බැංකු පොලී ඉහළ යයි

බැංකු සහ මුල්‍ය ආයතන පොලී අනුපාත ඉහළ දමා ඇති බව වෙළදපොල ආරංචි මාර්ග කියයි . තැන්පතු සදහා ගෙවන පොලිය මෙන්ම ණය සදහා අයකරන පොලියද මෙලෙස ඉහළ දමා ඇත .

සම්පත් බැංකුවේ මාස හයේ ස්ථිර තැන්පතු සදහා ගෙවන පොලිය සියයට හයේ සිට හත දක්වා සියයට එකකින් ඉහළ දමා ඇති අතර ණය සදහා අයකරන පොලියද සියයට එකකින් වැඩිකොට ඇත . අනෙක් බැංකු හා මුල්‍ය ආයතනද මෙයට සමාන ලෙස පොලී වැඩිකරමින් සිටින බව වාර්තා වෙයි .

රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද ණය ගැනීම් ඉහළ යාම මෙලෙස බැංකු පොලී ඉහළ යාමට හේතු වී ඇති බව වෙළෙදපොල ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *