මෛතී‍්‍රපාල සිරිසේනගේ එකම අරමුණ වී තිබෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමයි ඒ වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කරනවා – ජවිපෙ නායක අනුර දිසානායක
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට මාර්තු මුල් සතිය වෙන කොට මාස 06ක් සම්පූර්ණ වෙනවා. ඒ සම්බන්ධයෙන් මාස 06ක් ඇතුළත ආණ්ඩුවේ මතය ප්‍රකාශ කොට නොමැති නිසා, පක්ෂ නායක රැුස්වීමේ සාකච්ඡුාවකින් පසුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කොට විවාදයට ගත යුතුව තිබෙනවා.
1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කොට දැනට වසර 40කට වඩා වැඩියි. මේ වසර 40ක කාලය තුළ විධායක ජනාධිපති ක්රමයේ අසාර්ථකභාවය ඔප්පු කොට තිබෙන අතර, ඒ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය රටට යෝග්‍ය බව ඕනෑවටත් වඩා ඔප්පු කොට තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය මගින් පාලනය කළ වසර 40ක කාලය තුළ සිදුවීම්වලින් එහි විනාශකාරීභාවය ඔප්පු කොට තිබෙනවා. විධායක ජනාධිපති බලතල පාවිච්චි කරමින් පක්ෂ තහනම් කිරීම, වෘත්තීය සමිති තහනම් කිරීම, මැතිවරණ කල් දැමීම කුමන්ත්රණකාරී ලෙස බලය අත්පත් කර ගැනීම් වැනි විනාශකාරී කි‍්‍රයාදාමයන් පිළිබඳව අත්දැකීම් ජනතාවට තිබෙනවා. එනිසා අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය වඩාත් සුදුසු බව යෝජනා කරනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පමණක් නොව විධායක ජනාධිපති ධුරය ඇති කළ 1978 සිටම අපේ රටේ ප්රගතිශීලී ව්‍යාපාර, බහුජන සංවිධාන, වාමාංශික ව්‍යාපාර ඊට එරෙහිව මත දක්වා තිබෙනවා. ඒ පමණක් නොව 1994 සහ 1999 ජනාධිපති ධුරයට තරග වැදී ජයග්‍රහණය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට එකඟ වුණා. මහින්ද රාජපක්ෂ 2005 දී සහ 2010 දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු දුන්නා. ඒ වගේම 2015 දී පොදු අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු මෛතී‍්‍රපාල සිරිසේනගේ ප්‍රධානතම පොරොන්දුව වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. මේ විදිහට 1994න් පසු අවස්ථා පහකදී ජනාධිපති ධුරයට තරගවැද ජයග්‍රහණය කළ ජනාධිපතිවරු සියලූදෙනාම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පොරොන්දු දී තිබෙනවා.
ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරමින් දැඩි ඒකාධිපති පාලනයක් ගෙන ගියා. ඔහු විසින් දේශපාලන පක්ෂ තහනම් කිරීම, වෘත්තීය සමිති තහනම් කිරීම, මැතිවරණ කල්දැමීම වැනි විනාශකාරී කි‍්‍රයාමාර්ග ගත්තා. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක වසර 11 පාලන කාලය තුළ කිසිවකට වග නොකියන තමන්ට ඕනෑ පරිදි අරාජික පාලනයක් ගෙන ගියා. මහින්ද රාජපක්ෂගේ වසර 10ක පාලන කාලය තුළ තම පවුල වටා අසීමිත බලයක් නිර්මාණය කර ගන්න විධායක ජනාධිපති ධුරය පාවිච්චි කළා. මෛතී‍්‍රපාල සිරිසේන සිය වසර 04ක පාලන කාලය තුළ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විකට, විගඩම්කාරී පාලනයක් ගෙනයමින් තිබෙනවා. ඔහු සිය පාලන කාලය තුළ විධායක ජනාධිපති ධුරය කොතරම් විගඩම්කාරී දැයි ඔප්පු කොට තිබෙනවා. එනිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව දැන් කිසිදු දෙගිඩියාවක් නැහැ. කළ යුතුව තිබෙන්නේ එය අහෝසි කිරීමේ කි‍්‍රයාමාර්ගවලට එළඹීමයි.
පසුගිය සැප්තැම්බර් 05 වැනිදා විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නිසා, මාර්තු මුල් සතිය වෙනවිට පක්ෂ නායක රැුස්වීම මගින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට හැකියාව තිබෙනවා. මේ වන තෙක් අගමැතිවරයාගේ නිර්දේශ ඉදිරිපත් කොට නොමැති නිසා පාර්ලිමේන්තුවට ඇතුළත් කිරීමට ඉඩ විවෘතවී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි සියලූ පක්ෂවලින් ඉල්ලනවා, මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ ඡුන්දයට හිරකරන්නේ නැතිව ජනමත විචාරණයකට යැවීම සඳහා තුනෙන් දෙක ලබාදෙන්න කියලා. මේ වන විටත් ලැබී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයකට යා යුතුව තිබෙනවා. එනිසා එය පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ තීන්දුවට යට නොකොට ජනතාව ඉදිරියට ගෙන යෑමට පාර්ලිමේන්තුවේදී ඡුන්දය භාවිතා කරන ලෙස සියලූම මන්තී්රවරුරන්ගෙන් මෙන්ම සියලූම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
ඉදිරි සතිය තුළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් නිල වශයෙන් සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔවුන්ගේ මන්තී‍්‍ර කණ්ඩායමේ ඡුන්දය තුනෙන් දෙක සඳහා තීරණාත්මක වෙනවා. ඒ වගේම අපි මේ වන විටත් දෙමළ ජාතික සංධානය සමග නිල නොවන මට්ටමින් සාකච්ඡුා කර තිබෙන අතර, නිල සාකච්ඡුාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරනවා. 2015 ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේනටත් වඩා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කෑමොර දුන්නේ රනිල් වික්රමසිංහයි. ඒ වගේම එ.ජා.ප.යේ පක්ෂ සමුළු දෙකකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනා සම්මත කරගෙන තිබෙනවා. එනිසා වංගු ගසා එය මඟහරින්න රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නැහැ. මුස්ලිම් කොංග්‍රසය, සහ මනෝ ගනේෂන්, රිෂාඞ් බදුර්දීන්, ඇමතිවරුන්ගේ පක්ෂ සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ විතරක් නොවෙයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතාව සමග පුළුල් සාකච්ඡුාවක් ආරම්භ කළ යුතුව තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්රණයෙන් පසුව මෙම විධායක ජනාධිපති ක්රමයේ විකාරරූපී බව ඔප්පු කළා. කුමන්ත්‍රණය සිදුවූ දින 52ක කාලය තුළ රට මුළුමනින්ම අරාජික කළා. එම සිදුවීමෙන් පසුව ව්‍යවස්ථාව පිළිබඳවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳවත් සමාජය තුළ පුළුල් කතාබහක් ඇති වුණා. එම සාකච්ඡුාව තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. කුමන්ත්‍රණය වෙලාවේ ව්‍යවස්ථාව වෙනුවෙන්, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කතා කරපු රනිල් වික්‍රමසිංහ අද බලය තහවුරු කරගැනීමෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ විවේචන යටපත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. එනිසා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සියලූම කණ්ඩායම් සමග අපි ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්න සූදානමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්රණ මාලාවක් මාර්තු මාසය පුරාවටම පවත්වන්න අපි කටයුතු කරමින් ඉන්නවා.
20වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළත්, එය සම්මත විය යුතු අවසන් යෝජනාව කියලා අපි කියන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් සියලූම පක්ෂවල සාධනීය යෝජනා සැලකිල්ලට ගෙන ඒවා ඇතුළත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අපි සූදානම්. පසුගිය කාලයේ 20වැනි සංශෝධනය නිසා රට බෙදෙන්න පුළුවන් කියලා අසත්‍ය මතයක් ගොඩ නැගුවා. ඒක කළේ මහින්ද රාජපක්ෂ වටා හිටපු, මහින්දගේ පිළිසරණක් නොමැති දේශපාලනයක් නැති කිහිපදෙනෙක් විසින්. නමුත් දැන් මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සුදුසු බව කිහිපවතාවක්ම ප්‍රකාශ කොට තිබෙන නිසාත්, ජනතාවගෙන් ඊට කිසිදු බාධාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කරන නිසාත්, එම පිරිසේ රට බෙදෙන චෝදනා තවදුරටත් වලංගු නොවන බව අපි කියනවා. ඒ වගේම 20වෙනි සංශෝධනය නිසා පාර්ලිමේන්තු මැතිවරණය කල් යන්න පුළුවන් කියලා මතයක් හදනවා. පළාත් සභා මැතිවරණය සීමානිර්ණ ගැටලූ නිසා කල්යමින් තිබෙන තත්වයක් තුළ එම සැකය සාධාරණ වුණත් 20වන සංශෝධනය සම්මත වීම නිසා මහ මැතිවරණය කල් යාමක් සිදුනොවන බව අවධාරණය කළ යුතුයි. මොකද, 20වැනි සංශෝධනය මගින් මැතිවරණ ක්‍රමය සංශෝධනයට අත තබා නැහැ. මේ වන විට තිබෙන පාර්ලිමේන්තුව 2020 සැප්තැම්බර් මාසය තෙක් වලංගු පාර්ලිමේන්තුවක්. නමුත් 20වැනි සංශෝධනය සම්මත වෙනවා නම් පාර්ලිමේන්තුව 2020 මාර්තු මාසයේ විසුරුවන්න අපි යෝජනා කොට තිබෙනවා. නමුත් එසේ තිබියදී නව ඡුන්ද ක්‍රමයක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වෙනවා නම්, එම ඡුන්ද ක්‍රමය පිළිබඳ සාකච්ඡුා නිශ්චිත කාලයක් ඇතුළත අවසන් කොට, මහමැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙන පරිදි සංශෝධනය කරන්න අපේ එකඟතාවයක් තිබෙනවා. මේ වන විටත් ඡුන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් තිබෙන සාකච්ඡුා සැලකිල්ලට අරගෙන එම යෝජනාව 20වැනි සංශෝධනයට ඉදිරිපත් වෙනවා නම් අපි එකඟ වෙන අතර, මහ මැතිවරණය කල් යනවා නම්, ඊටත් අපි විරුද්ධ බව අවධාරණය කරන්න කැමතියි.
මේ වන විට තිබෙන තත්වය තුළ ජාතික මැතිවරණයක අවශ්‍යතාවයක් රටට තිබෙනවා. මේ වන විටත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජනවාරි 08 ජනවරමට පිටුපාල ඉවරයි. රනිල් වික්‍රමසිංහ විසින් තාවකාලිකව අටවා ගත් ආණ්ඩුවට සැබෑ ජනවරමක් නැහැ. ඒ වගේම පළාත් සභා මැතිවරණ කල් යමින් තිබෙන තත්වයක් තුළ පරිපාලනය බිඳවැටී තිබෙනවා. 20වැනි සංශෝධනය සම්මතවීම හේතුකොට ගෙන ජනාධිපතිවරණයක් නොපැවැත්වීමට අවස්ථාව තිබෙන නිසා ජාතික මැතිවරණයක් ලෙස පැවැත්විය හැකි වන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයයි. එනිසා 20වැනි සංශෝධනය සම්මත වූ විගස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අපි එකඟයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව අපට තිබෙන්නේ සත්භාවයක්. රටේ ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් කිරීම පිළිබඳව ඇත්ත වුවමනාවක් අපිට තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම, කැබිනට් මණ්ඩලය ශක්තිමත් කිරීම, අධිකරණය, පොලිසිය ඇතුළු කොමිෂන් සභා බලාත්මක කිරීම, කළ යුතුව තිබෙනවා. ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අත්‍යාවශ්‍ය බව ඔප්පු වී තිබෙනවා. ඒ වාගේම රටේ ජනතාව මුහුණ දෙන එදිනෙදා ප්‍රශ්නවලට ව්‍යාවස්ථා සංශෝධනයකින් උත්තර ලැබෙන්නේ නැහැ. නමුත් එම අරගලවලට ප්රජාතන්ත්රවාදය පුළුල්වීම ඉතාම වැදගත් බව අපි දකිනවා. එම නිසා 20වැනි සංශෝධනය සාධනීය ලෙස ගෙන එය සම්මත කර ගැනීම සඳහා පක්ෂයක් ලෙස අපි උපරිමයෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ වන විට 20වැනි සංශෝධනය පිළිබඳව සාධනීය ලෙස අදහස් ඉදිරිපත් කොට තිබෙන මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම පිළිබඳව ඔහුට ස්තුතිවන්ත වෙනවා.
20වැනි සංශෝධනය හා 13 වැනි සංශෝධනය අතර කිසිදු බැඳීමක් නැහැ. 13වැනි සංශෝධනයෙන් පළාත් සම්බන්ධව ජනාධිපතිවරයාට ඇති කිසිදු බලතල 20වැනි සංශෝධනය මගින් සංශෝධනය වෙන්නේ නැහැ.
ජාතික ආණ්ඩුව සම්බන්ධව සාකච්ඡුාව මේ දිනවල දැඩි කතාබහකට ලක්වුණු එකක්. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණය වෙලාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පෙනී හිටපු රනිල් වික්‍රමසිංහ අද ජාතික ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාවේ හිල් හොයමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහගේ මෙම ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් වී තිබෙන්නේ ඇමති ධුර වැඩිකර ගැනීමේ අරමුණින් පමණයි. ඇමති ධුර 18කින් හා රාජ්‍ය ඇමති ධුර 5කින් ඇමති මණ්ඩලය වැඩිකර ගැනීමට මිස වෙන කිසිදු වුවමනාවක් මෙම ජාතික ආණ්ඩු යෝජනාවට නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ කරමින් ඉන්නේ කපටි නරියාගේ කි්රයාවයි. එනිසා මෙම ජාතික ආණ්ඩු යෝජනාව අපි සහතික ලෙසම පරාජයට පත්කරනවා. එනිසා දැන් එජාපය කළ යුත්තේ එම ජාතික ආණ්ඩු යෝජනාව න්‍යාය පුස්තකයෙන් ඉවත්කර ගැනීමයි.
ඊ.ටී.අයි. ගනුදෙනුව නිසා තැන්පත්කරුවන් තිස්තුන්දාහක් පමණ අසාධාරණයට ලක්වී සිටිනවා. මෙම ඊටීඅයි ආයතනයේ තැන්පතුකරුවන් වුණේ විශාල ධනපතියන් නෙමෙයි. තමන්ගේ නිවස ඉදිකර ගැනීමට තිබුණු මුදල් තැන්පත් කරපු පුද්ගලයින්, විදෙස්ගත වෙලා උපයාගත්තු මුදල් ටික තැන්පත් කරපු පුද්ගලයින්, තමන්ගේ ඊටීඑෆ් අරමුදල තැන්පත් කරපු පුද්ගලයන් මේ තැන්පත්කරුවන් අතර ඉන්නවා. ඔවුන් විශාල අසාධාරණයකට ලක්වෙලා තිබෙන අතර, ඊටීඅයි ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය මේ වන විට ඕස්ටේ්රලියාවේ, සිංගප්පූරුවේ, කැනඩාවේ ව්‍යාපාර කටයුතු කරමින් ඉන්නවා. ලංකාවේ මුදල් මේ විදිහට එළියට ගෙනියන්න ඉඩ ලබාදුන්නේ කොහොමද කියලා මහ බැංකුව පැහැදිලි කිරීමක් කළ යුතුයි. මේ විදිහට රටේ මුදල් එළියට යාම සම්බන්ධයෙන් මහ බැංකුව වගකිව යුතුයි. ඒ වාගේම එදිරිසිංහලාට අයිති ඇත්ත දේපළ පිළිබඳව විමර්ශනයක් කොට එම දේපොළ මගින් තැන්පත්කරුවන්ට වන්දි ලබාදීමට මහ බැංකුව කටයුතු කළ යුතුයි.
මේ වන විට ජනාධිපතිවරයාගේ චෝදනාව නීතිපතිවරයාට සහ අධිකරණය පැත්තට යොමු වෙලා තිබෙනවා. නීතිපති පත්කළේ ජනාධිපතිවරයායි. අග්රවිනිශ්චයකාරවරයා පත්කොට තිබෙන්නේ ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුවයි. පොලිස්පතිවරයා පත් කළේත් ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුවයි. ව්‍යවස්ථා සභාව කටයුතු කරන්නේ ව්‍යාවස්ථාවට අනුවයි. පසුගිය වසර තුනක කාලය තුළ ව්‍යවස්ථා සභාවේ කටයුතු ප්‍රශ්නයක් නොවුණු මෛතී‍්‍රට දැන් ව්‍යවස්ථා සභාව ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ ඇයි? ඇත්ත හේතුව දැන් මෛතී‍්‍රගේ දේශපාලන කඳවුර වෙනස්වී තිබීමයි. ඒක තමයි ඇත්ත. දැන් ඔහු නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ කඳවුරයි. මහින්ද රාජපක්ෂ කඳවුර පහුගිය කාලයේ අල්ලස් හෝ ¥ෂණ කොමිෂමට, බරපතළ වංචා-¥ෂණ විමර්ශන කොමිෂමට ප්‍රහාර දියත් කළා. එනිසා තමයි අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරියට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ. අද ඔවුන්ගේ වංචා-¥ෂණ පරීක්ෂණ සම්බන්ධයෙන් ඉදිරියට කි‍්‍රයාත්මක වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය තුළයි. එනිසා තමයි අද මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ප්‍රහාරය ඒ දෙසට යොමුවෙලා තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ චෝදනාවද එම කණ්ඩායම නියෝජනය කරන එකක්. මෙහි ඇත්ත අරමුණ වී තිබෙන්නේ තමන් නියෝජනය කරන පිලේ ¥ෂිතයින් ආරක්ෂා කර ගැනීමයි. එමනිසා තමයි ජනාධිපතිවරයා අභියාචනාධිකරණයට සභාපතිවරයෙක් පත්කර ගැනීම සම්බන්ධ කාරණය දඩමීමා කරගෙන ව්‍යවස්ථා සභාවට ප්‍රහාර එල්ල කරන්නේ.
ජනාධිපතිවරයා විසින් කියනවා නම්, බැඳුම්කර හොරුන්ට ද`ඩුවම් දෙන්න බැරි හොරු ආණ්ඩුවේ ඉන්න නිසා බව මොහොතකට අපි එය විශ්වාස කරමු. නමුත් ජනාධිපතිවරයා විසින්ම පත් කළ බරපතළ මූල්‍ය වංචා විමර්ශන කොමිෂමේ චූදිතයින් දැන් ඉන්නේ විපක්ෂයේයි. ඒ අතර මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, බැසිල්, විමල්, ඇතුළු චෝදනා ලැබූවන් තිස් ගණනක් ඉන්නවා. ඇයි ඔවුන්ට ද`ඩුවම් දෙන්න බැරි. ජනාධිපතිවරයාට කරගන්න දෙයක් නැති වුණාම එක එක වෙලාවල එක එක කතා කියනවා. හාස්‍යයට කරුණ වන්නේ ජනාධිපති කොමිසමෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස පත්කර ගැනීමයි. ඒ විතරක් නොවෙයි ජනාධිපතිවරයා දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස යෝජනා කළේත් ඔහුගේ කොමිසමෙන් චෝදනාවට පත්වූ ¥ෂිතයෙක්. දැන් මෛතී‍්‍රපාල සිරිසේනගේ එකම අරමුණ වී තිබෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමයි. ඒ වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කරමින් ඉන්නවා.
