කුඩු කෑ මන්ත්‍රී

අපේ මහත්තයෝ පාර්ලිමේන්තුවට පොලිසියකුත්  තියෙනවා නේද කියා මුදලාලි ඇසුවේ ඉස්කෝලෙ මහත්තයාගෙනි .

මට මතක තරමින් නම් පාර්ලිමේන්තු පොලීසියට කියනවා තමයි. මොකද මුදලාලිට හදිස්සියේ පාර්ලිමේන්තු පොලීසිය ගැන අහන්න හිතුනේ පැමිණිල්ලක් කරන්න තියෙනවද කියලා ඉස්කෝලේ මහත්තයා කිවේය.

මට හිතෙනවා ඉස්කෝලෙ මහත්තයෝ  පාර්ලිමේන්තුවට පොඩි යෝජනාවක් කරන්න කියා එවිට මුදලාලිලා කිවේය .

මොන  යෝජනාවක්ද අයවැයට නම් යෝජනා  පසුගිය දවස්වල ඉල්ලලා තිබුනා කියා එවිට  ඉස්කෝලෙ මහත්තයා කිවේය .

මේක අයවැය සම්බන්ධ යෝජනාවක් නෙවෙයි මුදල් අමාත්‍යාංශයට අදාළ යෝජනාවකුත් නෙවෙයි. වෙනමම  එකක් යයි මුදලාලි කීවේය.

මොකක්ද එතකොට ඔය යෝජනාව කියා ඉස්කෝලේ මහත්තයා ඇසූ විට මුදලාලි  කීවේ පාර්ලිමේන්තුවේ පොලීසිය සම්බන්ධ යෝජනාවක් කියාය.

කියමුකෝ බලන්න යෝජනාව මොකක්ද කියලා අපටත් මන්ත්‍රී කෙනෙක් හරහා වත් උදව්වක් කරන්න පුලුවන්ද කියලා බලන්නයැයි ඉස්කෝලේ මහත්තයා කිවිට  මුදලාලි කිවේ  මන්ත්‍රීවරුන්ගෙන් ඒ වැඩේට උදව්  ගන්න ටිකක් අමාරු වේ යැයි කියාය.

මොකක්ද එතකොට ඔය යෝජනාව කියා  ඉස්කෝලේ මහත්තයා නැවතත් ඇසුවේය.

පාර්ලිමේන්තු පොලිසියට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පටන් ගන්න කියලා යෝජනාවක් යැයි එවිට මුදලාලි කිවේය .

පාර්ලිමේන්තුවට මොකටද මත්ද්‍රව්‍ය නාශකයක් රටේම මත්ද්‍රව්‍ය මඩින්න ජනාධිපතිතුමා වැඩ  කරනවා. ඒක නිසා ලතීෆ්මහත්තයාගෙ කාලෙත් දික් කරලා දුන්නේ කියා  එවිට ඉස්කෝලේ මහත්තයා කීවේය.

ලතිෆ්  මහත්තයාගේ කාලේ දික් කරලා විතරක් මදි. රන්ජන්  ඇමතිතුමා කියන කතා ඇහුවනම් ලතීෆ් මහත්තයා පාර්ලිමේන්තු පොලිසියට අනුයුක්ත කරන්න ඕන.  යැයි මුදලාලි කිවේ, පාර්ලිමේන්තුවේ කුඩු ගහන මන්ත්‍රිලත් , ඇමතිලාත්  ඉන්නවා යැයි කියා රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා කියා තිබුණු නිසාය.

ඔව් මමත් දැක්කා සාටක රජතුමා  කියලා තිබුණා කුඩු ගහන ඇමතිවරු ගන්න තීරණ ගැන විශ්වාස කරන්න බැරිය  කියල කතාවකුත් යැයි ඉස්කෝලේ මහත්තයා කීවේය.

මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ කුඩු ගහන ඇමතිලා මන්ත්‍රිලා කීදෙනෙක් හිටියාද? කියා එවිට මුදලාලි ඇසූහ.

මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ කුඩු ගහන මන්ත්‍රීලා ගැන ආරංචියක් නම් නැහැ හැබැයි කුඩු විකුණන මන්ත්‍රිලා හිටියා කියලා නම් කතාවක් තිබුණා යැයි එවිට ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඇයි ඉස්කෝලේ මහත්තයාට මතක නැද්ද ඒ දවස්වල නඩු කාරක්ගෙන්  සල්ලි ගත්තාය කියන අගමැති පුතෙක් ගැන කතාවක් තිබුනේ යැයි මුදලාලි කිවේය .

ඇයි මුදලාලි කුඩුවෙන්නම ගහන ආරක්ෂක ලේකම් කෙනෙකුත් ආණ්ඩුවේ හිටියා . රතුපස්සවල, කටුනායක එහෙම කුඩුවෙන්න ගහපු ගැහිල්ලමුදලාලිට  මතක නැද්ද කියා එවිට  ඉස්කෝල මහත්තයා ඇසුවේය.

ඇත්තට ම කියනවා නම් ඉස්කෝලෙ මහත්තයෝ රටටම ඕවා අමතකයි වගේ පෙනෙන්නේ . නැත්තම් බය ගෝතා මම  සූදානම් කියද්දී සමහරු හුරේ දමයි ද  මුදලාලි කිවේය .

හැබැයි මුදලාලි මට දැන් හිතෙනවා සාටක රජාගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ම කුඩු ගහන අයද කියලත් යැයි ඉස්කෝලේ මහත්තයා කිවේය .

අර මොකෝ ඉස්කෝලේ මහත්තයට ඒවගේ දෙයක් හිතුනේ කියා මුදලාලි ඇසුවේය .

ජේ .ආර් ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපතිගේ ධුරකාලය වසර දෙකකට සිමා කරලා තිබුනේ අසීමිත බලයක් වැඩි කාලයක් තිස්සේ එකම පුද්ගලයෙක් භාවිතා කරද්දී දුෂණ වැඩිවෙන නිසා කියලා මුදලාලි දන්නවාද  යැයි ඉස්කෝලේ මහත්තය ඇසුවේය .

අනේ මහත්තයෝ ඇත්තම කියනවා නම් මට ඕවා ගැන එච්චර දැනීමක් නැහැ . මම දන්නේ ලෙහෙන්නේ නැතිව ගොට්ට ගහන්නයි . ඉලක්කම් දෙකතුනක් එකතු කරන්නයි විතරයි . කියා මුදලාලි කිවේය .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ අටවැනි සංශෝධනේ ගැන මුදලාලි දන්නවද ? ඉස්කෝලේ මහත්තයා ඇසුවේය .

දන්නවා නේන්නම් දැන් මෛත්‍රී මහත්තයා අනම් මනම් කීවට අපි එයාට ඡන්දේ දුන්නෙත් දහ අට වෙනස් කරන්න ඕනි නිසානේ යැයි මුදලාලි කිවේය .

සාටක රජා දහ අට වෙනි සංශෝධනය ගෙනාවේ මොකද කියලා මුදලාලි දන්නවද ? කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය .

මම මොකද නොදන්නේ එයා දහඅට ගෙනාවේ මරණ මොහොත වෙනතුරු ජනාධිපති කමේ ඉදලා අන්තිමට කොරියාවේ ක්‍රමයට පුතාට රජකම දීලා අයින් වෙන්න යැයි මුදලාලි කිවේය .

දහඅට ගෙනෙද්දී පාර්ලිමේන්තුවේ කීදෙනෙක් එකට පක්ෂව අත ඉස්සුවාද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය .

ආයේ මොකක්ද මහත්තයෝ තුනෙන් දෙකක්ම අත උස්සපු එක ගැන කණගාටු වෙනවා කියලත් සමහරු කියලා තිබුනේ . දැන් ව්‍යවස්ථා සභාවට බැන බැන ඇවිදින මෛත්‍රී මහත්තයාට විජේදාස මහත්තයායි දෙන්නටත් ඕකට අත ඉස්සුවාද කොහෙද කියා මුදලාලි කිවේය .

දහඅට සම්මමත වෙලා සාටක රජ්ජුරුවන්ට හිතෙන තරම් කාලයක් ජනාධිපති ධුරයේ ඉන්නට ලැබෙන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවීනයන්ට පොට්ට චාන්ස් එකකින්වත් ජනාධිපති වෙන්න තිබුණු අවස්ථාව නැති වුනා කියලා මුදලාලිට හිතෙන්නේ නැද්ද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය .

මොකෝ මහත්තයෝ හිතෙන්නේ නැද්ද පොදු අපේක්ෂක කම ලැබුනේ නැත්නම් මෛත්‍රී මහත්තයාත් තාම සෞඛ්‍ය ඇමති දහඅට තිබුනා නම් නිමල් සිරිපාලට ,ඩබ්ලිව් ඩි ජේ ලට ජනාධිපති අපේක්ෂක කමක් හිනේකින්වත්ද කින්නට ලැබෙන්නේ නැහැ යැයි මුදලාලි කිවේය .

මට නම් හිතෙන්නේ එච්චර බරපතල තමන්ටත් නරක රටටත් නරක ව්‍යවස්ථා සංශෝධනයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලැබුනා . මන්ත්‍රිලාගෙන්තුනෙන් දෙකක් කුඩු ගහල හිටපු නිසා කියලයි කියා ඉස්කෝල මහත්තයා කිවේය .

ඇත්ත වෙන්න පුළුවන් ශිරාණි බණ්ඩාරනායක නෝනගේ ප්‍රශ්නේ වෙලාවේත් පාර්ලිමේන්තුව හැසිරුනේ පියවි සිහියෙන් නෙවෙයි කියලා දැන් මටත් හිතෙනවා කියා මුදලාලි ද කිවේය .

ඒ විතරක්ද මුදලාලි තාජුදින් මැරෙද්දි ලසන්ත මහත්තයා මරද්දී හොද සිහිකල්පනාවක් තියෙන කෙනෙකුට පාර්ලිමේන්තුවේ ඉන්න පුලුවන්ද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය .

ඇත්තටම ඉස්කෝලේ මහත්තයෝ හම්බන්තොට වරාය , මත්තල ගුවන්තොටුපල ,මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය , හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව එහෙමත් කුඩු ගහලා ඉද්දි ගත්තු තීරණ වෙන්න පුළුවන් යැයි මුදලාලි කිවේය .

මුදලාලි වැඩියෙන්ම කැමති මදුෂ්ට ඩුබායි වලදී දඩුවම් කරනවටද ? ලංකාවට එවනවද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය .

මම කැමති මධුෂ් ලංකාවට එනවට මුදලාලි කිවේය .

මෙහෙදී නඩු අහලා ජනාධිපති තුමාගේ නිතිය අනුව පෝරකයට යවන්න පුළුවන් නිසාද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය .

මධුෂ් වගේ කෙනෙක් එල්ලුම්ගස් යනවට මම කැමති නැහැ .මුදලාලි කිවේය .

ජිවිතාන්තය දක්වා හිරේ දානවටද කැමති කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය .

අපොයි නැහැ . එයා පාර්ලිමේන්තුවට යවන්න ඕනි කියා මුදලාලි කිවේය .

අහවල් දේටද මධුෂ් පාර්ලිමේන්තු යවන්නේ කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය .

පාර්ලිමේන්තුවට කුඩු සම්පාදන අමාත්‍යංශය බාර දෙන්න කියා මුදලාලි කිවේය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *