නාන්නේ නැතිව ඉන්නයි අගමැතිගෙන් ඇමතිවරුන්ට අවවාද
අගමැතිවරයා සභානායක ඇතුළු ආණ්ඩු පක්ෂ කණ්ඩායම මේ සතියේ දැඩි අවධානයක් දැක්වූයේ ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයට එකඟව යලිත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමටය. ඊට අදාළ යෝජනාව සභානායක කිරිඇල්ල විසින් පසුගිය සති අන්තයේදී පාර්ලිමේන්තු මහා ලේකම්වරයා අතට පත්කළේය. බදාදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගද අහෝසි කොට ජාතික ආණ්ඩු යෝජනාව බ්‍රහස්පතින්දා සභාගත කොට ඡන්ද විමසීමකින් අනුමත කරගත යුතු බව සභානායක කිරිඇල්ල කීවේ සෙසු පක්ෂ නායකයින්ගේ විරෝධතා මධ්‍යයේය. එහෙත් කිරිඇල්ල එහිදී ජයගෙන බ්‍රහස්පතින්දා අදාල යෝජනාව ගැන විවාද කොට ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම් කෙරින. ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාට එදින පාර්ලිමේන්තුව අනිවාර්ය වූයේද එවැනි පසුබිමකය.
අගමැතිවරයා බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට පැමිණියේ ඊට අදාළ අවසන් විධිවිධාන ගැන කතාකිරීමටය.
“අපි හදන ආණ්ඩුවට ජාතික ආණ්ඩුවය කියල කියනවට වඩා ශක්තිමත් ආණ්ඩුවක් යැයි හැදින්වීම වඩාත් නිවැරැදියි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවලා යෝජනාව සම්මත කරනවාට ඇතැම් පක්ෂ විරුද්ධ නම් අපි ස්ථාවර නියෝග අත්හිටවන්නේ නැතුව දින 5ක් කල් දීලා සාමාන්‍ය ක්‍රමයට මේ යෝජනාව සම්මත කරමු” අගමැතිවරයා යෝජනා කළේය.
“මේ යෝජනාව සම්මත වෙන්න 113ක් ඕන නේද. ටී.එන්.ඒ. එකත් මෙතෙන්දි ටිකක් අදින හැඩයි. එයාලගෙ ශක්තිය අඩුවේවි කියල එයාලට පොඩි බයකුත් ඇති” මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.
“මේ යෝජනාව සම්මත වෙන්න 113ක් ඕන නෑ. ඒ අවස්ථාවෙ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරය තිබුණාම ඇති. ජනාධිපතිත් කියන්නෙ හැමදේම දීර්ඝ ක්‍රමයට කරන්න කියලනෙ. ඒ නිසා අපි ඒ ක්‍රමයට ලඟදීම මේ යෝජනාව සම්මත කරගනිමු.” ලක්ෂ්මන් කිරිඇල්ල විස්තර කළේය.
“ජාතික දින උත්සවයේදී හා බදාදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා කරපු කතා ගැන මිනිස්සු විවිධ මත දරනවා. පෙබරවාරි 04දා විදේශ රාජ්‍ය නායකයෙක් වගේම තනාපතිවරු හා විදෙස් ජනමාධ්‍යත් ලඟ තියාගෙන පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගැහීමයි ජාතික ආණ්ඩුයි ගැන රටේ අභ්‍යන්තර ප්‍රශ්න කතාකිරීම පුදුම බවයි හුඟදෙනෙක් කියන්නෙ. මහින්ද රාජපක්ෂ මහත්තයටත් ගැහුවා. කතාවෙදි එයාගෙන් අවසර ගත්තෙත් නෑ. ජනාධිපතිතුමා මහින්ද මහත්තයට ගෝල්ෆේස් එකේදි පාර්ලිමේන්තුවටත් වඩා සැර මිරිස්කුඩු ප්‍රහාරයකුයි දුන්නේ” හේෂා විතානගේ කීවේ සිනාමැදය.
“බදාදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කතානායකට අගමැති හා විපක්ෂ නායකට ආපහු දොස් කිව්වා. මේකෙ කෙළවරක් නෑ. ජනාධිපති යටතේ තියන අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්මත කරලා ජනපති වැය ශීර්ෂය අනුමත නොකර හිටියොත් මොකද වෙන්නෙ කියන මතය ආණ්ඩුවේ මැති ඇමතිවරු අතර සීඝ්රයෙන් වර්ධනය වීම එච්චර හොඳ දෙයක් නොවෙයි.” එජාප නීති නිළධාරියෙක් කීවේය.
“නොයෙක් දෙනාට විවිධ අදහස් ඇති.ගැටුම් ඇතිකරන්න ඕන කෙනෙකුට ලේසියි. අපි කරන්න ඕන ගැටුම් සංසිධවලා රාජ්‍ය තාන්ත්රිකවයි. ඒ නිසා ජනාධිපතිතුමාගෙ වැය ශීර්ෂය කැපීම ගැන කතාකළයුතු නෑ. හැබැයි සියල්ල අවුල් නොකිරීමේ ස්ථාවරයකට ජනාධිපතිතුමා ඉක්මනින් පැමිණීමත් අත්‍යවශ්‍යයි. අවුල් හදන්න කාටවත් අයිතියක් නෑ.” අගමැති මෙන්ම සභානායක කිරිඇල්ලගේද මතය එය විය.
“රට බංකොලොත් වෙන්නයි යන්නෙ කියල රවී ඇමතිතුමා කියපු කතාව ඔක්සිජන් නැතුව හිටපු විපක්ෂෙට ලොකු චාන්ස් එකක් වෙලා.” රංජිත් අලුවිහාරෙ කීවේ අගමැති දෙස බලාය.
“රවී ඕක කිව්වෙ ඔක්තෝබර් 26 ඉදලා දින 52 ගැන වෙන්න ඕන. මොකද ඒ කාලෙ ඩොලර් බිලියනයකට වඩා අපේ විදේශ සංචිත ඒ හොර ආණ්ඩුව දියකර හැරියා. ඒත් දැන් ඒ අඩුපාඩු නිවැරදි වෙලා ආර්ථිකය ඉක්මනින් හරි පාරට ආවා” අගමැතිවරයා පිලිතුරු දුන්නේය.
“රේගු අධ්‍යක්ෂක ජනරාල් මාරුකරන්න ගිහින් නැති ගැටලුවක් ඇතිකර ගත්තා. ගිය ආණ්ඩුව හිටියනම් ප්රශ්නය විසදෙන්නෙ ඒ වෘත්තීය සමිතිවල අයගෙ ගෙවල් වලට සුදුවෑන් ගිහිල්ලයි. ඒත් කාගෙත් මතයට ඉඩදීල ප්‍රජාතන්ත්‍රවාදීව රිවස් එකට ගිහින් ප්රශ්නය බේරාගැනීම මේ ආණ්ඩුවේ හොඳ ලක්ෂණයක්.” නවීන් දිසානායක කීවේ එවැන්නකි.
“හොඳටම නාල ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න විසඳනවට වඩා හොඳයිනෙ නාන්නෙ නැතුව හිටියනම්” අගමැතිවරයා කීවේ දැඩි සිනහවක්ද සමගිනි.
“ජනාධිපතිතුමා මතට තිත තියන්න කරන උත්සාහය වැදගත්. ඒත් මත්පැන් බෝතල් කෝටි 22ක් මේ රටේ මිනිස්සු ගිය අවුරුද්දෙ බීල. හැබැයි කුඩු අල්ලන එකනම් ලොකුම දෙයක්” චමින්ද විජේසිරි කීවේය.
“රුපියල අවප්‍රමාණ වීම අතින් අල්ලල නවත්තන්න පුළුවන්දැයි හොර ආණ්ඩුව කාලෙ බන්දුල ගුණවර්ධන ඇහුවා. ඒත් දැන් රුපියල සීඝ්රයෙන් ශක්තිමත් වීම මේ ආණ්ඩුව කළේ අතින් අල්ලලා නෙවෙයි නිසි ආර්ථික උපාය මාර්ග හරහා රටේ ආර්ථිකය ස්ථාවර කිරීම තුලයි” නවීන් දිසානායක කී දේට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.
“අර කුඩු මුදලාලි හා පාතාලයා ඩුබායි වලදී අල්ලපු එක ලොකු ජයක්. එයාල ලංකාවට ගේනවද ඩුබායි වලම නඩු අහනවද” හේෂා විතානගේ ඇසුවේ අගමැතිගෙනි.
“ඔය මිනිහ අල්ලන්න අපි 2017 ඉදල දැල එළලා මොනිටර් කළා. කවුරුවත් දැනන් හිටියෙ නෑ. වැඩපිළිවෙළ ලීක් වුණෙත් නෑ. අල්ලල කුදලාගෙන ලංකාවට ගේන්නයි ප්ලෑන් කරල තිබුණෙ. නමුත් ඔවුන් ඩුබායි වලදී අතඩංගුවට ගත්තු ප්‍රවෘත්තිය කොහෙන්හරි ලීක් වුණු නිසා වැඩේ ටිකක් අවුල් වුණා.” අගමැතිවරයා විස්තර කළේය.
“මේ කට්ටිය අල්ලපු ප්‍රවෘත්තිය මුලින්ම ඇවිත් තියෙන්නෙ පොලිස් මුලස්ථානෙට හා ඉහල රාජ්‍යතාන්ත්‍රික තැනකටයි. පොලීසිය සහතික වෙනවා නිව්ස් එක එයාලගෙන් පිටවුණේ නෑ කියල. එහෙනම් කොහෙන්ද මේක පිටවුණේ. සමහරු තමන්ට ලකුණු දාගන්න මේක ලීක් කළා කියලත් මතයක් යනවා” එජාප නීති නිලධාරියෙක් එළිකලේය.
“සාගලල රංජිත් මද්දුමබණ්ඩාරලගෙ කාලෙ වැදගත් ප්රවෘත්ති ලීක් වුණේ නෑ. අනික අගමැතිතුමා නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට ස්තුති කිරීමත් ඉතා වටිනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“කුඩු අල්ලන එකත් අද හොදින් කෙරෙනවා. 2017දියි අපි ඒකත් පටන්ගත්තේ. ගිය ආණ්ඩු කාලෙ එයාලට විරුද්ධ කුඩු මුදලාලිලගෙ කුඩු විතරයි ඇල්ලුවේ. ඒ ආණ්ඩුවට සම්බන්ධ කුඩු මුදලාලිලට ආරක්ෂාව දීල බිස්නස් එකේ ලාභ බෙදාගත්තා කියලත් කියනවා. මතකනේ ඒ කාලෙ වහාම හෙලිකොප්ටරෙන් මීගමු ගිහින් කුඩු මුදලාලි කෙනෙක් බේරගත්ත හැටි” රංජිත් අලුවිහාරේ කීවේ සිනා මැදය.
