කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමති රුවන් විජයවර්ධන රජයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් මුල් පුටු රැසක වෙනසක්

මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ඉවත්කොට ඇත . ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පත් කර තිබේ.

ඒ අනුව ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද සිකුරාදා සන්ධ්‍යා කාලයේ දිවුරුම් දෙන ලදී. එසේම ඉතිරිවූ මුදල් අමාත්‍ය ධූරයේ පමණක් මංගල සමරවීර මහතා යළි දිවුරුම් දීඇති බවද වාර්තාවේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මත මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග දන්වා තිබීමද විශේෂත්වයකි.

රජයේ ජනමාධ්‍ය ආයතන කිහිපයකම මුල් පුටු වෙනසක් සිදු වනු ඇති බව අද සන්ධ්‍යා භාගගයේ දී මාධ්‍ය ක්ෂේත්‍රෙය් කතාබහක් ඇතිවිය.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *