විද්‍යුත් මාධ්‍ය නියාමනයට කොමිසමක්
මෙරට සියලු විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය නියාමනය කීරීම සදහා කොමිසන් සභාවක් ස්ථාපිත කිරීමේ නීති හදුන්වාදීමට රජය තීරණය කොට ඇති බව දැනගන්නට ඇත . පසුගිය දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකුටම අගමැතිතුමා මේ බව දැනුම් දී ඇත .
මේ වනවිට විද්‍යුත් මාධ්‍ය ආයතන රැසක් මෙරටෙහි බිහිව ඇතත් එම ආයතනවල කටයුතු නියාමනයට මේ වනවිට කිසිදු ආයතනයක් නැත .එම තත්ත්වය ගැටළු කාරී බව ආණ්ඩුවේ මතය වී ඇතැයි කියති . එම තත්ත්වය අවසන් කීරීම නව නීති හදුන්වාදීමේ අරමුණ බවද දැනගන්නට ඇත .
