය ඇරඹිණි. තෑගි ප‍්‍රදානයෙන් පසුව මන්ත‍්‍රීවරයා කතාවක්ද කළේය. ”දැන් පාසල්වල තියෙන්නේ තරගයක්. ඇතැම් ළමුන්ට තමන්ගේ විෂය කරුණු විතරක් නෙවෙයි තමන්ගේ ගුරුවරුන්ගේ නම් පවා වසර දෙක තුනකින් අමතක වෙලා යනවා. අධ්‍යාපනයත් අද වෙළඳපොළක්. ඒ නිසා ටියුෂන්වලින් තමයි අධ්‍යාපනය ලැබෙන්නේ කියලා විශ්වාසයක් තියෙනවා. තමන්ගේ පාසල් ගුරුවරුන් ළමයින්ට මතක නැහැ. අපිට උගන්වපු ගුරුවරුන්ගේ නම් තවම මතකයි.” මන්ත‍්‍රීවරයා තමන්ට උගැන්වූ ගුරුවරුන් 20කට අධික පිරිසකගේ නම් මතක් කළේය. ”ඔබතුමා කිවුවා ඇත්ත. අපේ ළමයින්ට දැන් පාසල් ගුරුවරුන්ගේ අගයක් නැහැ. මේ අධ්‍යාපනය ක‍්‍රමය නිසා ගුරුවරුන්ට විතරක් නෙමෙයි ළමයින්ටත් වටිනාකමක් ලැබෙන්නේ නැහැ. හොඳ අධ්‍යාපන ක‍්‍රමයක අවශ්‍යතාවය දැන් තියෙනවා” පාසලේ ගුරුවරයෙක් මන්ත‍්‍රීවරයාට පැවසුවේ ඔහුගේ කතාව අනුමත කරමිනි.
සයිප‍්‍රස්හි ලාංකිකයින්ගේ සුභසාධන අරමුදල ලබාගන්න ගිවිසුමක් නැහැ..

රුපියල් ලක්ෂ ගණනක් අපතේ..

සයිප‍්‍රස්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ වැටුපෙන් කොටසක් සහ සේව්‍යයාගෙන් අයකර ගන්නා මුදලක් මගින් පිහිටුවා ඇති සමාජ ප‍්‍රතිලාභ අරමුදල නැවත ලබාගැනීමේ ගැටලූවක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන් ‘සමාජ ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා වන ශ‍්‍රී ලංකා සයිප‍්‍රස් එකමුතුව’ පසුගිය සතියේ එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති හමුවිය. ”සයිප‍්‍රස්වල වැඩකරන අපිට සමාජ ප‍්‍රතිලාභ අරමුදලක් හදලා දැන් වසර ගණනාවක් වෙනවා. සමහරු අවුරුදු 25ක් 30ක් සයිප‍්‍රස්වල වැඩකරපු අය ඉන්නවා. සමහරුන්ට මේ අරමුදලෙන් ලක්ෂ විසිපහ තිහ ලැබෙන්න නියමිතයි. නමුත් ලංකාවේ රජයත් සයිප‍්‍රස් රජයත් අතර අත්සන් කළ යුතු ගිවිසුම තවම අත්සන් කරලා නැහැ. ඒ නිසා අපට මේ මුදල ලබාගන්න විදියක් නැහැ. සමහරු මේ මුදල ලබාගන්න බැරි නිසා සයිප‍්‍රසයට වෙලා ඉන්නවා. මේ තරම් කාලයක් මහන්සි වෙලා උපයා ගත්ත මුදල ලබාගන්න වැඩපිළිවෙළක් හදන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ.” සංවිධානයේ සාමාජිකයින් ගැටලූව පැහැදිලි කළේය. ”එතෙර අපි සංවිධානය විදියට අපිත් මේ ප‍්‍රශ්නය ගැන හොයලා බැලූවා. අපේ රටේ බලධාරීන්ට මේ ගැන වුවමනාවක් නැති එකයි ප‍්‍රශ්නේ. නැතිනම් මේ වගේ ගිවිසුම්ද අපේ ආණ්ඩු ගහලා තියෙන්නේ. ඇමතිට කොමිස් එකක් ලැබෙන ගිවිසුම් විතරයි ඒ අයට ඕනෑ. ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ගිවිසුම් ගැන වගේ වගක් නැහැ. අපි මේ ගැන අයවැය විවාදයේදීත් අවධානය යොමු කරන්නම්. අමාත්‍යංශය එක්ක සාකච්ඡුාවක් ගන්න උත්සහ කරමු.” සුනිල් හඳුන්නෙත්ති ගැටලූව විසඳීමට මැදිහත් වෙන බව පොරොන්දු විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *